Home » නව වසරේ සුබ මොහොතින් හනිමූන් Tomorrowවැඩ අරඹයි

නව වසරේ සුබ මොහොතින් හනිමූන් Tomorrowවැඩ අරඹයි

by mavan
January 8, 2026 9:25 am 0 comment

 

යොවුන් සිනමා අධ්‍යක්ෂවරුන් දෙදෙනෙකු වන මහේෂ් විදානපතිරණගේ සහ මාලිංග විජේසිරි අධ්‍යක්ෂණය කිරීමට නියමිත හනිමූන් Tomorrow චිත්‍රපටයේ මුහුරත් උලෙළ පසුගියදා අති විචිත්‍රවත් අන්දමින් පැවැත්විණි. නාවල Grand Solis  හිදී පැවති මෙම උලළෙහි ප්‍රධාන අමුත්තා වශයෙන් ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂවරයෙකු වන චන්ද්‍රන් රත්නම් සහභාගී විය.

නුදුරේදීම රූගත කිරීම් ආරම්භ වන හනිමූන් චිත්‍රපටයේ අනූෂ් ඉඳුනිල්, ශේෂාද්‍රි ප්‍රියසාද්, ප්‍රියන්ත සිරිකුමාර, නිල්මිණී කෝට්ටේගොඩ, අංජන ප්‍රේමරත්න, චානුක ප්‍රබුද්ධ, මහේෂි මධුශංකා, රුක්ෂාණා දිසානායක ඇතුළු නළු නිළියෝ රැසක් රංගනයෙන් දායක වෙති.

හනිමූන් Tomorrow කතාව අනුෂ් ඉඳුනිල් සහ මාලිංග විජේසිරිගෙනි. මහේෂ් විදානපතිරණගේ තිරරචනය කර ඇති මෙහි කැමරාකරණය ජනිත් ගුණසේකර ගෙනි. සංස්කරණය සසික රුවන් මාරසිංහගෙන් වන අතර කලා අධ්‍යක්ෂණය තරිඳු ධනංජය වීරසිංහගෙනි. රුෂාන් කරුණාරත්න අංග රචනයෙන් දායක වේ. මෙහි සංගීත අධ්‍යක්ෂණය සහ ගීත ගායනය රොමේෂ් සුගතපාලගෙනි. මෙය ඔහුගේ පළමු සිනමා සංගීත අධ්‍යක්ෂණයයි. ගීත රචනය ශෙහාන් ගලහිටියාව ගෙනි. නිශ්චල ඡයාරූප අමිල ඩෙවෝන් ගෙන් වන අතර ඇඳුම් නිර්මාණය ගිහාන් ලක්මාල් ගෙනි.

හාස්‍ය සහ කුතුහලය පිරි හනිමූන් Tomorrowනිෂ්පාදනය දිල්හානී ද සිල්වා ගෙනි.

 

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT