Home » ස්ත්‍රී වසඟකාරීත්වයේ නියත අර්බුදය සිනමාලංකාරයෙන්

ස්ත්‍රී වසඟකාරීත්වයේ නියත අර්බුදය සිනමාලංකාරයෙන්

by Thanushika
January 23, 2025 12:10 pm 0 comment

දශක ගණනාවක් පුරා ලෝක සිනමාවෙි කාන්තාව ප්‍රධාන චරිතය ලෙස විවිධ අයුරින් නිරූපණය වී ඇති අතර විටෙක ඇය වින්දිතයෙකු ලෙසත්, ස්ත්‍රීවාදිනියක ලෙසත් සිනමා තිරය මත පෙනී සිටියි. වාණිජ සිනමා ශානරය තුළ කාන්තාව ‘උතුම් ස්ත්‍රීය’ හා ‘පාපතර ස්ත්‍රීය’ යනුවෙන් ද කාන්තා ප්‍රජාව තිරය මත නිරූපණය වීම පිළිබඳ කොටස් දෙකකට බෙදා වෙන්වෙයි. කෙසේ වෙතත් ස්ත්‍රිය සෑම විටම සිනමාව සහ ටෙලිවිෂන් මාධ්‍යයේ ස්ථානගත වන්නේ ලිංගික වස්තුවක් එසේත් නැත්නම් ලිංගික භාණ්ඩයක් ලෙසින් බව අපි දනිමු. 2024 වසරේ තිරගත වූ ‘Anora ‘ හොලිවුඩ් සිනමාපටය වඩාත් සමීප වන්නේ පාරිභෝජනවාදය නිසා විකෘති වූත් පාදඩකරණයට ලක්වූත් සංකීර්ණ ඇමරිකානු සමාජයේ ආශාවන් හඹා යන වසඟකාරී ස්ත්‍රීයක් වෙතටයි. සමාජයේ පරපෝෂිතයන් ((parasites) ලෙස දිවිගෙවන ස්ත්‍රී ප්‍රජාවේ නිරූපණයක් විදියට ‘Anora’ චිත්‍රපටය ස්ථානගත කිරීමට හැකියි. ‘Anora’ චිත්‍රපටයේ කාල අවකාශය ඇමරිකාවේ නිවියෝර්ක් පුරයයි.

”කට්ට කපටි කෛරාටික, කිසිසේත්ම ගැළපෙන්නේ නැති කාන්තාවක් ඉවාන්ව රවට්ටලා විවාහ කරගත්තා. ඉවාන්⁣ගේ පොහොසත් පවුල කොල්ලකන්න. ඒක තමයි මෙතන වෙලා තියෙන්නේ.”

අවුරුදු 23ක් පමණ වයස ගණිකා වෘත්තියේ යෙදී ඉන්න රූමත් ‘අනෝරාට’ මෙි ප්‍රබල චෝදනාව එල්ල වෙන්නේ ඉවාන්ගේ පියාගේ පාර්ශවයෙන්. ‘අනෝරා’ නමැති ස්ත්‍රීය ඇමරිකානු සමාජයේ ස්ථානගත වන්නේ පිරිම්න් ලිංගික වශයෙන් තෘප්තිමත් කරමින් ඩොලර් කොළ සොයන ලිංගික ශ්‍රමිකයකු ලෙසිනි. අනෝරා තම වෘත්තිය සිදු කරන රාත්‍රි සමාජ ශාලාවෙිදී අහමිබයෙන් මෙන් ‘ඉවාන්’ නමි තරුණයා මුණ ගැසෙනවා. අවුරුදු 21ක් පමණ වයස ‘ඉවාන්’ නමැති ධනවත් රුසියානු තරුණයා වෙත අනෝරා තම ලිංගික සේවාව සපයනවා. ඉවාන් සෑහෙන විදියට අනෝරාගේ සරාගී හැසීරිමට ආසක්ත වෙන්නේ ලිංගික තෘප්තිය සඳහා නොමසුරුව මුදල් ගෙවමින්. ඉවාන්ගේ පියා රුසියාවේ සිටින ධනවතෙකි. ඉවාන් වෙසෙන මාළිගාවක් බඳු නිවස දැක අනෝරාට සුඛෝපභෝගී ජිවිතයට ආශාවක් ඇති වෙයි. ධනවත් ඉවාන් විසින් තම පියාට සහ මවට හොර රහසේම අමෝරාව විවාහ කර ගන්නේ විවාහ ජීවිතය පිළිබඳ කිසිදු අදහසක් නොමැතිවයි. ඒ තරමට මේ දෙපළගේ ලිංගික සමිබන්ධය බොහෝ දුරදිග යයි. අනෝරා තමන් විසින් සිදුකළ වෘත්තිය ද අත්හැර ඉවාන් සමඟ දිවි ගෙවන්නට සූදානම් වෙයි. නමුත් ඉවාන්ගේ මාපියන් මෙි කිසිවක් දන්නේ නැත. ඉවාන් සිදු කළ රහස් විවාහය ඉවාන්ගේ මවිපියන් දැන ගනියි. ගැටුම ඇරඹෙන්නේ ඉන් අනතුරුවයි. අනෝරාගේ සුඛෝපභෝගී ෆැන්ටසි සිහිනය කඩා වැටෙි. අනෝරාගේ විවාහය දෙදරා යන්නේ තමන්ට ඉතිරිව තිබූ ආත්ම ගෞරවය ද ක්ෂණයෙන් දිය වෙමින්. අනෝරාගේ චිත්‍රප⁣ටය හරහා ප්‍රේක්ෂකයා දකින්නේ ඇගේ ඛෙිදවාචකයයි.

ස්ත්‍රීන් බොහෝවිට චපල වෙති. බොහෝමයක් ස්ත්‍රීන්ගේ ආකල්ප පවතින්නේ පසුගාමී තැනක ය. ආකල්පමය වශයෙන් ඔවුන්ගේ සීතිම් දුප්පත් ය. තම පැවැත්ම තහවුරු කර ගැනීම උදෙසා ස්ත්‍රීන් විසින් පිරිමින්ගේ පිහිට පතති. ලිංගිකත්වය විකුණන අනෝරා වැනි යුවතියක් ඉවාන් වැනි ධනවත් තරුණයකුගේ පිහිට පතති. ඇනෝරා සිටින්නේ ජීවන සංග්‍රාම භූමියක නොව, ෆැන්ටසිකරණය වූ අධි පාරිභෝජනවාදයේ ගිලුණු සමාජයක ය. නමුත් ඇගේ සියලු සුඛෝපභෝගීසමිපන්න ජීවිතයක දකින සිහිනය ක්ෂණයෙන් බිඳ වැටේ. ඇගේ ස්ත්‍රී ආත්මය අනෙකා ඉදිරියේ විකෘති වෙති.

‘ඇනෝරා’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ ‘ෂෝන් බේකර්’ නමැති සම්මානනීය ඇමරිකානු ජාතික අධ්‍යක්ෂවරයායි. චිත්‍රපටයේ තිර පිටපත රචනා කර ඇත්තේද ඔහු විසින්මයි. ඔහු ඇමරිකාවේ පවතින යථාර්ථයට සහ පාදඩකරණයට යටත් වූ සමානාත්මතාවයෙන් තොර සමාජයට එරෙහිව කැරලි ගසන සිනමාකරුවෙකි. ෂෝන් කුලුඳුලේම අධ්‍යක්ෂණය කළ ‘ටැංජරීන්’ චිත්‍රපටය ඇපල් අයිෆෝන් ජංගම දුරකතනයෙන් රූගත කරන ලද ලොස් ඇන්ජලීස් හි සංක්‍රාන්ති ලිංගික ශ්‍රමිකයන් පිළිබඳ කියැවෙයි. ඔහුගේ බරපතළ චිත්‍රපටය වනුයේ ‘ඊඩඥ ජ්තධපඪඤච ර්‍ථපධණඥජබ’ චිත්‍රපටයයි. එය රූගත කළේ ඇපල් ස්මාර්ට් ජංගම දුරකතනයෙනි. එහි එන්නේ ඇමරිකාවේ එක්තරා පෙදෙසක වාසය කරන අවතැන් වූ ලුම්පන් ජීවිත පිළිබඳව ය. ෂෝන් බේකර් ‘ඇනෝරා’ චිත්‍රපටයේ කතාව සඳහා වස්තුබීජය සපයා ගන්නේ ඔහුගේ මිතුරකුගෙන් ඇසු කතාවකිනි. සැබෑවටම සිදු වූ අලුතින් විවාහපත් වූ ඇමරිකානු – රුසියානු පෙමිවතුන් දෙපළකගේ අකරතැබ්බය ඔහුට මෙම චිත්‍රපටය සඳහා තිරපිටපත නිර්මාණය කරන්නට පසුබිම සැකසිණ.

‘ඇනෝරා’ චරිතය සඳහා පණ පොවන්නේ සමිමාන පිට සමිමාන ලැබූ නිළියක වන ‘මයික් මැඩිසන්’ විසිනි. ඇය කරනු ලබන නිර්භීත රංගනය ඇයට මහත් සේ කීර්තියක් ගෙන දුන් රංගනයකි. මයික් මැඩිසන් පැවසුවේ ‘ඇමෝරා’ චරිතය දැඩි අභියෝගකාරී එකක් වූ බවයි. ඇයට එම චරිතය වෙනුවෙන් රුසියානු භාෂාව ඉගෙන ගන්නට සිදු වු බවත්, නයිටි ක්ලබ්වල හැසිරෙන ගණිකාවගේ චරිතවල හැසිරීම් බරපතළ ලෙස අධ්‍යයනය කරන්න සිදු වූ බවත් මාධ්‍ය වෙත පැවසීය. 2024 මැයි 21වැනිදා පැවති ප්‍රංශයේ 77 වැනි කෑන්ස් සිනමා උළෙලේදී ‘ඇනෝරා’ චිත්‍රපටය හොඳම චිත්‍රපටය වෙනුවෙන් ‘ර්‍ථචතථඥ ඤ’ර්‍ණප’ සම්මානය හිමිකර ගත්තේ විචාරකයන්ගේ ඉහළ පැසසුම් ලබමින්. 2011 වසරේ තිරගත වූ ටෙරන්ස් මලික් අධ්‍යක්ෂණය කළ ‘ඊඩඥ ඊපඥඥ ධට ඹ්ඪටඥ’ චිත්‍රපටයට පසුව ‘ර්‍ථචතථඥ ඤ’ර්‍ණප’ දිනාගත් පළමු චිත්‍රපටය ‘ඇනෝරා’ වීම ද සුවිශේෂිත්වයක්.

2025 වසරේ ජනවාරි මස 5වැනි දා පැවති 82වෙනි ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලේදී සම්මාන පහක් සඳහාත් , 30වැනි විචාරකයන්ගේ තේරීම් සම්මාන (ඛ්පඪබඪජඵ’ ඛ්ඩධඪජඥ ඒඹචපඤඵ) උළෙලේදී සම්මාන හතක් සඳහාත්, 78 වැනි බ්‍රිතාන්‍ය ඇකඩමි චිත්‍රපට සම්මාන උළෙලේදී සම්මාන හතක් සඳහාත් නිර්දේශ නාම ලබා ගැනීමට සමත්ව තිබේ. ජාතික සමාලෝචන මණ්ඩලය (ඊඩඥඥ ව්චබඪධදචත ඕධචපඤ ධට අඥමඪඥඹ) සහ ඇමරිකානු චිත්‍රපට ආයතනය (ඊඩඥ ඒථඥපඪජචද ජ්ඪතථ ධ්දඵබඪබභබඥ) විසින් 2024 වසරේ තිරගත වූ හොඳම චිත්‍රපට 10 අතුරින් එකක් ලෙස ඇනෝරා නම් කළේය.

“Anora
” යනු හුදෙක් ම සමාජ ව්‍යාපෘතියක සිනමාලංකාරයකි. එක්ස් කිරණ කැමරාවක් මෙන් අපගේ සමාජ ජීවිතය නමැති මෙම දේහය තුළ ඇති ව්‍යාධීන් විනිවිදව දැක්වීම ‘ඇනෝරා’ හරහා සිදුවෙයි. මුදලට විකිණෙන තාවකාලික ජීවිත තුළ තව තවත් විකිණෙමින් ඊළඟ පරම්පරාව විකෘති කරන පරපෝෂිතයන් පිරිසක් බෝ කරන අනෝරා වගේ ගැහැනුන්ට එක්තරා අන්දමට සමාජයෙන් පිළිසරණක් බලාපොරොත්තු වෙන්න තියෙන ඉඩකඩ ප්‍රමාණය බොහෝ ම සීමිත බව චිත්‍රපටය සංඥා කරයි. ඇමරිකාව යනු සැබැවින්ම මුදල් ගෙවා ජීවත් වෙන්න සිද්ධ වෙන රාජ්‍යයකි. හුස්ම ගන්නට පවා මුදල් අවශ්‍ය ය. අනෝරා වැනි ස්ත්‍රීන්ට වගේ ම රුසියාවෙන් ඇමරිකාව වෙත සංක්‍රමණය වූ ඉවාන් වැනි සල්ලාල තරුණයන්ට ද ඇමරිකාව වැනි සංකීර්ණ ජීවන රටාවක් නඩත්තු කරන රටක පවතින්න නොහැකි බව චිත්‍රපටය විසින් හඟවන්නකි. ඇමරිකානු සිහිනයේ සීමාවන් අතික්‍රමණය කරන යුවතියකගේ එක් ඛෙිදනීය තත්ත්වයක් පිළිබඳ වාර්තා කරන ‘ඇනෝරා’ ප්‍රේක්ෂකයාගේ ඇසට නිබඳව හසුවිය යුතු සිනමා වියමනකි.

[email protected]

ඉමල්ක විතානගේ

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT