ලලිත කලාවන්හි සිනමාව යනු සම්පුර්ණයෙන්ම පාහේ තාක්ෂණය මත පදනම් වූ ජීවිතය සහ සෞන්දර්ය විනිවිදින කලාවකි. මීට අවුරුදු 100කට පෙර පැවති සිනමාව වර්තමානය වනවිට නිර්වචනය කළ නොහැකි තරමට මහත් විපර්යාසයට ලක්වී තිබෙන්නේ මෙම අසිරිමත් සිනමා තාක්ෂණයේ පවතින යාවත්කාලීනවීම් හේතුවෙනි. වර්තමානයේ සිනමාපට නිෂ්පාදනයේ සිට ප්‍රදර්ශනය දක්වා සිදුවන්නේ ඩිජිටල් මාධ්‍යයෙනි. සෙන්ට්මීරයක පමණ කුඩා චිපයක් තුළ චිත්‍රපටයක් බහා ප්‍රේක්ෂකාගාරයට ප්‍රදර්ශනය කළ හැකි තරමට තාක්ෂණය සුහුරු වී ඇත. නමුත් සිනමාවේ ප්‍රාරමිභය එසේ සුහුරු නොවේ. එය සිනමා තාක්ෂණය තුළ මහත් අභියෝග මැදින් ආ අරපරෙස්සම්සහගත උපකරණ නිර්මාණය වූ යුගයකි. සිනමාවේ තාක්ෂණය පිළිබඳ යළි ආවර්ජනයක් යෙදෙන්නට වූයේ මාතලේ ප්‍රදේශයේ පිහිටි සෙන්ට්‍රල් සිනමාවට ගොඩවැදුණු මොහොතේ සිටය. මන්ද ලාංකේය නූතන සිනමාවේ 35mm ප්‍රක්ෂේපණ යන්ත්‍රයකින් සිනමාපට ප්‍රදර්ශනය කරන එකම සිනමාශාලාව මාතලේ සෙන්ට්‍රල් සිනමා ශාලාව නිසාවෙනි.
35mm සිනමාව යනු බහුලව වෘත්තාන්ත චිත්‍රපට නිර්මාණය කෙරෙන පටල පටයකි. එය එදවස ඉහළම ගුණාත්මකභාවයක් ලබා දුන් සිනමා ක්‍රමවේදයයි. නමුත් 70mm පටලයෙන් පසුව අද දවසේ ඉහළම ගුණාත්මකභාවයක් ලබාදෙන සිනමා ක්‍රමවේදය වන්නේ ‘අයිමැක්ස්’ සිනමා තාක්ෂණයයි. වසර සියයක් පුරා ආසන්න කාලයක් ලෝක සිනමාවේ එකම මාධ්‍ය වූ දළසේයාපට සිනමාව, මුළුමනින්ම වාගේ යාන්ත්‍රික උපකරණ හා රසායනික ද්‍රව්‍ය මත පදනම්ව ගොඩනැඟුණි. එම සිනමාවේ ශබ්දය පටිගත වූයේ ද දළසේයාපට මතම ර්‍ණනබඪජචත ඵධභදඤ නම් ක්‍රමයට වූ අතර එහිදී අපට ශබ්දය රූපයක් ලෙස දැකිය හැකි විය. එම ශබ්ද රුපයන් කාච පද්ධතියක් හරහා එන ආලෝක ධාරවක් තුළින් විදුලිය බවට පරිවර්තනය කර වර්ධකයක් හරහා ශබ්දය බවට පත්විය. සිනමාවටම ආවේණික මෙම ශබ්ද ක්‍රමයට 2023 වසරට හරියටම සියවසක් සපිරිණි. සිනමාවේ මායාව රැඳී තිබුණු 35mm සිනමා තාක්ෂණයෙන් වර්තමානයේ තවමත් පණ ලබන ලංකාවෙි එකම සිනමා ශාලාව ලෙස සෙන්ට්‍රල් සිනමා ශාලාවට ගොඩවැදුණේ 35mm සිනමාව කටුගෙට ගොස් තිබෙන අවධියක තවමත් 35mm සිනමා මාධ්‍යයෙන් චිත්‍රපට පෙන්වන්නට හේතුව කුමක්දැයි දැනගැනීමේ අරමුණෙනි. මාතලේ සෙන්ට්‍රල් සිනමාවේ යටගියාව සොයා යාමට අහම්බයකින් මෙන් මා වෙත කතිකා කළේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිනමා හා රූපවාහිනි විෂය උගන්වන කථිකාචාර්ය අතුල සමරකෝන් විසිනි.
මාතලේ නගරයට ආසන්නව පිහිටි සෙන්ට්‍රල් සිනමා ශාලාව බාහිර පෙනුමෙන් සහ අභ්‍යන්තර පෙනුමෙන් ඉතාමත් පැරණි සේයාවක් දක්නට ලැබිණ. එහි එක් පසෙක් ‘තුෂාරා’ සිංහල සිනමාපටය කටවුට් එකක් ප්‍රදර්ශනය වී තිබිණ. තුෂාරා වැනි සිනමාපටයක් වර්තමානයේ 35mm සේයාපටයකින් නරඹන්නට ලැබීම කෙතරම් භාග්‍යසම්පන්නද? කියා සිතිණ. සිනමාශාලවේ අභ්‍යන්තරය ද තුෂාරා චිත්‍රපටයේ පෝස්ටර්වලින් සැරසී තිබිණ. සිනමාශාලාවේ කළමනාකාරතුමා වන ජොහාර් මහතා විසින් සිනමාශාලාව පවත්වාගෙන යන වත්මන් භාරකාර තැන වේ. ඔහු සිනමාශාලාවේ තත්ත්වය සහ ඉතිහාසය පිළිබඳ අපි සමඟ සුහද පිළිසඳරක යෙදුණෙමු.
සිනමාශාලාවේ ආරම්භක වර්ෂය පිළිබඳ ජොහාර් මහතාට හරිහැටි මතකයක් නැත. නමුත් අන්තර්ජාලයේ ලිපියක දුටුවේ එය දේශීය සිනමාවේ ආරම්භ යුගයේ දී එනම් ඒ වර්ෂ 1954 දී ඉදි වූ බවය. සිනමාශාලාව ප්‍රතිසංස්කරණය කළ යුතු බව යෝජනා කරන තරමට එහි ස්වභාවය පවතින්නේ අතිශය දුර්වල තත්ත්වයක බව කනගාටුවෙන් වුව ද කිව යුතුය. නමුත් සිනමාශාලාව කෙසේ හෝ පවත්වාගෙන යන බව ජොහාර් මහතාගේ අදහසයි. කාලාන්තරයක් තිස්සේ මෙම සිනමා ශාලාවට දැඩි සේ ආදරය කරන අයෙකු බව ඔහුගේ කතාබහෙන් මතුවිණ. ඔහු පවසන්නේ සිනමාශාලාව අයිතිකරු වන අතීත පුත්‍රයාගේ අතීතකාමය මත මෙය 35mm චිත්‍රපට පෙන්වා හෝ පවත්වාගෙන යන බවයි. සිනමාශාලාවේ ආරම්ක අයිතිකරු වූයේ බැස්ටියන් නමැති සිංහල ජාතිකයෙකි. ඔහුගේ මරණයෙන් පසුව ඔහුගේ පුත්‍ර රත්නය වන හේමන්ත කණ්ඩම්බි වෙත සිනමාශාලාව භාර විය. හේමන්ත කණ්ඩම්බ්ගේ මරණයෙන් පසුව ඔහුගේ වැඩිමහල් පුත්‍ර රත්නය වන නේමින්ද කණ්ඩම්බි වෙත සෙන්ට්‍රල් සිනමාව පිය උරුමයෙන් හිමි වුණු බව ජොහාර් මහතා පැවසීය.
” ගාමිණි, විජයගේ ෆිල්ම්ස් හොඳටම දිවුවා. තව හින්දි ෆිල්මිස් එහෙමත් හොඳටම දිවුවා. මාසේ කලෙක්ෂන් එක විතරක් ඒ දවස්වල හැටියට රුපියල් 3500ක් වෙනවා. ඒ දවස්වල කියන්නේ 1970 දශකයේ විතර තිබුණ සත හැටේ ටිකට්ස් විකුණන කාලේ. ගැලරි, සෙකන්ඩ් ක්ලාස්, ෆස්ට් ක්ලාස්, ODC කියන සැකැස්ම තමයි සිනමාශාලාව තිබුණේ. ගැලරි සත හැටයි, සෙකන්ඩ් ක්ලාස් රුපියලයි සත විසිපහයි. ෆස්ට් ක්ලාස් රුපියල් දෙකයි සත පනහයි. ODC රුපියල් තුනයි සත හැත්තැපහයි. මේ සිනමාශාලාවේ වැඩිපුරම සෙනඟ හිටිය ෆිල්මි තමයි සූරයන්ගෙත් සූරයා, එදත් සූරයා අදත් සූරයා, හතර දෙනාම සූරයෝ, ඔබටයි ප්‍රියේ ආදරේ, ජුරාසික් පාර්ක්, සූරිය අරණ, අබා, වගේ ෆිල්මිස් හොඳටම දිවුවා. කොච්චර සෙනඟ හිටියද කියනවා නම් 10.30 ෂෝ ටයිම් එක ෆුල්. ඉළඟ ෂෝ ටයිම් එක එනකම් මිනිස්සු හිටගෙන ඉන්න තරමට චිත්‍රපට බලන්න ආසාවක් තිබුණා මිනිස්සුන්ට.”
මා ඊළඟට විමසුවේ ජොහර් මහතා සේවය කළ කාලයේ සිනමාශාලාවේ අමතක නොවන සිදුවීමි මොනවාද? යන්නයි. ඔහු මඳක් සිනහමුසු මුහුණින් මා වෙත පිළිතුරු දුන්නේ මෙයාකාරයෙනි.
“බළංගොඩ සිනමා ශාලාවට වැඩිපුරම ඉල්ලුමක් තිබුණේ සිංහල චිත්‍රපටවලට. දෙවැනියට වැඩිම ඉල්ලුමක් පැවතුණේ දමිළ චිත්‍රපටවලට. දමිළ චිත්‍රපටවලට වැඩිපුරම සෙනඟ හිටියේ 9.30 දර්ශනයට. 9.30 ෂෝ ටයිමි එකේ ගෝරි. ගෝරි කියන්නේ මිනිස්සු රණ්ඩු වෙනවා. මොකද මාතලේ පැත්තේ ගම් තියෙනවා සෑහෙන. ඔය ගම්වලින් විවිධාකාරයේ මිනිස්සු එනවා. එයාලා අතර තියෙන යම් යම් ප්‍රශ්න නිසා සිනමාශාලාව ඇතුළේ රණ්ඩු ඇති කරගන්නවා හැමදාම වගේ.”
සෙන්ට්‍රල් සිනමාශාලාවේ හදවත වනුයේ 35mm ප්‍රක්ෂේපණ යන්ත්‍රයයි. හදවත යනුවෙන් උපමා කළේ සිනමාශාලාව කෙතරම් විශාලා එකක් වුව ද ප්‍රක්ෂේපණ යන්ත්‍රය නොමැති නම් එය සිනමාශාලාවකට වටිනාකම දියවී යයි. සිනමාශාලාවේ 35mm ප්‍රක්ෂේපණ යන්ත්‍රයට අවුරුදු පනහක් පැරණි ය. එය ජර්මනියේ නිෂ්පාදිත සෙන්චරි යන නාමය රැගත් ප්‍රක්ෂේපණ යන්ත්‍රයකි. චිත්‍රපට පෙන්වන්නට කාබන් කූරු චිත්‍රපට සංස්ථාවෙන් මිලදී ගන්නා බව . තුෂාර සිනමාපටය ප්‍රදර්ශනය කිරීමට පෙර සෙන්ට්‍රල් සිනමාශාලාවේ “ඔබටයි ප්‍රියේ ආදරේ”(1987) චිත්‍රපටය, “නැව ගිලුනත් බෑන් චූන්”(1988), ”වාසනා” වැනි ජනප්‍රිය ධාරාවේ සිංහල චිත්‍රපට ප්‍රදර්ශනය කළ බව ජොහාර් මහතා පැවසීය. මෙරට චිත්‍රපට කර්මාන්තයක් ලෙස මාතලේ සෙන්ට්‍රල් සිනමා ශාලාව දැක් වු දායකත්වය අදවන තුරු ම නොපිරිහෙලා ඉටු කරති. 35mm චිත්‍රපට ප්‍රදර්ශනය කර හෝ රජයට විනෝද බද්ද ගෙවති. නමුත් සිනමාශාලාව දෙස රජයේ අවධානයක් ලැබිය යුතු බව තරයේ විශ්වාස කරම්. සැබැවින්ම 35mm මාධ්‍යයෙන් චිත්‍රපටයක් අද කාලයේ නැරැඹීම ආස්වාදනීය ක්‍රියාවක් සේම විස්මයාන්විත දෙයක් බව මම තරයේ විශ්වාස කරන්නේ එවැනි යුගයක් නැවත කිසිදා අත්විඳීන්නට නොලැබෙන බව සපථ කරමින්මයි. එම නිසාම මෙවැනි සිනමාහලක් ඩිජිටල්කරණය කිරීමට වඩා 35mm සිනමාශාලාවක් ලෙස සංරක්‍ෂණය කිරීම (Preservation) අතිශය වැදගත් ය.
මලින්ත විතානගේ