නිශාන්ති රණතුංග නිෂ්පාදනය කරනු ලබන නොමියෙන මිනිසුන් ප්‍රසංගය පසුගිය දින ගුවන් විදුලි සංස්ථා පරිශ්‍රයේ ආනන්ද සමරකෝන් මැදිරියේදි පවත්වන්නට යෙදුණි. මෙවර ප්‍රසංගය නම්කර තිබුණේ සියවසක නොමියෙන මිනිසුන් ලෙසයි. ඒ ශශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට සියක් වසරක් සම්පූර්ණවීම නිමිත්තෙනි.
දිනේෂ් බෝගොඩගේ සංගීත අධ්‍යක්ෂණයට හේමන්ත් නිගම්, වෝල්ටර් ප්‍රනාන්දු, පීටර් රොසයිරෝ, දිමංක වෙල්ලාලගෙ, ක්ලිෆර්ඩ් රිචඩ්, ඉන්දික ලියනගේ, සුනෙත් උදයරත්න, පසිදු ප්‍රියදර්ශන, ඉනෝකා අහංගම, අනුරාධා නන්දසිරි, අයෝමි පෙරේරා ගී ගැයුමට එක්වූහ.
ඉන්දියානු සංගීතය සහ ලාංකික සංගීතයේ සබැඳීයාව සිහිපත් කරමින් ඉන්දීය ගායන ශිල්පී හේමන්ත් නිගම් විසින් ශශ්‍රී ලංකා ගුවන් විදුලියේ සභාපති මහාචාර්ය උදිත ගයාශාන් වෙත සමරු සම්මානයක් ද එහිදි පිරිනමන ලදී. සම්පත් සල්පිටකෝරාල සමඟ මලීෂා හෙට්ටිගේ කථනයෙන් එක් වූහ.
