හොලිවුඩය ලෝකයේ තියෙන බොලිවඩ්, කොලිවුඩ්, චීන, ජපන් සිනමා කර්මාන්ත අතරින් වසරකට බිලියන ගණනින් ආදායමි උපයන දැවැන්ත සිනමා කර්මාන්තයක් වගේම අංක එකේ සිනමා කර්මාන්තයක් බව කියන්න අමුතුවෙන් අවශ්‍ය නැහැ. ගෙවී ගිය 2025 වසරට අදාළව හොලිවුඩය, චීන සිනමාව, ජපන් සිනමාව තුළ තිරගත වූ සමහර චිත්‍රපට අසාර්ථක වෙද්දී ඒ අතර අති සාර්ථක චිත්‍රපට ද වෙනවා. සාපේක්ෂව 2024 වසරට අදාළව 2025 වසර බොක්ස් ඔෆිස් ආදායම වැඩි වූ වසරක් ලෙස හඳුන්වන්නට හැකිය. ගිය වසරේ තිරගත වූ ‘ඉන්සයිඩ් අවුට් 2’, ‘ඩෙඩ්පුල් ඇන්ඩ් වුල්වරීන්’, ‘මොනා 2’ චිත්‍රපට ත්‍රිත්වය පමණක් මුළු එකතුව බිලියන හතරක් වැනි දැවැන්ත ආදායමක් ලබා ගැනීමට සමත් වීමයි. පෙර වර්ෂවල මෙන් 2025 වර්ෂයේද වැඩිම ආදායමක් අත්පත් කරගත්තේ ඇනිමේෂන් චිත්‍රරපට වීම විශේෂත්වයකි. මෙම ලිපිය හරහා දිගහැරෙන්නේ නිමාව දකින 2025 වසරට අදාළව ලෝක සිනමාවේ වැඩිම ආදායමක් ඉපැයු චිත්‍රපට දහය පිළිබඳවයි.
1.Ne Zha 2
මෙි වසරේ ලොව වැඩිම ආදායමක් ඉපැයු චිත්‍රපටය වන්නේ ‘Ne Zha 2’ ඇනිමේෂන් චීන චිත්‍රපටයයි. ඇමරිකානු ඩොලර් මිලියන 80ක් වියදම් කර තැනූ මෙම චිත්‍රපටය ලොව පුරා තිරගත කිරීමෙන් ලැබූ ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 2.216කි. චීන මිථ්‍යා චරිතයක් වන Ao Bing සහ ඔහුගේ මිතුරා Ne Zha වටා දිවෙන ක්‍රියාදාම මාලාවක් ‘Ne Zha 2’ අන්තර්ගත වේ. ඉංග්‍රීසි නොවන වැඩිමි ආදායමක් ලැබූ චිත්‍රපටය ලෙස ද ‘Ne Zha 2’ වාර්තා පොත් අතරට එක් වන අතර එතෙක් මෙතෙක් ඉතිහාසය තුළ වැඩිම ආදායමක් ලැබූ ඇනිමේෂන් චිත්‍රපටයද වෙයි.
2.Zootopia 2
ලොව ජනප්‍රියතම ඇනිමේෂන් චිත්‍රපටයක් වන Zootopia චිත්‍රපටයේ දෙවන කොටස වන ‘Zootopia 2’ චිත්‍රපටය වැඩිම ආදායමක් ලැබූ දෙවන චිත්‍රපටය වෙයි. සූටොපියා නමි සතුන් පමණක් ජීවත්වන ලෝකයක් පිළිබඳ ගෙතුණ මෙම චිත්‍රපටය ඇමරිකානු ඩොලර් මිලියන 150ක නිෂ්පාදන වියදමකින් තැනුණු අතර ලොව පුරා තිරගත කිරීමෙන් ලැබූ මුළු ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 1.300කි. චිත්‍රපට නිෂ්පාදනය කළේ ‘වෝල්ට් ඩිස්නි’ සමාගම විසිනි.
3.Lilo & Stitch
වැඩිම ආදායමක් ලැබු තුන්වන චිත්‍රපටය වන්නේ ‘Lilo & Stitch’ ඇනිමේෂන් චිත්‍රපටයයි. ඇමරිකානු ඩොලර් මිලියන 100ක පිරිවැයකින් නිර්මාණය වූ ‘Lilo & Stitch’ චිත්‍රපටය ලොවපුරා තිරගත කිරීමෙන් ලැබූ ආදායම ලෙස සටහන් වන්නේ ඇමරිකානු ඩොලර් බිලියන 1.038කි. සය හැවිරිදි ලිලෝ නම් දැරියකට හමුනන ස්ටිච් නම් පිටසක්වළ සුරතලකුගේ කතාන්දරයක් ‘Lilo & Stitch’ වටා ගෙතී ඇත.
4.A Minecraft Movie
Minecraft නමැති ජනප්‍රිය වීඩියෝ ක්‍රීඩාව මත පදනම් කරගෙන නිර්මාණය වූ ක්‍රියාදාම – ෆැනටසි ශානරයේ “A Minecraft Movie” සිනමාපටය ඇමරිකානු ඩොලර් මිලියන 150ක් වැනි දැවැන්ත නිෂ්පාදන පිරිවැයක් දරා නිර්මාණය කළ අතර ලොව පුරා තිරගත කිරීමෙන් ලැබූ ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 958කි. එය වීඩියෝ ක්‍රීඩාවක් ආශ්‍රයෙන් නිර්මාණ චිත්‍රපට අතර වැඩිම ආදායමක් ලබාගත් දෙවැනි චිත්‍රපටය ද වෙයි. “A Minecraft Movie” වෝනර් බ්‍රදර්ස් සමාගමේ නිෂ්පාදනයකි.
5. Jurassic World Rebirth
ජනප්‍රියතම විද්‍යා ප්‍රබන්ධ – ක්‍රියාදාම චිත්‍රපට මාලාවක් වන ‘Jurassic World Rebirth’ හි නවතම චිත්‍රපට’ ඇමරිකානු ඩොලර් මිලියන 225ක වියදමක් දරා නිෂ්පාදනය කළ අතර ඇමරිකානු ඩොලර් මිලියන 868ක් වැනි ආදායමක් ලොව පුරා තිරගත කිරීමෙන් උපයා ගැනීමට සමත් විය. චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ ගැරත් එඩ්වඩ්ස් විසිනි. නමුත් ජුරාසික් වර්ල්ඩ් චිත්‍රපට මාලාව තුළ ලබාගත් අඩුම ආදායම ලැබු චිත්‍රපටය ද මෙය වෙයි. චිත්‍රපටය නිෂ්පාදනය කළේ ‘යුනිවර්සල් සමාගම’ විසිනි.
6.Avatar : Fire and Ash
මේ වසරේ වැඩිම ආදායමක් ලැබූ චිත්‍රපට අතර ජේම්ස් කැමරන් විසින් අධ්‍යක්ෂණය කළ ඇවටාර් චිත්‍රපට මාලාවේ තෙවන චිත්‍රපටය වන ‘Avatar : Fire and Ash’ ඇමරිකානු ඩොලර් මිලියන 400ක වියදමින් නිෂ්පාදනය කර ඇති අතර දැනට ලොව පුරා තිරගත කිරීමෙන් ලැබූ ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 860කි. විචාරකයන් පුරෝකථනය කරන්නේ ආදායම ඩොලර් බිලියන 2 පසුකරන බවයි. මෙම ආදායමත් සමඟ සමස්ත ඇවටාර් චිත්‍රපට ත්‍රිත්වය විසින් උපයා ඇති ආදායම වන්නේ ඩොලර් බිලියන 6.1 කි.
7.Demon Slayer: Kimetsu no Yaiba – The Movie: Infinity Castle
මේ වසරේ තිරගත වූ තවත් සුපිරි ගණයේ ජපන් ඇනිමේෂන් චිත්‍රපටයක් වන ‘ ‘Demon Slayer: Kimetsu no Yaiba – The Movie: Infinity Castle’ ‘ චිත්‍රපටය ඇමරිකානු ඩොලර් මිලියන 20ක වියදමින් තැනුනු අතර ලොව පුරා තිරගත කිරීමෙන් ඇමරිකානු ඩොලර් මිලියන 794ක ආදායමක් ලබා ගැනීමට හැකි විය. චිත්‍රපටය නිෂ්පාදනය කළේ ‘යුෆොර්ටබල්’ සමාගම විසිනි.
8.How to Train Your Dragon
වසරේ ආන්දෝලනයකට තුඩුදන් ‘How to Train Your Dragon’ හෙවත් මකර දේශයේ කතාව ඇසුරින් චිත්‍රපටය නිර්මාණය වෙනවා. ‘How to Train Your Dragon’ නමින් 2010 වසරේ තිරගත වූ ඇනිමේෂන් චිත්‍රපටයේ සැබෑ නළු නිළියන් යොදා නිර්මාණය කළ මෙම චිත්‍රපටය ආදායම් අතින් සාර්ථක විය. ඇමරිකානු ඩොලර් මිලියන 150ක වියදමක් දරා ලොව පුරා තිරගත කිරීමෙන් ඇමරිකානු ඩොලර් මිලියන 636ක් උපයා ගැනීමට සමත් විය. මෙහි අධ්‍යක්ෂණය කාර්යය සිදු කර ඇත්තේ පෙරHow to Train Your Dragon ඇනිමේෂන් චිත්‍රපට ත්‍රිත්වය අධ්‍යක්ෂණය කළ Dean DeBlois විසිනි. චිත්‍රපටය නිෂ්පාදනය කළේ ‘යුනිවර්සල්’ සමාගම විසිනි.
9.F1 the Movie
මේ වසරේ තිරගත වූ ක්‍රීඩා – නාට්‍යමය ශානරයේ චිත්‍රපටයක් වන ‘F1 the Movie’ චිත්‍රපටය අති සාර්ථක ලෙස තිරගත වූ ධනාත්මක විචාරක ප්‍රතිචාර හිමි කරගත් චිත්‍රපටයකි. මෙහි ප්‍රධාන චරිතය නිරූපණය කළේ සුපිරි නළු බ්‍රැඩ් පිටි විසින් වන අතර අධ්‍යක්ෂණය Joseph Kosinski විසිනි. ඇමරිකානු ඩොලර් මිලියන 300ක වියදමින් තැනුනු අතර ලොව පුරා තිරගත කිරීමෙන් ඇමරිකානු ඩොලර් මිලියන 631ක ආදායමක් උපයා ගැනීමට සමත් විය. චිත්‍රපටය නිෂ්පාදනය කළේ ‘ඇපල් සමාගම’ සහ ‘වෝනර් බ්‍රදර්ස්’ සිනමා සමාගම දෙකෙහි එකතුවෙනි.
10.Superman
‘සුපර්මෑන්’ මාවල් සුපිරිවීර චිත්‍රපට මාලාවෙි නවතම චිත්‍රපටය ලෙස ජේමිස් ගන් අධ්‍යක්ෂණය කළ ‘Superman’ චිත්‍රපටය ඇමරිකානු ඩොලර් මිලියන 225ක ආදායමකින් තැනුණු අතර ලොවපුරා තිරගත කිරීමෙන් ලබා ගැනීමට හැකි වූයේ ඇමරිකානු ඩොලර් මිලියන 616කි. සුපර්මෑන් චරිතයට බොහෝමයක් ආදරය කරන රසිකයන් නව සුපර්මෑන් චරිතයට එතරම් රුචිකත්වයක් ඇතිව ප්‍රතිචාර නොදැක්වීම විශේෂත්වයකි. මෙම වසරේ තිරගත වූ සුපිරිවීර චිත්‍රපට අතරින් බොක්ස් ඔෆිස් ආදායම ලබා ගැනීමට හැකි වූ එකම චිත්‍රපටය වන්නේ ද ඉභනඥපථචද චිත්‍රපටයයි. චිත්‍රපටය නිෂ්පාදනය කළේ ‘වෝනර් බ්‍රදර්ස්’ සමාගම විසිනි.
