නිවස විචාර සංක්‍රමණික ඉන්දියානුවන්ගේ ජීවිත ගැන කියන ඉන්දියානු ඩයස්පෝරා සිනමා ශානරය

සංක්‍රමණික ඉන්දියානුවන්ගේ ජීවිත ගැන කියන ඉන්දියානු ඩයස්පෝරා සිනමා ශානරය

by Thanushika
June 13, 2024 12:33 am 0 comment

ඉන්දියානු සිනමාව යනු වෙන අන් රටවල ඇති සිනමාවන්ට සාපේක්ෂව අතිශය සංකීර්ණ සිනමා කලාපයකි. මන්ද ඉන්දියානු සිනමාව තනි කර්මාන්තයක් වශයෙන් පවතින්නක් නොව සිනමා කර්මාන්ත ගණනාවකින් සැදූමිලත් කර්මාන්තයක් බැවිනි. නිදර්ශනයක් ලෙස ඇමරිකා එක්සත් ජනපදය ගත්විට හොලිවුඩ් සිනමා කර්මාන්තය ද, දකුණු කොරියාව ගත්විට කොරියානු සිනමා කර්මාන්තයද, චීනය ගත්විට චීන සිනමා කර්මාන්තය යනාදි වශයෙන් බොහෝ රටවල සිනමා කර්මාන්තය පවතින්නේ තනි කර්මාන්තයක් වශයෙනි. නමුත් ඉන්දියානු සිනමාවෙි තත්ත්වය එසේ නොවේ. ඉන්දියාව තුළ භූගෝලීය වශයෙන් ප්‍රාන්ත ලෙස බෙදී ඇති අතර ඒ ප්‍රාන්තයට අනුකූලව බොලිවුඩ්, කොලිවුඩ්, මලයාලම්, තෙළිඟු, කන්නඩ, බෙංගාල, ගුජරාට වශයෙන් සිනමා කර්මාන්ත වෙන් වෙන් වශයෙන් පවතී. එය එසේ වී ඇත්තේ ඉන්දියාව භූ ගෝලීය වශයෙන් පිහිටා ඇති විවිධත්වයත්, සංකීර්ණබවත් නිසා ය. ඉන්දියානු සිනමාව අධ්‍යයනය පහසුව සඳහා පිණිස එය කලාපීය වශයෙන් ද ශානර වශයෙන්ද බෙදා දැක්වෙයි. මෙහිදි ඉන්දියානු සිනමාව තුළ පවතින ‘ඉන්දියානු ඩයස්පෝරා සිනමාව’ පිළිබඳ සාකච්ඡා කිරීම වැදගත් වෙයි. එය ඉන්දියානු සිනමාව අධ්‍යයනය සඳහා පහසුව පිණිස එක්තරා චිත්‍රපට ශානරයක් ලෙස ද හැඳීන්විම උචිත යැයි කීම නිවැරදි ය.

ඉන්දියානු ඩයස්පෝරා සිනමාව ඉන්දියානු ජාතික අනන්‍යතාවය, සංස්කෘතිය, සංක්‍රමණය වීම සහ ඉන්දියාවෙන් පිටත රටවල වාසය කරන ඉන්දියානු ප්‍රජාවන්ගේ අත්දැකීම් යන තේමාවන් ගවේෂණය කරන ඉන්දියානු ඩයස්පෝරා ප්‍රජාව විසින් නිර්මාණය කරන චිත්‍රපට ප්‍රවර්ගයකි. ලොව පුරා රටවල් 100ක් පුරා විසිරී සිටින මිලියන 26 ඉන්දියානු සංක්‍රමණික ජනතාව ඩයස්පෝරාව ඉන්දියානු චිත්‍රපට සඳහා වැදගත් වෙළඳපොළකි. ඉන්දියානු ඩයස්පෝරාව කෙරෙහි අවධානය යොමු කළ පළමු හින්දි චිත්‍රපටය වූයේ 1970 වසරේ නිර්මාණය වූ ‘Purab aur Paschim’ චිත්‍රපටයයි. බ්‍රිතාන්‍ය පාලනයට එරෙහිව ඉන්දියාවේ ජාතිකවාදී අරගලයේ වසර කිහිපයක පෙරවදනක් පිළිබඳ ඉදිරිපත් කරන මෙම චිත්‍රපටය පශ්චාත් යටත් විජිත සමය පිළිබඳ නිරූපණය කරන්නකි. චිත්‍රපටය ආරමිභ වන්නේ 1942 වසරේ මහත්මා ගාන්ධි විසින් යටත්විජිතවාදී ඉංග්‍රීසින්ට එරෙහිව මෙහෙයවන ‘ඉන්දියාවෙන් පිටවෙනු’ ව්‍යාපාරයෙනි.

