චමින්ද ජයසූරියගේ පළමු සිනමා නිර්මාණය වන ෆාදර් සිනමා පටයේ මූහුරත පසුගිය දින විශාල කලාකරුවන් පිරිසගේ සහභාගිත්වයෙන් කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්විණි.
ෆාදර් සිනමා පටය සදහා නළු නිළියන් සීයකට අධික ප්‍රමාණයක් සහභාගි වු අතර සෞම්‍ය ලියනගේ, දිල්හානි ඒකනායක, චාන්දනී සෙනෙවිරත්න, සරත් කොතලාවල, බිමල් ජයකොඩි, ජගත් මනුවර්ණ, පූජන දන්දෙණිය, සුරාජ් මාපා, අංජන ප්‍රේමරත්න, සේවියර් කනිෂ්ක, අනුෂ්කි ප්‍රේමරත්න, කෝරලගේ සමන්, චමින්ද බටුකොටුව සමඟ ජනක රණසිංහ ඇතුළු පිරිසක් ද ඒ අතර වූහ. තිර පිටපත චාමර ප්‍රසන්න කොඩිතුවක්කුගේ වන අතර කැමරා අධ්‍යක්ෂණය විශ්ව ජීවිත් කරුණාරත්න සමඟ ප්‍රීතික හේවාපතිරණ ගෙනි.