නිවස සංවාද AI තාක්ෂණයේ පළමු නිවේදිකාව වීම මට ආඩම්බරයක්

AI තාක්ෂණයේ පළමු නිවේදිකාව වීම මට ආඩම්බරයක්

- නිවේදිකා නිශාදි බණ්ඩාරනායක

by Thanushika
May 23, 2024 12:32 am 0 comment

ශී‍්‍ර ලාංකේය මාධ්‍ය ක්ෂේත්‍රය තුළ පසුගිය දින විශේෂ සිදුවිමක් සිදුවිය. ජාතික රුපවාහිනි නාලිකාව සිදුකළ සජිවි ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමත් තුළ දකුණු ආසියාවේ පළමු වැනි කෘත්‍රිම බුද්ධි නිවේදිකාව (AI ) බවට ඇයට පත්වීමට හැකියාව ලැබිණි. මාධ්‍ය ක්ෂේත්‍රය තුළ අන්තර්ජාතික මට්ටමින් සම්මානනිය, නිෂ්පාදිකාවක්, නිවේදිකාවක් බවට පත්වන ඇය ජාතික රූපවාහිනියට සම්පතකි. පුරා වසර 24 ක් මාධ්‍ය ක්ෂේත්‍රය තුළ කළ කැපකිරීම මත ඇයටම ආවේණික වූ හඬ පෞරුෂයකින් හෙබි ඕනෑම අභියෝගයක් බාර ගැනීමටද දෙපාරක් නොසිතා ඒ අභියෝගය බරගත් ඇය නමින් නිශාදී බණ්ඩාරනායකයි. කෘත්‍රිම බුද්ධි නිවේදිකාව විම ගැන සරසවිය සමඟ කළ කතාබහයි මේ..

රූපවාහිනියේ විශේෂ නිවේදිකාවක් වුණා කියන කතාව මොකද්ද?

ඒඪ වුණානේ. පසුගිය 5 වැනිදා ලංකාවේ පළමු වැනි වතවට AI  තාක්ෂණය යොදා ගෙන ජාතික රූපවාහිනිය ප්‍රවෘත්ති ප්‍රකාශය ගෙන ආවා. ඊට යොදාගත් නිවේදිකාවගේ රුව මගේයි. ඒ නිසා ශ්‍රී ලංකාවේ AI  පළමු රූපවාහිනී නිවේදිකාව වීමේ භාග්‍ය මම හිමිකර ගත්තා. ජීවිතේ ගොඩක් බලාපොරොත්තු තියාගෙන ඉන්නකොට මේ වගේ දේවල් ලැබෙනවා කියන්නේ. හරිම අහඹු සිදුවීම්ය. ඒ අත්දැකීමට මට මුහුණ දෙන්නට සිදු වුණේ ඇත්ත වශයෙන්ම මගේ ප්‍රවෘත්ති නිවේදනය ඉදිරිපත් කරන දිනේ එදාට යෙදී තිබුණ නිසයි. එදා මට ප්‍රවෘත්ති නිවේදනය ඉදිරිපත් කරන්නට නොතිබුණා නම් මට ඒ අවස්ථාව ගිලිහි යන්න තිබුණා. ඒත් මම දකින්නේ ඒක මගේ වාසනාවක් බවයි. අපි ක්ෂේත්‍රයට එනකොටයි අදයි අතර බලනකොට හරියට අහසට පොළොව වගේ කියලා දැනෙන්නේ. මේ කාලසීමාව තුළදී අපි වෘත්තිය වෙනුවෙන් ගොඩක් කැපකිරීම් කළා. ඒත් අද තාක්ෂණයත් එක්ක යෝධ පිම්මක් ඉදිරියට ඇවිල්ලා. අද සතුටු වෙන්න පුළුවන් මාධ්‍යකරණයක නියැළෙනවා කියන්න මම කැමති.ඒ සතුට මම හරිම නිහතමානීව භුක්ති විඳීන්නේ.අද අපිට පාරකියා දුන්න සියලු දෙනා වෙනුවෙන් ගෞරව දක්වමින්

කෘත්‍රිම බුද්ධිය පාවිච්චි කරගෙන නිවේදිකාවක් වෙන එක ගැන ඔබ හිතන්නේ මොනවද?

මෙහෙමයි එකේ පැති ගණනාවක් තියෙනවා. එකක් AI . තාක්ෂණය යොදා ගෙන අත්හදා බැලීමක් එදාක⁣ළේ. ලෝකේ දියුණු වෙද්දී තාක්ෂණයත් දියුණු වෙනවා. ලෝකේ නව ප්‍රවණතා අනුව අත් හද බැලීම් මොහොතින් මොහොත සිදුකරනවා. අනික් පැත්තෙන් AI  තාක්ෂණය හැම තැනදීම ප්‍රවෘත්ති සදහා යොදා ගන්න බැරි තැනුත් තියෙනවා. උදහරණ ලෙස.ඕපඥචඬඪදඨ නිව්ස්. ඹ්ඪමඥ භනඤචබඥ. ඒ වගේම තවත් අවස්ථා ගණනාවක් තියෙනවා. සරලව කිව්වොත් මිනිස් ගනුදෙනුව හා තාක්ෂණ ගනුදෙනුව අතර ලොකු වෙනසක් තියෙනවා. හැම දෙකටම පැති දෙකක් තියේන වනේ. මම හිතන්නේ කෘත්‍රිම බුද්ධිය භාවිතා කරලා ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමත් ඒ වගේ. පුළුවන් තැනුත් තියෙනවා සාර්ථක නොවුණු තැනුත් තියෙනවා. ඒ නිසා තාක්ෂණයත් සමඟ කරන පෙරළිවලට තාක්ෂණයටම ඉඩ දෙන්න ඕන. දන්න දේවල් සහ නොදන්න දේවල් තවමත් බොහෝය. තාක්ෂණය ඉදිරියට එනවා නම් කවදා හරි අපිට එය වැලඳ ගන්නට අවස්ථාවක් එයි කියලයි මම හිතන්නේ. එතකන් අපි ස්වාධීනව කටයුතු කළ යුතු යැයි මම හිතන්නේ.

ඔබද දකුණු ආසියාවේ පළවෙනි කෘත්‍රිම බුද්ධි නිවේදිකාව ?

ඔබ කියන විදියට හරි වෙන්න ඕන. ජීවිතේ එක පැත්තකින් මට මේ දවස සතුටක් කියලා කියන්නත් පුළුවන්. කවදා හරි AI  තාක්ෂණය ලොව පුරා ප්‍රචලිත වෙනදාට නිෂාදී බණ්ඩාරනායක යන නමත් කියවෙයි කියලා මම හිතනවා. එහි පූර්ණ ගෞරවය මැණික් දෙවෝල මල්ලිට හිමිවෙන් ඕන කියලා මම හිතනවා. ඔහු ඉගෙන ගත් දේ ප්‍රයෝජනයට ගෙන ඔහුගේ උත්සාහයේ ප්‍රතිඵලයක් තමයි මේ භුක්ති විදින්නට ලැබුණු දිනය. ඒ අතර මගෙත් චමින්දගෙත් නම් දෙකම ලියවුණා. රූපවාහිනී සංස්ථාවේ සටහන්වලත් අපේ නම් ලියවෙයි. ලාංකික මාධ්‍ය ක්ෂේත්‍රයේ කතාබහට ලක්වෙන නම් දෙකක් බවට පත්වුණා කියන එක නිසැකවම කියන්න ඕන.

ප්‍රවෘත්ති නිවේදනයෙන් පසුව සමාජයෙන් ඔබට ලැබුණු ප්‍රතිචාර මොනවද?

අම්මෝ විවිධයි. කට්ටියක් ඇහුවා අපිට ආයිත් නිෂාදිව දකින්න බැරි වෙයිද කියලා. තවත් කට්ටිය ඇහුවා ණධඡ එකෙන් යනවාද කියලා. තවත් අය වැඩේට විරුද්ධත්වය ප්‍රකාශ කළා. මට කරගත්ත හානියක් නෙමෙයිද කියලා ඇහුවා.දරුණුම එක තමයි සමහරු ඇහුවා අපේ රස්සා නැති වේයිද කියලා. කොහොම වුණත් මේක සමාජයේ ලොකු කතා බහට ලක් වුණා කියලා නම් කියන්න ඕන. ඒකෙන් එක දෙයක් කියන්න ඕනේ හැමෝම කියනවා රුපවාහිනිය බලන් නෑ කියලා එත් එදා ප්‍රවෘත්ති බලලා. එකෙන් කියවෙන්නේ රූපවාහිනී ප්‍රවෘත්ති බලනවා කියන එකයි. සමාජ පෙරළියක් එන්නම ඕන අපි ගැන කතා කරන්න. සතුට හා දුක දෙකම මෙතන රඳා පැවතුණා. ඒ සමඟම අපි ඉදිරියෙන් අද ඉන්නවා.

නිශාදි බණ්ඩාරනායක කැමැති කෘතීම බුද්ධිය පාවිච්චි කරලා වැඩ කරන්නද නැත්නම් සාමාන්‍ය විදිහට වැඩ කරන්නද?

මම සාමාන්‍ය කෙනෙක්. නමුත් අභියෝග බාර ගන්න මම හරිම කැමති අභියෝග සමඟ කටයුතු කරනවා කියන්නේ කාටත් තම තමන්ගේ ඉලක්කයක් වෙත යා හැකි බවයි මගේ විශ්වාසය. මගේ වෘත්තීය තුළ විටෙක AI  වෙයි තවත් විටෙක සජීව වෙයි. සාමාන්‍ය ජීවිතය තුළ මම සමාන්‍යයි.රාජකාරි ස්වභාවය තුළ මාධ්‍ය තුළ කටයුතු කිරීමෙදි තින්දු තීරණ නොබියව ගත යුතුයි. ඒ මොහොතේ කළ යුතු දෙය ඒ නිමේෂයම අපිට කරන්න වෙන අවස්ථා එමටයි. මගේ ජිවිතේ මම කැමැති හැමදාම අලුත් දෙවල් සමඟ ගැටී වැඩ කිරිමටයි.

ඔබ හිතන විදිහට ප්‍රවෘත්ති නරඹන්නන් වඩාත් කැමති විශ්වසනීයත්වයෙන් රඳා පවතින ප්‍රවෘත්ති නරඹන්නද නැද්ද?

අපේ රටේ තවම සජීව ඉදිරිපත් කිරීමට විශ්වාසය වැඩියි. නමුත් ලෝකේ දියුණුවත් සමඟ සමහර විට ඒඪ විශ්වාස කරයි. කාලය මෙය තීරණය කරයි. ඒත් තවම හතරෙන් තුනක්ම තියෙන්නේ දවසේ ප්‍රවෘත්ති. ඒ මොනවද, කොහෙද, කොතනක සිදුවීමක්ද කියන දෙය සොයා බලා අවධානය යොමු කිරිම කාලින වශයෙන් සිදුවන දෙයක්. ඒ නිසා කවදාවත් විශ්වසනියත්වයෙන් තොර කිසිදු දෙයකට කිසිවකු කැමති නෑ. AI  තුළ මම හිතන විදිහට එය සියට සියයි.

ඔබ කොපමණ වේලාවක් ප්‍රධාන ප්‍රවෘත්ති මැදිරියේදා රැඳී සිටියද,එහිදී සිදුවුණේ මොකක්?

ප්‍රවෘත්ති ආරම්භයේ සිට අවසානය දක්වාම මම රැඳී හිටියා. සාමාන්‍ය අපි රාත්‍රී 8 සිට ආසන්න තම වෙලාව රාත්‍රි 8.40 වනතුරු සජිව ලෙස ප්‍රවෘත්ති ඉදිරිපත් කරනවා. එදත් එහෙමයි. පළමු ප්‍රවෘත්ති දෙක මමයි චමින්දයි ගෙන ආවා. ඉන් අනතුරුව තිබුණ ප්‍රවෘත්ති අංග 4 AI  නිවේදක නිවේදිකා දෙපළ ගෙන ආවා. ඒඪ නිවේදක දෙපළ ඒ කියන්නේ AI  නීෂදි, AI  චමින්ද අපි දැකලා තිබුණේ නෑ. ඒ වෙලාවේ ඒ දිහා බලා හිටියා මොකක්ද මේ වෙන්නේ කියලා. කවදාවත් කවුරුවත් හිතුවේ නැති දයක් වුණා. නිෂදි, චාමින්ද AI  වුණා. සජීවි මැදිරියක කවදාවත් නොසිතපු දෙයක් වෙන විට අපිට අදහාගන්න බැරි වෙනවානේ. සමහර විට අපි ප්‍රවෘත්ති ඉදිරිපත් කරන විට Breaking News  එකක් කියන්න වුණ අවස්ථාවේ මොකද වෙන්නේ අපිට තත්පර ගානයි තියෙන් ⁣ඒ සිදුවීම ඉදිරිපත් කරන්න ඒවගේ අත්දැකීමක් තමයි අත්විඳින්න සිදුවුණේ. ජීවිතේ හැම තත්පරයක් පාසාම සිදුවන්නේ අපි බලාපොරොත්තු වෙන දෙවල් නොවන්නට පුළුවන් ඒ නිසා අපි ඒ දෙවල්වලට මුහුණ දෙනවා ඇරෙන්නට වෙනත් දෙයක් නෑ.

මාධ්‍ය ක්ෂේත්‍රයට කෘතීම බුද්ධිය යොදාගැනීම කාලෝචිතයි කියලා හිතන්න පුළුවන්ද?

මාධ්‍ය ක්ෂේත්‍රයට විතරක් නෙමෙයි ලෝකේ බොහෝ වෘත්තීන්ට ඒඪ යොදා ගන්නවා. ලෝකේ දියුණුවත් සමඟ දැන් විවිධ ක්ෂේත්‍රයන්වල AI  යොදා ගන්නවා. අපිට කියන්න බෑ මෙය මධ්‍යට විතරක් යොදා ගන්න එපා කියලා. AI  වැදගත් වන්නේ අප එය යොදා ගන්නේ නිවැරැදි දේටද යන්නයි. මොකද මාධ්‍ය කියන්නේ විශ්වාසය වගකීම නිවැරැදි බව අතිශය වැදගත් සාධක.ජනතාවට වග කියන ඉහත කරුණුවලට හානි නොකර තමාගේ මාධ්‍ය කලාව ප්‍රායෝගික කර ගෙන යාමයි වඩා වැදගත්. වාර්තාකරණයට යාමට අපහසු තැන්වලට යාමට ඒය වාර්තාකරණයේ යෙදිම අද බලන විට AI  තාක්ෂණය කාලෝචිත වෙනවා. යුද වාර්තාකරණයේ නියළෙන මාධ්‍යවේදීන්ට හොඳ මෙවලමක් ලෙස AI  තාක්ෂණය වැදගත් වෙයි. ඉදිරි දශකය තුළ ගොඩක් දෙවල් වලට මුහුණ දෙමින් අපිට ගමනක් යන්නවෙයි.

ප්‍රවෘත්ති නිවේදිකාවක්, නිවේදකයෙක්ගේ අනන්‍යතාවය රැඳී තිබෙන්නේ කොතැනද කියලද හිතන්නේ?

ජනතාව තමා ප්‍රවෘත්ති නිවේදිකාවක්, නිවේදකයෙක්ගේ අනන්‍යතාවය තුළ රැඳී සිටින්නේ.අපි ගනුදෙනුකරන ආකාරය විශ්වසනියත්වයෙන් ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීම මේ හැම දෙයකටම බලපානවා. සමාජයට යහපත් හා නිවැරැදි වාර්තාකරණය බලාපොරොත්තු වන බැවින් අපි ඒ සියලු දෙවල් අවබෝධ කරගෙන කටයුතු කිරීම තුළ අප කෙරෙහි විශ්වසනීයත්වයක් ගොඩනැඟෙන්නේ. අපද බලාපොරොත්තු වෙන්නේ එයයි.

මාධ්‍ය ක්ෂේත්‍රයට පිවිසෙන නවකයන්ට නව තාක්ෂණයත් සමඟ ගනුදෙනු කිරීමේදී මොනාවද දෙන උපදෙස්?

