39
ජනප්‍රිය ගායක මරියෝ ආනන්ද අධ්‍යක්ෂණය කළ ‘අපි මිරිස්සේ’ ටෙලි නාට්‍යය පෙබරවාරි 20 වෙනිදා සවස 6.00 ට ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේදී එළි දැක්වේ. මෙය මරියෝ ආනන්දගේ ප්‍රථම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණයයි.
මෙහි නෙතලි නානයක්කාර, ධර්මප්‍රිය ඩයස්, සරත් කුලාංග, බුද්ධික, තුෂ්නි ප්‍රනාන්දු, හර්ෂ තෙන්නකෝන්, රයන් වැන්රොවන්, අනුරාධ එදිරිසිංහ, අනුරාධ මල්ලවාරච්චි, මරියෝ ආනන්ද, මධුෂාන් නානයක්කාර, රජිව් මධුමාධව, දුලාංජලී චාතුර්යා, සමින්ද තිලකරත්න සහ තුමිර මාසිංහ රංගනයෙන් දායක වී ඇත.
