Home » කළා පුවත්

කළා පුවත්

by mavan
January 8, 2026 11:02 am 0 comment

සිල්වර් ස්ක්‍රීන් පැදුරු සාජ්ජය

සිල්වර් ස්ක්‍රී‍්‍රන් සංගමය සංවිධානය කරන කලාකරුවන්ගේ පැදුරු සාජ්ජය එළැඹෙන 10 වැනිදා ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේදි පස්වරු 06.30ට පැවැත්වීමට කටයුතු යොදා ඇත. කීර්ති පැස්කුවල්, නිරෝෂා විරාජනි, මැණික් චන්ද්‍රිකා, සුප්‍රියා අබේසේකර, ප්‍රියනාත් රත්නායක, ඉල්ලියාස් බෙග්, රොජර් සෙනෙවිරත්න, දමිතා අබේරත්න, අයෝමි පෙරේරා, දිනෙෂ් ප්‍රියසාද්, සුරෙෂ් කුමාරසිංහ, ශාලිකා එදිරිසිංහ, උපුල් නිශාන්ත, දිලුමි අමරසිංහ, ලක්මාල් අමරතුංග, සලිම් මොහමඩ්, නන්දුල සිල්වා, රජිත රොඩ්රිගෝ, සුනෙත් උදයරත්න, ප්‍රියංකා දළුගම එදින ප්‍රසංගය ගීතවත් කරති.

************************************************************************************************************
බ්‍රිස්බේන් මනාලයා 11 වැනිදා

කපිල කුමාර කාලිංග පිටපත රචනා කළ අජිත් ලොකුගේ නාට්‍ය නිර්මාණ වන ‘බ්‍රිස්බේන් මනාලයා’ එළඹෙන 11 වැනිදා දර්ශන වාර දෙකක් පස්වරුවේ එල්ෆින්ස්ටන් රඟහලේදී වේදිකාගත කෙරේ. අජිත් ලොකුගේ, මාදනී මල්වත්තගේ, නිමල් යටිවැල්ල, අංජුලා රාජපක්ෂ, නදීශානී පේළිආරච්චි, කල්පනී ජයසිංහ, ප්‍රදීප් මානවඩු රංගනයෙන් එක්වෙති. බ්‍රිස්බේන් මනාලයා ප්‍රියංකර ද සිල්වා සහ අනුර පෙරනගමගේ නිෂ්පාදනයක.

 

************************************************************************************************************

දෝර්දණ්ඩා එල්ෆින්ස්ටන් හිදී

ප්‍රසන්නජිත් අබේසූරියගේ සම්මානනීය නාට්‍යය-

දෝර්දණ්ඩා ජනවාරි 15 වැනිදා දර්ශන වාර දෙකක් එල්ෆින්ස්ටන් රඟහලේදී වේදිකා ගතකෙරේ.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT