නිවස කළා පුවත් සිරසිරිසිරිමාවෝ ආනුභාව කලා උලෙළ

සිරසිරිසිරිමාවෝ ආනුභාව කලා උලෙළ

by Thanushika
June 6, 2024 10:54 am 0 comment

කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයීය කලා අංශය විසින් සංවිධානය කරනු ලැබූ 2024 ආනුභාව කලා උළෙල පසුගිය දින පාසල් ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. එදින ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වුයේ සම්මානිත ටෙලි නාට්‍ය හා සිනමා අධ්‍යක්ෂ ජයන්ත චන්ද්‍රසිරි සහ ආදි සිරිමාවිය පබා මලිති පියරත්නයි.ප්‍රධාන ආරාධිතයන් පෙරටු කර ගනිමින් විද්‍යාලයීය විදුහල්පතිනී ආචාර්ය ජේ.සුමේධා ජයවීර සමඟ නියෝජ්‍ය හා සහකාර විදුහල්පතිවරුන් ප්‍රමුඛ, අංශ ප්‍රධානීන් හා ගුරු මණ්ඩලය සහ කාර්ය මණ්ඩලයද එක්වූහ.

ආනුභාව කලා උළෙල නැටුම් ගැයුම් හා නාට්‍ය තුළින් විචිත්‍රවත් විය.

ඈ, උරුමය, මනුෂ්‍යත්වය තුළින් අසිරිමත් සුයාමයේ, අරුමැසි ව පූදින, සොඳුරුතම මනුදමේ, මිහිරතම දිගහැරුම ට

කොළඹ ප්‍රධාන පෙළේ පාසල් පාසල් දහතුනක්ද සම්බන්ධ විය.

මෙවර 2024 ආනුභාව කලා උලෙළ විශේෂ ලක්ෂණය ලෙස සිංහල භාෂා, නාට්‍ය, නැටුම්, නිවේදන සමඟ මුද්‍රා නාට්‍ය ආදී තරග අංශද සංවිධානය කර තිබුණි. එහි ජයග්‍රහක ජයග්‍රහකාවන් වෙත සහතික හා තිළිණ ප්‍රදානය ප්‍රධාන ආරාධිත අමුත්තන් අතින් සහ විදුහල්පතිනිය අතින් සිදුකෙරිණි.

සියලුම පාසල් අබිබවමින් සමස්ත ශූරතාවය ශාන්ත පාවුළු බාලිකාව හිමි කර ගැනීමද විශේෂත්වයකි.

[email protected]

සටහන සහ සේයාරූ - නිශ්ශංක විජේරත්න

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT