රේඩියෝ කළම්බු නමින් 1925 දෙසැම්බර් 16 වෙනිදා නිත්‍ය විකාශය ඇරඹි ශශ්‍රී ලංකා ගුවන් විදුලිය පසුගිය දා වසර සියයක් සම්පූර්ණ කරන ලදි. ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථා පරිශ්‍රයේදී පසුගිය 15 වෙනිදා සර්ව රාත්‍රික පිරිත් දේශනාවක් පවත්වන ලදි. පසුගියදා (16 දා) මහා සංඝරත්නය සියක් නමක් උදෙසා දානමය පිංකමක් සිදු කෙරිණි.
ශශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සේවයේ නියතු සියලු දෙනාට සෙත් ප්‍රාර්ථනා කිරීම, මියගිය සියලු සේවකයන්ට පිං පැමිණවීම, පසුගියදා සිදුවූ ගංවතුරෙන් සහ නායයාම් වලින් ආපදාවන්ට ලක්වූ ජනතාවට සෙත් පැතීම සහ මියගිය පිරිසට පිං පැමිණවීම, රජයට සහ ලක්වාසී ජනතාවට සෙත් ප්‍රාර්ථනා කිරීම මෙහි මූලික අරමුණු විය. මීට සමගාමීව දෙසැම්බර් 15 වෙනිදා ශශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ පිහිටි ආනන්ද සමරකෝන් මැදිරියේදී සර්ව ආගමික වතාවත් සිදුකරන ලදි.
මෙම අවස්ථාව සඳහා ජනමාධ්‍ය සහ සෞඛ්‍ය අමාත්‍ය, වෛද්‍ය නලින්ද ජයතිස්ස, ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞශල්‍යා ආරියරත්න, ජනමාධ්‍ය සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, ගුවන් විදුලි සංස්ථාවේ සභාපති මහාචාර්ය උදිත ගයාෂාන්, අධ්‍යක්ෂ ජනරාල් සුදත් රත්නවීර ඇතුළු මහත්ම මහත්මීන් හා ගුවන් විදුලි සංස්ථා කාර්ය මණ්ඩලයේ සියලුදෙනා සභභාගී වී සිටියහ.
