Home » Bonto single චිත්‍ර තරඟය මෙවරත්

Bonto single චිත්‍ර තරඟය මෙවරත්

by mavan
January 8, 2026 10:57 am 0 comment

ශශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ලෝක ළමා දිනයට සමගාමීව වාර්ෂිකව පවත්වනු ලබන දිවයින පුරා විසිරී සිටින පළමු ශ්‍රේණියේ සිට 13 වසර දක්වා ඉගෙනුම ලබන දරුවන් වෙනුවෙන් Bonto single බැබලෙන්නට උපන් තේමාව යටතේ චිත්‍ර තරගය මෙවරත් පැවැත්විණ. මේ සඳහා දිවයින පුරා විසිරී සිටින අදහස් සංඛ්‍යාත ළමයි අතරින් විශාල චිත්‍ර ප්‍රමාණයක් මේ තරඟාවලිය සඳහා ඉදිරිපත් කෙරිණ. කොළඹ ජාත්‍යන්තර පාසලේ චිත්‍රාචාරිනී අරුණි විජේවර්ධන විනිශ්චය යටතේ තෝරා ගත් ජයග්‍රාහි ළමුන් පනස් දෙනකු සඳහා පසුගිය දින කොළඹ වෛද්‍ය සංගම් ශ්‍රවණාගාරයේදී සහතික පත්‍ර සහ ත්‍යාග ප්‍රදානය සිදුකෙරිණ.

මෙවර චිත්‍ර තරඟය වෛද්‍ය සංගමයේ අතිරේක ලේකම් ලෙස කටයුතු කරනු ලබන ළමා රෝග විශේෂඥ මහාචාර්ය රුවන්ති පෙරේරා අධීක්ෂණය යටතේ සිදු කෙරිණ. එදින විශේෂ ආරාධිත අමුත්තන් ලෙස ළමා මානසික විශේෂඥ වෛද්‍ය දර්ශනී හෙට්ටිආරච්චි, ප්‍රකට ගායන ශිල්පී චන්දන ලියනආරච්චි, ගායන ශිල්පී සංගීතවේදී ලෙලුම් රත්නායක, ඉයන් ලියනාආරච්චි, දුලානි රත්නායක ළමා ගායන ශිල්පින්ද එක්වූහ. වෛද්‍ය සභාවේ සාමාජික සාමාජිකාවෝද මේ සඳහා සහභාගී වූහ.

 

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT