Home » ආචාර්ය ධර්මසේන පතිරාජයන් වෙනුවෙන් පදනමක්

ආචාර්ය ධර්මසේන පතිරාජයන් වෙනුවෙන් පදනමක්

by mavan
November 6, 2025 8:18 am 0 comment

ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂ නැසීගිය ආචාර්ය ධර්මසේන පතිරාජ‍යන් වෙනුවෙන් පිහිටුවා ගන්නා ලද “ධර්මසේන පතිරාජ” පදනමෙහි ආරම්භක සැසිය නොවැම්බර් 02 දා කොළඹ 07, ඔරියන්ට් ක්ලබ් හිදී නිල වශයෙන් පැවැත්විණි.
ආචාර්ය ධර්මසේන පතිරාජ නිර්මාණය කළ සිනමා සහ ටෙලි නාට්‍ය, ශාස්ත්‍රීය නිර්මාණ කෘති සංරක්ෂකණය, සමාජගත කිරීම සහ ඔහු පිළිබඳ පොදු ජන කතිකාවක් ඇති කිරීම මෙම පදනමෙහි මූලික අරමුණ වේ.
මෙම ආරම්භක සැසියේදී බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, චිත්‍රපට සංස්ථාවේ සභාපති සුදත් මහදිවුල්වැව, ආචාර්ය මිලින්ද පතිරාජ, අහස් ගව්ව නිෂ්පාදක මිත්‍රරත්න හේරත්, එරික් ඉලයප්ආරච්චි, රංගන ශිල්පී ලක්ෂ්මන් මෙන්ඩිස්, සිනමා අධ්‍යක්ෂ මාලක දේවප්‍රිය සහ අන්නා පූරණා ජයසිරි ආචාර්ය ධර්මසේන පතිරාජයන්ගේ පිළිබඳ අතීත මතක සහ අදහස් ඉදිරිපත් කළහ.
මෙම අවස්ථාව සඳහා ආචාර්ය ධර්මසේන පතිරජයන්ගේ සිනමා දිවියේ සමීපතමයන්, හිතවතුන් සහභාගි වී සිටියහ.
පසුගිය දශක ගණනාවක සිට විවිධ වැඩසටහන්, සම්මන්ත්‍රණ සිනමා දර්ශන නොනිල වශයෙන් සංවිධානය කළ මෙම පදනම නොවැම්බර් 02 සිට් ලියාපදිංචි සංවිධානයක් ලෙස සමාජය වෙත සක්‍රීය වනු ඇත.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT