හද්ද පිටිසර ගමක ජීවත්වෙන සේකර මුදලාලි ඊ.සි.බුලත්සිංහල මාන්නක්කාර ධනවතෙකු වෙයි. ඔහුගේ බිරිඳ හාමිනේ ඇලන් පෙරේරා නිහතමානී ගැමි කාන්තාවක් වෙයි. ඔවුන්ට රූපා, ශීලා පීරිස් හා ස්වර්ණනා සුජාතා බුලත්සිංහල නමින් රූමත් දියණියන් දෙදෙනෙක් සිටිති මොවුහු වරක් මහියංගණ වන්දනා නඩයකට එකතු වෙති සියලුම දෙනා නවාතැන් ගන්න ලැගුම්හල අසල ඝන මූකලන් කැලෑ රොදක් වෙයි. මෙතනට පැමිණෙන ශාස්ත්‍රකරුවෙකු දළුවත්ත සේකර මුදලාලිගේ වැඩිමහල් දියණිය වංශවත් ධනවත් පවුලක තරුණයකු සමඟ විවාහ වන බවට සහතික කරයි.මේ අතරේ මල් නෙළීම සඳහා වනයට ඇතුළුවන රූපා දකින වැද්දකු ජී ඕ පොන්සේකා ඇයව පැහැරගෙන යයි. මේ අකරතැබ්බ දකින විමල් කින්ග්ස්ලි ජයසේකර හා සිරිල් වින්සන්ද පෝල් පීරිස් නම් තරුණයින් දෙදෙනා තරුණිය සොයා වනවදී වැද්දා වාසය කරන ඉසව්වට යන ඔවුහු වැදිග්‍රහණයෙන් රූපා මුදා ගනිති. ඊට ප්‍රතිඋපකාරයක් වශයෙන් සංගීතයට ලැදි තරුණයෙන් දෙදෙනාට සේකර මුදලාලි උදව් උපකාර කරයි. විමල් හා රූපා ආදරවන්තයින් වන නමුත් මුදලාලි ඊට විරුද්ධත්වයක් දක්වයි. සිරිල් උපායශීලීව තරුණ පෙම්වතුන්ගේ සිහිනය සැබෑ කරවයි. ඒ සඳහා හාමිනේද සහය ලැබීම නිසා අවසානයේ සේකර මුදලාලි විරසක පසෙකලා නව යුවළට ආශිර්වාද කරයි.
මේ මීට හරියටම හැත්ත හතරකට පෙර 1950 ජනවාරි 27 ප්‍රදර්ශිත සිංහල චිත්‍රපටයක කතා සාරාංශයකි. එය එතෙක් තිරගතව තිබුණු සිංහල චිත්‍රපට හතකටම වඩා වෙනස් නිර්මාණයක් විය මිලිමීටර් 35 යනු සාමාන්‍ය ප්‍රධාන ධාරාවේ චිත්‍රපට නිමවෙන ප්‍රමාණයක් වුවත් මෙම චිත්‍රපටය නිර්මාණය වී තිබුණේ මිලිමීටර් දාසයේ ප්‍රමාණයෙනි. ඒ වූ කලී 1923 ජෝර්ජ් විජේගුණරත්න සිනමාවට හඳුන්වා දුන් සිනමා පට ප්‍රමාණයකි. එම ප්‍රමාණයේ ප්‍රථම සිංහල චිත්‍රපටය එය වෙයි මේ සඳහා යොදාගත් ප්‍රත්‍යාලෝකන හා තවත් විකාශන රූප පට රිවර්සල් ෆිල්ම් නිපදවා තිබුණේ රූපගත කිරීමෙන් පසු ශෝධනය දිවලප් කොට ප්‍රදර්ශනය කිරීමට හැකි අයුරිනි. කොඩැක් ක්‍රෝම් මැග්නට්. යන වෙළඳ නාමයෙන් හැඳීන්වූ මෙම පටවල රූගත කිරීම සඳහා අධික ආලෝකයක් අවශ්‍ය විය. එබැවින් මෙමඟින් රූගත කිරීම් වඩාත් සාර්ථක වූයේ එළිමහනේදීය.
එලෙසම මෙකී චිත්‍රපටය වර්ණයෙන් තිරගත වූ නිසා දේශීය සිනමාවේ පළමු වර්ණ චිත්‍රපටය ලෙස පිළිගැනීමටත් සිදුවෙයි. අපට පෙරාතුව මෙවන් චිත්‍රපට අසල්වැසි ඉන්දියාව පවා නිපදවා තිබේ. මෝටි හිඩ්වා නිගේ කිෂන් කන්යා 1933 හා ඩාඩාගුල් ජාල්ගේ මදර් ඉන්දියා. 1938 මිලිමීටර් 16 වර්ණයෙන් නිපදවන ලද හින්දි චිත්‍රපට දිත්වයකි. ඒවා සිනේ කලර් නමින් හඳුන්වති. ඉන් කිෂන් කන්යා නිර්මාණය කළ මෝටි ගිඩ්වානි තම චිත්‍රපටයේ වෙනුවෙන් උදම් ඇනුවේ මිලිමීටර් දාසයේ කැමරාවකින් රූපගත කොට එම ප්‍රමාණයේම ප්‍රක්ෂේපණයන්ත්‍රයක් සිනමාහලට රැගෙන ගොස් ප්‍රදර්ශනය කළ බැවිනි. මිලි මීටර් දාසය ගෙවා වර්ණයෙන් රූපගත කොට මිලි මීටර් තිස්පහ ටෙක්නි කලර් ප්‍රමාණයට විශාලනය කොට පෙන්නූ මෙහි මෙහෙබුබ් කාන්ගේ ආන් හින්දි චිත්‍රපටය එම කාර්ය සිදු කරවා ගත්තේ එංගලන්තයේ චිත්‍රාගාරයකිනි.ඉන් හැඟවෙන්නේ ඒ වන විට දහසය තිස්පහට විශාලනය කිරීමේ පහසුකම් ඉන්දියාවෙත් නොතිබුණු බවයි. ලාංකික සිනමාව තුළ මුලින් දහසයෙන් රූපයට නගා දෙවනුව තිස්පහට විශාලනය කොට ඇත්තේ වාර්තා චිත්‍රපටයක ඒ ආරුමුගම් තොණ්ඩමන් පිළිබඳ වාර්තා චිත්‍රපටය 1977 දීය වෘත්තාන්ත චිත්‍රපටය නොම්මර එකයි. 1987 පෙන්විය. එම කාර්යය සිදුකොට ඇත්තේ ගිවන්ත අර්ථසාද් දිනේෂ් ප්‍රියසාද තැනූ දෘෂ්ටි ප්‍රයෝග යන්ත්‍රයක් මගින් බව සැඟවුණු පුවතක් වෙයි.
මිලි මීටර් 16 තිරයට අප රටේ හඳුන්වන ලද්දේ සොළොස්මාන සිනමාව යනුවෙනි. ඒ ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් යෙදූ හෙළ අර්ථය යි. සොළොස් මාන සිනමාවෙන් ප්‍රථමයෙන් කළ එළිදුටු ගම්බද සුන්දරී මරදානයේ කවුන් සිනමාහලේ ප්‍රදර්ශනය එවකට වෙළෙඳ ඇමතිව සිටි හෙන්රි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පවත්වනු ලැබීය එහි දින දහයක් රැඳී සිටි ඇය දෙවනුව 1950 පෙබරවාරි 14 වැනිදා සිට වැල්ලවත්තේ ප්ලාසා සිනමා හල වෙතට ගියාය. එහි දින හතක් රැඳී සිටියාය. ඉන්පසු ඇය ගැවසුණු සිනමා ස්ථාන පිළිබඳව නිනව්වක් නැතත් ආධාර චිත්‍රපට සංදර්ශන සංවිධානය වූ බවක් දැනගන්නට ලැබේ.රුපියල් තිස් දහක මුදලකින් උපත ලද මැය චිත්‍රාගාරයෙන් බැහැරව මුළුමනින්ම එළිමහනේ රඟපෑමත් කතාව හර රූපගත කරන විටදීම සිදුවීමත් වැදගත් සිද්ධීන් වෙති.
1999.06.24 වෙනි දින ලක්හඬ ගුවන් විදුලි සම්මුඛ සාකච්ඡාවක සහභාගි වූ වින්සන්ද පෝල් පීරිස් පවසා ඇත්තේ තමන් රඟපෑ චිත්‍රපටයේ ගීත ජවනිකා සඳහා රූපගත කරන මොහොතේදීම පසුබිම් සංගීතයට ගීත ගායනා කළ වගකි. මෙය ගීත කැටි නිකුත් නොවීමට ප්‍රධාන හේතුව විය චිත්‍රපටයට මල් මාලා දාලා හා ආලය වේග ඊසැරෙන් ශීලා පීරිස් ප්‍රේම සාගරයේ හා බොළඳ සිනා ශීලා පීරිස් සමඟ කින්ස්ලි ජයසේකර. ආදරණීය පුන් සඳේ වීන්සැල් ද පෝල් පීරිස් විකාර මේ දැක්ම රූපේ හර්බ් පෙරේරා සමග තිලකා සිරිවර්ධන යන ගීත ඇතුළත්ව තිබුණි. ගීත ප්‍රබන්ධනය හා සංගීත අධ්‍යක්‍ෂණයේ එන්කේ කාරියවසම්ගෙනි ග්‍රැමර්ෆෝන් ගායකයෙකු වූ ඔහු ගම්බද සුන්දරී කතාව හා දෙබස් ද ලීවේය.
කොල්ලූපිටියේ ප්‍රසාද් ෆිල්ම් ප්‍රඩක්ෂන් වෙනුවෙන් ජෝර්ජ් විජය ගුණරත්න නිෂ්පාදිත ගම්බද සුන්දරී චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා හා සහාය කැමරා ශිල්පියාත් විය ප්‍රධාන කැමරා ශිල්පියා වූයේ ලෙස්ලි පේදිරිස්ය ඔහු කියන පරිදි තරුණ කාලයේ විනෝදයට පාහේ කරන ලද චිත්‍රපට නිර්මාණයකි. ඔහුගෙන් රූගත දර්ශන සංස්කරණය කළේ කාන්තාවන් දෙදෙනෙකුගේ අතිනි අතිනි ඉසබෙලා බ්‍රෝහිය හා ශීලා බැස්ටියෙන් වන ඔවුන් ලාංකීය සිනමාවේ පළමු චිත්‍රපට සංස්කරණ ශිල්පිනියන් වෙති. ශබ්ද පරිපාලනය ගයිබ්‍රෝහිය කළේය නිෂ්පාදක විධායක හා සම අධ්‍යක්ෂවරයා විල්සන් බැස්ටියෙන් වූයේය විකට චරිත රඟපෑ හර්බට් පෙරේරා බණ්ඩා. තිලකා සිරිවර්ධන ඇලිස් සමග සෙසු නළු නිළියන් ධර්මදාස තිලක් ගුණතිලක පී ෆොන්සේකා මල්ලිකා නාමදාස ඩී එන් බිසෝ මැණිකේ ඇල්ෆ්‍රඩ් නානායක්කාර කුමාරි නදීකා ප්‍රේම රාජා කොටිල්ඩා පෙරේරා සිරිල් පද්මිනී වික්‍රමආරච්චි විමලා වික්‍රමරත්න හා ප්‍රධාන නළු නිළියන් වෙස්ගෙන්වීම ක්වින්ටස් පීරිස් කළේය.
ගම්බද සුන්දරී චිත්‍රපටියේ ප්‍රධාන චරිත මැවූ තිදෙනාම ග්‍රැමර්ෆෝන් හා ගුවන් විදුලි ගායක ගායිකාවන් වීමත් විශේෂත්වයකි. ඔවුන්ගේ වූ ගීත තවමත් මතකයෙන් හෝ ජනප්‍රියත්වයෙන් බැහැරවී නොමැත. සුදුසඳ රැස් ඒවි නැගී දැන් ගීතය ඇසෙන විට මතකයට නැගෙන ශීලා පීරිස් සොහොයුරෝ වනමල පිරිමියෙක් නිසා සංසාරේ යන චිත්‍රපටවල වැඩිහිටි චරිත රඟපෑවාය. මොනවද අම්මේ අකුරු ජාතියක් ගීතයෙන් වඩාත් ප්‍රකට වූ කිංස්ලි ජයසේකර වේදිකා නාට්‍ය නළුවකු හා නිෂ්පාදකවරයකු මෙන්ම රාජ්‍ය නිලධාරියෙකි. බයිසිකලේ බයිසිකලේ වැනි පොදු ජන ගීත ගැයූ වින්සන්ද පෝල් පීරිස් ප්‍රේම තරගය පොඩි පුතා යන චිත්‍රපටවල ගායනයෙන් හා රංගනයෙන් දායක විය.
2008 සරසවිය පුවත්පතේ සියවසක ලාංකේය සිනමාවංශය සංක්‍ෂේපයෙන් නුවන් නයනජිත් කුමාර ලිපි මාලාවෙන්ද සත්‍ය ගවේෂණයක වගතුග හෙළි කළ ගම්බද සුන්දරී චිත්‍රපටියේ මිලිමීටර් තිස්පහ ප්‍රමාණයට විශාලනය කළ පිටපතක් ඇති පුවත සම්පූර්ණයෙන්ම සාවද්‍යය. එහි වූ මිලිමීටර් දාසය එකම පිටපත පසු කාලයක නිෂ්පාදකවරයා විසින් ප්‍රධාන එම පිටපත ආධාර දර්ශන ප්‍රදර්ශකයකු වෙත පවරා තිබූ අතර ඔහුගෙන් තිස්ස නාගොඩවිතාන ලබා ගත්තද වත්මන එය අස්ථානගතව තිබේ.