දැන් කාලේ ළමයි කොහොමත් දක්ෂයි. ඔවුන් තාක්ෂණය අතින් ගොඩක් ඉදිරියෙන් ඉන්නේ. ඔවුන් මේ තාක්ෂණය භාවිතා කරලා අලුත් දේවල් කරයි කියන්න තියෙන්නේ. තමන් මොකක්ද කරන්නේ කියලා හරි අවබෝධයකින් කරන සියලු දෙවල් කරන්නේ. එසේ නොවුණොත් වුණොත් වරදින්න තියන ඉඩ කඩ වැඩි. ඒ නිසා ඉතා කල්පනාවෙන් තමන් කරන දේ පිළිබද අවබෝධයෙන්. නිවැරැදි දේ කරන්න වෙනවා නව පරම්පරාවට. නිවැරැදි දෙ කරන්න කිසි විට බය වෙන්න එපා කියන එක කියන්න ඕන. තමන් යමක් කරන විට දෙපාරක් හිතා වැඩ කළ යුතුයි. තමන් කිසිවකට ඉක්මන් වෙන්න එපා. තමාට හානි කර ගන්න එපා කිසි විට වග කීමෙන් මිදෙන්න එපා. ක්ෂේත්‍රය පිළිබඳ හොඳ අවබෝධයකින් න්‍යායාත්මක හා ප්‍රයෝගික අත්දැකිම්වලින් සන්නද්ධ විය යුතුයි. තව කෙනකුමත යැපීමට බලාපොරොත්තු නොවිම ඉතාම වැදගත්. තමන්ට කියලා අනන්‍යතාවයක් ගොඩනඟා ගත යුතුයි. එහෙම වුණොත් හොද ගමනක් ක්ෂේත්‍රය තුළ යන්න පුළුවන් වෙනවා.

සජීවී ඉදිරිපත් කිරීමක් හා පටිගත කර ඉදිරිපත් කිරීමක් තුළ ප්‍රවෘත්තිවල විශ්වසනීයත්වයක් තියෙනවා කියලා හිතනවද?

ප්‍රවෘත්ති සජීවි ලෙසයි ගෙන එන්නේ. එහි ජීව ගුණය රැඳී ඇත්තේ සජීවි ප්‍රවෘත්ති ප්‍රකාශයන් තුළයි.

විශ්වසනීයත්වය රැකෙන්නේ එහි අන්තර්ගත තොරතුරු වල පවතින නිවැරැදි බව තුළ.විශ්වසනීය ප්‍රවෘත්තියක් දැනගන්නට හැකියාවක් තියෙනවා නම්, ප්‍රධාන ප්‍රවෘත්ති මැදිරියේදී ඉදිරිපත් කරන අයුරින් දැනගන්නට හැකියාවද පවතිනවා. අප වැනි ප්‍රධාන පෙළේ රූපවාහිනී මාධ්‍ය නාලිකා ඇරෙන්න. බොහෝ නාලිකා පටිගත කර ප්‍රවෘත්ති ඉදිරිපත් කරන අයුරු දැකගන්නට හැකියාවද තිබෙනවා.ප්‍රායෝගික හා න්‍යායාත්මක අවබෝධය තියෙන පිරිසක් ප්‍රවෘත්ති වාර්තාකරණය හා ඉදිරිපත් කිරීමට අත්‍යවශ්‍ය පිරිසක් බවට පත්වෙනවා. යම් යම් සිදුවිම් පටිගතකර ඉදිරිපත් කරන් වෙන අවස්ථා ඇරුණාම සජීවිකරණය තමා ලෝකේ හැම ⁣ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමකම තියෙන්නේ.

මෙයට මුල පිරුවත් සිංහල භාෂාව පිළිබඳව ගැටලු රාශියකට මූණ දුන්නා නේද?

මේ තාක්ෂණය තුළ අපේ රට හෝ රටේ ප්‍රධාන භාෂාව නැහැ. අපි දෙකම සාර්ථකව දිනුවා. මෙතෙක් මේ සඳහා ලෝකය භාවිතා කළේ ඇවට කියන තාක්ෂණය. හැබැයි අපි සජීවි රූපවලට සමානවම රූප යොදාගෙන අපටම ආවේනිකව ප්‍රවෘත්ති ඉදිරිපත් කළා. මේදේ සිද්ධ කළේ ඇත්තටම කීවොත් ලෝකෙම පළමු වතාව කිවොත් නිවැරැදියි. භාෂාවේ ගැටලු මතු උණත් අපි සජීවිකරණයට හෝ විශ්වසනීයත්වයට කිසිම හානියක් කළේ නෑ.

ඒ නිසා නොබියව මේ පුවත් සඳහා දවසේ වැදගත්ම, වැඩිම අවධානයක් සහිත පුවත් භාවිතා කළා. නිෂ්පාදකවරයා ලෙස මැණික් දිවෝල කල කාර්යභරය කියලා නිමකරන්න බෑ. යම් ආකාරයකින් අපි මේක නොදැන කළා නම් සමහරවිට අපි හැමෝගේම අවසන් රාජකාරිය වෙන්න තිබුණා. නමුත් අපි එකිනෙකා දැඩි ලෙස විශ්වාස කළා. ඒ නිසා මේ කාර්ය සාර්ථක වුණා. අපි රටට සහ සහෝදර ආයතනවලට තාක්ෂණය සාර්ථකව හා නිවැරැදිව භාවිතා කරන විදිහ හඳුන්වා දුන්නා. ඒවා ඉදිරියට යනවද නැද්ද කියන එක බලධාරින්ට භාරයි.

සජීවි සහා ජෙනරෙට් කියන නැතිනම් AI  කියන දෙපලේම හිටියේ ඔබ කියන මැදිරිය තුළද?

විශ්වාසය දිනාගත් චමින්දයි මායි මැදිරියේ තමා හිටියේ. ඒකයි මෙතන තිබෙන විශ්වසණියත්වය. අපේ භාෂාවේ විවිධ වචන තිබුණත් ගැළපෙන්නැති ප්‍රශ්න එතනදි මතුවුණා.

මෙයට රෙකෝඩින් කියන වචනය ගැළපෙන් නෑ. මොකද AI තාක්ෂණයේ තියෙන්නේ වෙනත් තාක්ෂණික කාරණාවක් නිසා.

කාලෝචිත වෙන්නෑ. අද අපි ලෝකය හඳුන්වන්නේ (Globalitization) කියලා නැතිනම් විශ්ව ගම්මානයක් කියලා මුළු ලෝකයම. ඉතිං අපි විතරක් කොහොමද එකෙන් මිදෙන්නේ.

දකුණු ආසියාවෙ නෙමෙයි. ලෝකයේම ප්‍රධාන පුවත් නිවේදිකාවක් Immige chat GPT  කියන තාක්ෂණයට ලක්කල පළමු අවස්ථාව මේකයි.

කෘත්‍රිම බුද්ධියත් සමඟ ගනුදෙනු කළ ඔබේ ඉදිරි ගමන කොයි ආකාරයෙන් විසඳෙයි ද?

කිසිදු ගැටලුවක් නෑ. අපි මේ හැම දේම දාලා යන මිනිස්සු හිස් අතින් ආ අපි හිස් අතින් යන්නේ. වඩා වැදගත් දෙ මේ කාලය තුළ අපි මොනවද කරන්නේ කියන එකයි. මගේ ප්‍රවෘත්ති නිවේදන කලාවට. මේ අවුරුද්ද අවුරුදු 24 වසරක් ගෙවි යන්නේ. ගුවන් විදුලියෙන් පටන් ගත්තු ගමන.දැන් අවුරුදු 24 ප්‍රවෘත්ති නිවේදිකාව ලෙස කට යුතු කළා. මේ කාලය ගොඩක් දුෂ්කරතා මැද ආ ගමනක්. මඩ ගොහොරු, කටු පැඳුරුවලත් මල් පිපෙනවා. දිගු ගමනක් හිමින් හීමින් අවා. ගොඩක් දේ මේ තුළින් ලැබුණා. ඇගැයීම් වගේම ගැටලුසහගත තැන් ශක්තිමත්ව මුහුණ දුන්නා. ඒ ගමනේ සතුට නිරාමිසව මම අද භුක්ති විදිනවා. හරිම සතුටුයි. ඉදිරියේදීත් ජනතාව වෙනුවෙන්, ඔබ වෙනුවෙන් ප්‍රවෘත්ති ඉදිරි පත් කරයි. ඒ කවදා වෙනකම්ද දන්නේ නෑ. මටත් මින් ඉවත් වෙන්න කාලය අවම මමද ඉවත් වෙනවා. නමුත් AI  නිශාදි බණ්ඩාරනායකගේ ඉවත් සමඟ රැඳෙයි. කාලය හා තාක්ෂණය ඒ වෙනස කරයි. හැමදාමත් මා ගොඩනඟපු මගේ මව පියා ඇතුළු උදව්කළ සියලු දෙනා ඇතුළු මාධ්‍යට මම ගරු කරනවා.

 

[email protected]

නිශ්ශංක විජේරත්න

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT