සංගීත් නිපුන් සනත් නන්දසිරි සංගීතවේදියාට උපහාර පිදේ
මහාචාර්‍ය සංගීත් නිපුන් සනත් නන්දසිරි සංගීතවේදියාණන්ගේ 84 වෙනි ජන්ම දිනය නිමිතිකොට ගෙන උපහාර පිදීමේ උත්සවයක් පසුගියදා අම්බලන්ගොඩ සිරි විජයාරාම විහාරස්ථානයේදී සිදුකෙරිණි. එදින ‘මලානිකව සඳ’ නමින් ගීත ප්‍රසංගයක්ද සංවිධානය කර තිබුණි. එය සංවිධානය කරන ලද්දේ සංගීත් නිපුන් සනත් නන්දසිරි සංගීතවේදියාණන්ගේ ගීතවලට ප්‍රිය කළ රසිකයෙකු වූ මොරිස් රාජපක්ෂ විසිනි. මෙම උපහාර උත්සවය සඳහා ප්‍රවීණ ගායිකා මල්කාන්ති නන්දසිරි සහ ගයිකා අනුරාධා නන්දසිරි ඇතුළු සම්භාවනීය අමුත්තෝ රැසක් සහභාගී වී සිටියහ.
***********************************************************************************************
අපේක්ෂා ගී මියැසිය
කලාව තුළින් ජීවිතය දකිමු. සංගීතයෙන් සුවපත් වෙමු. ගිලන් වූ සිත් සුවපත් කරන්නට පිදෙන, අපේක්ෂා ගී මියැසිය. මාර්තු 07 වැනිදා අපේක්ෂා රෝහල් ප්‍රධාන රථගාලේ ප.ව.06.00 ට පැවැත්වීමට කටයුතු යොදා ඇත. Cherry with stage once සංගීතය සමඟ රෝහණ බෝගොඩ, සෝමසිරි මැදගෙදර, කීර්ති පැස්කුවල්, කුමාරසිරි පතිරණ,ජානක වික්‍රමසිංහ,විජය බණ්ඩාර වැඩිතුඩුව,ලක්ෂ්මන් හිල්මි, රෝහාන් ද සිල්වා, ඉන්ද්‍රජිත් දොලමුල්ල, තීක්ෂණ අනුරාධ, ගිරිරාජ් කෞශල්‍ය, සේනක විජේසිංහ, වසන්ත ගීතරච්චි, සුරේෂ් ගමගේ, සත්මිණි පතිරණ, චමෝද්‍ය අබේරත්න, ඉශාන් මෙන්ඩිස්, සසික ආරච්චිගේ, විහඟ වාස්, සධාරා රන්තාරකාව්, මාමඩලේ ගැමුණු, ජානක ඉලුක්කුඹුර එදින ප්‍රසංගය ගීතවත් කරති. අපේක්ෂා ගි මියැසිය සංවිධානයෙන්. හිමාලි ලංකාධිකාරි එක්වන අතර ප්‍රසංග කථනයෙන් නිරෝෂන් ඇන්තනිගෙනි. ඕනෑම කෙනෙකුට එදිනට සහභාගි විය හැක.
***********************************************************************************************
නුරා සඳ
සඳ බලන්න බෑ, මේ අවන් හලේ සංසාලියේ, කොරොනා, අම්මා, හැඟුම් අවුස්සා ගීත ගායනා කළ තරිඳු පෙරේරාගේ ප්‍රථම තනු නිර්මාණය සමග ඔහු විසින්ම ගායනය කරන නවතම ගීතය නුරාසඳ පසුගිය දා එළිදැක්විණි.
ගේය පද චමල්ක කලුආරච්චි, සංගීත නිර්මාණය ශෙවොන් ප්‍රනාන්දු, සංගීත සංකලනය අශාන් ප්‍රනාන්දු ගෙනි.
***********************************************************************************************
කිත්සිරි පෙරේරා දිවිසැරිය නිම කරයි
සිංහල සිනමාවේ පැරණිතම රංගවේදියෙකු වූ කිත්සිරි පෙරේරා පසුගිය දා අභවප්‍රාප්ත වූයේය. දීපසිකා චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපාමින් සිංහල සිනමාවට පැමිණි ඔහු දස්කොන්, වැලිකතර, පාරාවළලු, දෙලොවක් අතර වැනි චිත්‍රපටවලට රංගනයෙන් දායක වී ඇත. ඔහුගේ අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ලැබේ.
***********************************************************************************************
රයිගම් ටෙලීස් 27 වැනිදා
22 වැනි වරට පවත්වනු ලබන රයිගම් ටෙලීිස් නිර්දේශිත නාම වර්ණ එළිදැක්වීමේ උලෙළ හෙට 27 වැනි දින බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලේදී පැවැත්වේ. එහි ප්‍රවීණ සංගීතඥ ආචාර්ය රෝහණ විරසිංහ ප්‍රධාන ආරාධිත අමුත්තාය.
ටෙලි නාට්‍ය හා මාධ්‍ය ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් කැපවුණු ශිල්පීන් අගයමින් සහ ජීවිතේ එක් වරක් ප්‍රදානය කරනු ලබන ප්‍රතිභා ප්‍රභා සම්මාන සමඟ මෙවර සම්මාන 65 ක් පිරිනැමීමට කටයුතු යොදා ඇත.
නිර්දේශිත නාම එළිදැක්වීමෙන් පසු එළැඹෙන 28 වැනි දින සම්මාන උලෙළ කොළඹ ශැන්ගි‍්‍රලා හෝටලේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
–***********************************************************************************************
ශෂිකා ‘25’ හෙට
තුරුණු ශක්ති වේදිකාවෙන් ප්‍රසංග වේදිකාව අතික්ක්‍රමණය කළ විශාරද ශෂිකා නිසංසලාගේ සංගීත දිවියට වසර විසි පහක් සපිරේ. ඒ වෙනුවෙන් පවත්වනු ලබන ශෂිකා ‘25’ ප්‍රසංගය. හෙට (27 වැනිදා) නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
***********************************************************************************************
නොමියෙන මිනිසුන් විජය කුමාරතුංග මතකාවර්ජන ප්‍රසංගය හෙට 27
ශශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ වෙළඳ සේවය වෙනුවෙන් නිශාන්ති රණතුංග නිෂ්පාදනය කරනු ලබන නොමියෙන මිනිසුන් විජය කුමාරතුංග මතකාවර්ජන ප්‍රසංගය හෙට 27 වැනිදා පස්වරු 2.00ට ආනන්ද සමරකෝන් මැදිරියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
දිනේෂ් බෝගොඩ ප්‍රමුඛ ගුවන් විදුලි වාද්‍ය වෘන්දය සංගීතයට මංජුල වර්ණකුල, ඉන්දික ලියනගේ, පේෂල මනෝජ්, දයාන් විතාරණ, නාමල් ලාසරස්, නිර්මලා ගමගේ, සම්පත් රාජපක්ෂ, දේවිකා චතුරානි ගීත ගායනා කරති.
***********************************************************************************************
සුගත් සමරකෝන්ගේ කලා දිවියට අඩසියවසක් සපිරේ
ප්‍රවීණ නළුවෙකු , නාට්‍ය අධ්‍යක්වරයෙකු සහ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වන සුගත් සමරකෝන්ගේ කලා දිවියට අඩසිය වසක් සපිරේ. මේ නිමිතිකොට ගෙන මාර්තු මස 01 වැනි දින ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී උපහාර උලෙළක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.
එදින පෙ.ව 10.30 ට සුගත් සමරකෝන් විසින් අධ්‍යක්ෂණය කරන ලද විජය – කුවේණි චිත්‍රපටය ප්‍රදර්ශනය කරන අතර එය නොමිලේ ප්‍රදර්ශනය කිරීමට උපහාර සංවිධායක කමිටුව සූදානම් කර ඇත. මීට සමගාමීව තරංගනී ශාලා පරිශ්‍රයේදී සුගත් සමරකෝන් ගේ නිර්මාණ දිවියේ සන්ධිස්ථානයක් සනිටුහන් වන ඡයාරූප ප්‍රදර්ශනයක්, සම්මාන ප්‍රදර්ශනයක් සහ ඔහු විසින් රචිත ග්‍රන්ථ ප්‍රදර්ශනයක්ද පැවැත්වෙනු ඇත.උපහාර සම්මන්ත්‍රණය මෙදින පස්වරු 2.00 ට ආරම්භ වේ. එය විද්වත් දෙසුම් කිහිපයකින්ද සමන්විත වේ.
සුගත් සමරකෝන් 1976 දී ‘අමල්බිසෝ ‘ වේදිකා නාට්‍යය නිර්මාණය කරමින් කලා ක්ෂේත්‍රයට පැමිණියේය.
ඉන්පසු දේශපාලුවා (1977), වීර පුරන් අප්පු (1978) කොමාන්ඩෝ දියසේන ( 1980) උතුරේ රාහුල හිමි (1984) වැනි වේදිකා නාට්‍ය නිර්මාණය කරමින් මෙරට ප්‍රමුඛ පෙලේ වේදිකා නිර්මාණකරුවෙකු බවට පත් වූයේය. පසුව ඔහු ටෙලි නාට්‍ය රංගනයට සහ අධ්‍යක්ෂණයට ද යොමු වූයේය. චිත්‍රපට නළුවෙකු වශයෙන් 1993 දී සරසවිය සම්මානයක්ද දිනාගන්නා ලදි. පසුව චිත්‍රපට අධ්‍යක්ෂණයට පැමිණි ඔහු විජය – කුවේණි, ඇහැලේපොල කුමාරිහාමි අපේ කාලයේ පටාචාරා වැනි චිත්‍රපට නිර්මාණය කළේය. මේ වන විට හෙලවුඩ් ඇක්ටින් ස්කූල් නමින් රංගන පාසලක් පවත්වාගෙන යන ඔහු නාට්‍ය හා රංගකලාව උගන්වන ගුරුවරයෙකු වශයෙන් කටයුතු කරයි.
***********************************************************************************************
පවුල්කන මිනිහෙක්
ඊ.එම්.ඩී. උපාලි නාට්‍යය නිර්මාණයක් වන පවුල්කන මිනිහෙක් පෙබරවාරි 28 දා පස්වරුවේ බොරුල්ල නාමෙල් මාලිනී පුංචි තියටර්හිදි වේදිකා ගතකෙරේ.
සම්පත් පෙරේරා, ලක්ෂ්මන් මෙන්ඩිස්, මාදනී මල්වත්තගේ, ජයනාත් බණ්ඩාර, නිල්මිණි සිගේරා, මිහිරි ප්‍රියංගනී යාපා, චානු දිසානායක රංගනයෙන් එක්වෙති.
***********************************************************************************************
අමරතුංග විජේසේකර දිවියෙන් සමුගනී
1970 සිට ශශ්‍රී ලංකා ගුවන් විදුලි ඉන්දියානු සේවයේ නිවේදකයෙකු ලෙස සේවය කළ අමරතුංග විජේසේකර අභාවප්‍රාප්ත විය. ඔහු හින්දි භාෂාව ශශ්‍රී ලංකාවේ ප්‍රචලිත කිරීමට පුරෝගාමී වූ පුද්ගලයෙකි. හින්දි චිත්‍රපට වලට උපසිරස ලියූ ඔහු හින්දි ග්‍රන්ථ පහක් සහ හින්දි, උර්දු සිංහල ශබ්ද කෝෂයක් රචනා කර ඇත. හස්ත රේඛා පිළිබඳ හින්දි භාෂාවෙන් ලියැවුණු ග්‍රන්ථයක් හස්ත රේඛා සමීක්ෂණ නමින් සිංහලට පරිවර්තනය කර ඇත.
අමරතුංග විජේසේකර මහතාගේ අවසන් කටයුතු ඊයේ (25) පන්නිපිටිය පොදු සුසාන භූමියේදී සිදුකරන ලදි
***********************************************************************************************
රුවනාර ළමා සමාජයේ සියවැනි වැඩසටහන රුවනාර මුතු වැස්ස මාර්තු 03, 04
ශශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සිංහල ස්වදේශීය සේවයේ සෑම මසකම තුන්වන සෙනසුරාදා ප.ව. 03.00 සිට 04.00 දක්වා ප්‍රචාරය වන රුවනාර ළමා සමාජය වැඩසටහනේ සියවැනි වැඩසටහන රුවනාර මුතු වැස්ස නමින් පැවැත්වීමට සැලසුම් කර ඇත.
ඒ මාර්තු මස 03 04 වැනි දින, ගුවන්විදුලි සංස්ථාවේ ආනන්ද සමරකෝන් මැදිරියේ ප.ව.2.30 ටආරම්භ කිරීමට නියමිතයි.
එදින ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කරුණාරත්න අමරසිංහ විශේෂඥ වෛද්‍ය ඒ.ඊ සුදර්ශන සමඟ මෙතෙක් රුවනාරා ළමා සමාජයේ විශේෂ දක්ෂතා දැක්වූ විවිධ තැන්වල සේවය කරන දු දරුවන්ද සහභාගි වේ.
ශශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව වෙනුවෙන් රුවනාර ළමා සමාජය නිෂ්පාදනය කරන්නේ ප්‍රියන්තනී ගමගේ යහම්පත්ය.
