Home » යුක්තියේ හස්තය අදිරන්

යුක්තියේ හස්තය අදිරන්

by Thanushika
May 22, 2025 1:43 pm 0 comment

එක්තරා ගම්මානයක, ගම්මුන්ගේ විශ්වාසය හා ආදරය ගෞරවය දිනා ගනිමින් ජීවත්වන “ආදි” නම් අවංක තරුණයෙකු කේන්ද්‍ර කර ගනිමින් “අදිරන්” සිනමාවට පිවිසෙයි. ජීවිතය ජීවත් කරවීමේ අරමුණින් යුතුව නගරයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු මෙන්ම දේශපාලනඥයකු යටතේ රැකියාවක් සඳහා ආදි එක්වෙයි. කඩවසම් යෞවනයෙකු වන ආදි ට කවිතා නමින් රූමත් පෙම්වතියක් සිටී. ඔවුන් ඉතාමත් ආදරයෙන්, අනාගත පෙම් සිහින මවමින් ප්‍රේමාන්විතව කාලය ගත කරයි. කාලයක් ගතවන විට තම රැකියා ස්ථානයේ නීතියට පටහැනි යම් යම් දේ සිදුවෙන බව ආදි ට වැටහෙයි. එක් අවස්ථාවක නොසිතූ නොපැතූ විශාල ගැටලුවකට ඔහුට මුහුණ දීමට සිදුවෙයි. ඉන් අනතුරුව දැඩි කම්පනයට පත්වන ආදි, අසාධාරණය සහ අයුක්තිය එරෙහිව ” අදිරන්” නමින් පෙනී සිටිමින්, සියලු නීති විරෝධි ක්‍රියාවන්ට විරුද්ධව අභියෝගාත්මක චරිතයක් බවට නැගී සිටියි. එහිදි ඔහු මුහුණ දෙන සිදුවීම් මාලාවට සහ ආදි- කවිතා පෙම් කතාවේ ඉරණම පිළිබඳවත් “අදිරන්” තුළින් ප්‍රේක්ෂකයාට පහදා දී ඇත.

තිනේෂ් කනගරාජ් යනු දමිළ මාධ්‍ය ක්ෂේත්‍රයේ සුවිශාල අත්දැකීම් සහිත නිර්මාණවේදියෙකි. සිංහල සහ දමිළ භාෂා ද්විත්වයෙන්ම එළිදක්වන “අදිරන්” ඔහුගේ කුලුඳුල් සිනමා වෘත්තාන්තයයි. සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානයේ, ශක්ති ටී.වී. නාළිකාව වෙත 2004 වර්ෂයේදී නිෂ්පාදක සහකාරවරයෙකු ලෙසින් සිය

වෘත්තීය ජීවිතය අරඹන ඔහු, 2007 වර්ෂය වන විට MTV/MBC නාළිකා සමූහයේහී විධායක නිෂ්පාදකවරයෙකු දක්වා උසස් වීම් දැරුවේය. Ceylon Stratagic Research Institute වෙතින් උපායමාර්ගික කළමණාකරණය පිළිබඳව උපාධියක් සහ Saylor Academy Alison ~ƒ NPTEL  වැනි ආයතනයන් වෙතින් බහු මාධ්‍ය අධ්‍යයනය, චිත්‍රපට නිෂ්පාදනය සහ මෙහෙයුම් කළමණාකරණය පිළිබඳව ද ඩිප්ලෝමා උපාධිධාරියෙකි. උපතින් දමිළ ජාතිකයෙකු වූවද සිංහල හා ඉංග්‍රීසි භාෂා චතුර ලෙසින් භවිතා කරන සංස්කෘතික භාෂා උපදේශකයකු ද වන ඔහු විසින් “7K” සහ ” කඩලයි කදල්” ටෙලි කතා මාලාවන් අධ්‍යක්ෂණය කරමින් ප්‍රේක්ෂකයා හමුවට රැගෙනවිත් ඇත.

රංගන දායකත්වය

සුදර්ශන් රවීන්ද්‍රන්, මිෂෙල් දිල්හාරා, එල්රෝයි අමලතාස්, ක්‍රිශාන් විනෝදන්, ශ්‍යාමලා නිරංජන්, අරුන් සුසීන්, අමරතාස් ජේ.පී., කවීශා, ජමාල්ඩීන් මුෂාමිල්, සෙල්වරාජ් ලීලා ,ඩී. එම්. කේ මිතූන් මොහොමඩ් උස්මාන්, දිලීබා, කේ.එස්. කේතීහ්වරන්, සමුදිත උදාර, දුලාෂි කෝන්ගහවත්ත, ඩිලාන් බාලකුමාර්, නීල් රෙක්ෂන්, විජය කුමාර්, කරුණාකරන්, දයාලන් සෆ්‍ රාන්, ලාරා ලෝෆස්, ගනේශන් විජේ, රෙෂ්මි, ශාන්, කාව්‍යා, මහේන්ද්‍රන් ඇතුළු පිරිසකි.

කාර්මික දායකත්වය

තිර රචනය සහ අධ්‍යක්ෂණය –

තිනේෂ් කනගරාජ්

නිෂ්පාදනය – ඇන්ටන් රමේෂ් ඩෙලසෙල්ෆ්

ඉදිරිපත් කිරීම – අදිරන් ප්‍රඩක්ෂන් පෞද්ගලික සමාගම

කැමරා අධ්‍යක්ෂණය – කතීර් රාජසේකරම්

නිෂ්පාදන ප්‍රධානි – තීප්තිකා

සංස්කරණය, දෘශ්‍ය ප්‍රයෝග, දමිළ දෙබස් පටිගත කිරීම – එස්.ආර්. තුශීකරන්

දෙබස් රචනය – සුකීර්තන් ක්‍රිස්තුරාජා, ජෙනෝෂන් රාජේශ්වර්

සංගීත අධ්‍යක්ෂණය – සගිස්නා සේවියර්

ගීත රචනය – වරූන් තුෂියන්තන්, ශතිශ්කාන්ත් තම්බිරත්නම්

සිංහල දෙබස් – අනූෂා මුදලි හේරත්, සවනි කුලසේකර

ඩී.අයි.වර්ණ සංයෝජනය – කතීර්

ශබ්ද නිර්මාණය -ප්‍රජීව් වර්ල්

5.1 ශබ්ද මිශ්‍රණය – සිවා පත්මයන්

සටන් අධ්‍යක්ෂණය – කෞශල්‍ය නිර්මාණ

ඇඳුම් නිර්මාණය – අබු අචී

කලා අධ්‍යක්ෂණය – ප්‍රියා ලක්ශාන්

කලා සහය – නෙලෝන්

අංග රචනය – කලායි මායිල්

රේඛීය නිෂ්පාදනය – වඩිවෙල් රමේෂ් කුමාර්

ප්‍රචාරණ සැලසුම්කරණය -රජීවන් තෛයපාරන්

නීතී උපාදේශක – බෙනී ඇලෙක්ස්

ප්‍රොප් මාස්ටර් – නිකිල් මුරුගන්

සහය අධ්‍යක්ෂණය – සුජී හරන්, සායි ප්‍රකාස්, ධරණිය කුමිදුනී

අධ්‍යක්ෂණ සහය – සූකීර්තන් ක්‍රිස්තුරාජා, ජෙනෝෂන්

ප්‍රධාන කැමරා සහය – කේමාල්

සහය කැමරා ශිල්පීන් – කිලින්ටන් අල්විස්, සංජය ලක්මාල්, භානුක ප්‍රනාන්දු, කපිල් ශ්‍යාම්

නිෂ්පාදන සම්භන්ධිකරණය – නලින් මධුසංක

 

[email protected]

ඇන්ටන් ජේ.ප්‍රනාන්දු

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT