46

සුභාවිත ගීතයේ සිටුවරයාණන් ලෙස විරුදාවලිය ලත් ආචාර්ය වික්ටර් රත්නායක අභිනන්දන අභිෂේක උත්සවය පසුගිය දින ගුවන් විදුලි සංස්ථාවේ කුමාරතුංග මුනිදාස මැදිරියේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ඒ සඳහා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞශල්‍යා ආරියරත්න, ගුවන්විදුලි සංස්ථාවේ සභාපති මහාචාර්ය උදිත ගයාෂාන් ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය සහ නිලධාරීන් සහ විශේෂ ආරාධිත අමුත්තන් රැසක් මේ සඳහා සහභාගී වූහ. එදින ඔහුගේ සමරු ඵලකයක් නිරාවරණය කිරීමද සිදු කෙරිණ.