එම නිදහස් ව්‍යාපාරය තුළ සිටින ‘හර්නම්’ නමි නිදහස් සටන්කාමීයා බ්‍රිතාන්‍ය හමුදාව විසින් මරා දමන අතර පසුකාලීනව ඔහුගේ පුත් ‘භාරත්’ විසින් උසස් අධ්‍යාපනය සඳහා බ්‍රිතාන්‍ය සඳහා පිටව යයි. ‘භාරත්’ විසින් බ්‍රිතාන්‍ය තුළ තම ජීවිතය සහ පැවැත්ම ඉන්දියානු හර පද්ධතිය සමඟ සමිබන්ධ වීම පිළිබඳ චිත්‍රපටය විසින් ගැඹුරින් සාකච්ඡා කරයි. ‘Purab aur Paschim’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන ලද්දේ ‘මනෝජ් කුමාර්’ විසිනි. චිත්‍රපටයේ බොහෝමයක් දර්ශන රූගත කර ඇත්තේ බ්‍රිතාන්‍යයේය. මෙම චිත්‍රපටය ප්‍රතිනිර්මාණයක් ලෙස 2007 වසරේදී තිරගත වූ’Namastey London’ බොලිවුඩ් චිත්‍රපටය නිර්මාණය වීම කැපී පෙනේ.

ඉන් අනතුරුව ඉන්දියානු ඩයස්පෝරා සිනමාව වඩාත් කැපී පෙනෙන සිනමාවක් දක්වා වර්ධනය කරන්නට සමත් වන්නේ ‘මීරා නායර්’ විසිනි. මීරා නායර් යනු ඉන්දියානු-ඇමරිකානු චිත්‍රපට අධ්‍යක්ෂවරියක් වන අතර ඇයගේ චිත්‍රපට බොහෝමයක් තුළ ඉන්දියානු සංක්‍රමණිකයන්ගේ ජීවිතවල ඛේදනීයබව සහ සංස්කෘතික අනන්‍යතාවයේ සංකීර්ණතා පිළිබඳ සාකච්ඡා කරයි. විශේෂයෙන් ඇය අධ්‍යක්ෂණය කළ චිත්‍රපට අතර ‘සලාම් බොම්බේ’, ‘මන්සූන් වෙඩින්ග්’, ‘ද නේම්සේක්’ වැනි චිත්‍රපට කැපී පෙනෙයි. මීරා නායර් විසින් අධ්‍යක්ෂණය කළ 1991 වසරේ තිරගත වූ “මිසිසිපි මසාලා” චිත්‍රපටය හරහා ඉන්දියානු පවුලක් උගන්ඩාවේ සිට ඇමරිකානු දකුණට සංක්‍රමණය වීමත් සමඟ වර්ගවාදයට හසු වීම සහ අවතැන් වීම යන තේමාවන් නිරූපණය වන ප්‍රේම කතාවකි.

ඇය විසින් 2006 වසරේ අධ්‍යක්ෂණය කළ “The Namesake” චිත්‍රපටය කැපී පෙනෙන චිත්‍රපටයකි. එහි කතාව වූයේ ඉන්දියාව හරහා ඇමරිකා එක්සත් ජනපදයට සංක්‍රමණය වන බෙංගාලි යුවළකගේ සහ ඇමරිකාවේ උපන් ඔවුන්ගේ දරුවන්ගේ ජීවිතයන් වෙනස්වීම වටායි. “The Namesake” චිත්‍රපටය තුළ කථිකා කරන තේමාව වඩාත් ප්‍රබල වේ. ඉන්දියානුවන් විදෙස්ගතවීම තුළ මුහුණදෙන ඛේදවාචකයන් සමිබන්ධයෙන් චිත්‍රපටයේ ප්‍රධාන සාකචිජාව බවට පත් වෙයි. චිත්‍රපටයේ චරිත ගොඩනැගීමේදී නායර් විසින් ඉතාමත් සංවේදී ආකාරයෙන් යුතුව ඛේදනීය ඉරණමිසහගත තත්ත්වය පිළිබඳ ඉන්දියානු සමාජය තුළ මතුකරන්නට උත්සාහ කරයි. පුද්ගල අන්තර් සබඳතාවන්හි ඇති අති සංකීර්ණබව ඔස්සේ එකිනෙකා තේරුමි ගැනීමෙි අපහසුතාවය පිළිබඳ “The Nemesake” චිත්‍රපටය නිරූපණය කරයි.

“අශෝක් (ඉර්ෆාන් ඛාන්)” සහ “අශිමා(තාබු)” අලුත විවාහපත්ව තම ජීවිතය ගත කිරීම සඳහා ඉන්දියාවෙන් ඇමරිකා එක්සත් ජනපදයට විතැන් වෙයි. මෙතෙක් ඉන්දියානු සංස්කෘතිය සහ සමාජයට අනුගතව සිටි මෙි දෙපළ දැන් ඇමරිකානු සමාජයට සහ සංස්කෘතියට අනුගත වීමෙි වෑයමට මුහුණ දෙන්නට සිදුව තිබෙි. මෙයින් වඩාත් බලපෑම සිදුවන්නේ නුහුරු නුපුරුදු පරිසරය ආගන්තුක වූ අශීමාට ය. ඇමරිකාව තුළ කායික සහ මානසික වශයෙන් හුදෙකලා වූ අශීමා සහ අශෝක්ගේ ජීවිත සහමුලින්ම කණපිට හැරෙන්නේ ඔවුන්ට දාව උපදින දරුවන් නිසාවෙනි. තම අලුත උපන් පුතුට නම තබන්නේ “ගොගෝල්” යනුවෙනි. අශෝක්ට “ගොගෝල්” යන නාමය සමඟ සුවිසල් බැඳීමක් සේම යටගිය කතාවක් ද තිබෙයි. අශෝක්ගේ පුතු “ගොගෝල්” යන නමට කැමති වන්නේ නැත. ඔහු තම නම පවා වෙනස් කර ගැනීමට විටින් විට උත්සාහ කරයි. චිත්‍රපටයේ අඩක්ම වාගේ වෙන් වනුයේ ⁣ගොගෝල්ගේ ජීවිතය විපර්යාසයට ලක් වන ආකාරය පිළිබඳවයි. අවසානයේ ගොගෝල්ගේ විවාහ දිවිය දෙදරා යන්නේ තම මෙතෙක් ගෙවු අසාර ජීවිතය පිළිබඳ යළි යළිත් සිතන්නට බල කරමින්.

මීරා නායර්ට පසුව ඩයස්පෝරා සිනමාව තුළ කැපී පෙනෙන අධ්‍යක්ෂකවරිය ලෙස කැනේඩියානු සිනමාව නියෝජනය කරන ‘දීපා මෙිතා’ හඳුන්වා දිය හැකිය. ඉන්දු-කැනේඩියානු චිත්‍රපට අධ්‍යක්ෂකවරියක් වන දීපා මෙිතා ප්‍රසිද්ධියට පත්වන්නේ, විශේෂයෙන් කාන්තාවන්ට ඉන්දියානු සංස්කෘතික හා සමාජය තුළ බලපවත්නා කාරණා කෙරෙහිය. ඇය අධ්‍යක්ෂණය කළ ‘වෝටර්’, ‘මිඩිනයිටි චිල්ඩ්‍රන්’ වැනි චිත්‍රපට හරහා ඉන්දියානු කාන්තාවට සමාජය තුළ හිමි වී ඇති ආන්තිකභාවය පිළිබඳ ප්‍රශ්න කරයි. ඉන්දියානු ඩයස්පෝරා සිනමා ධාරාව තුළ ඉන්දියානු සම්භවයක් ඇති ‘ගුරින්දර් චාඩා’ නමි බ්‍රිතාන්‍ය අධ්‍යක්ෂකවරිය වැදගත් වෙයි. ඇගේ චිත්‍රපට නිරතුරුවම ඉන්දියානු සංස්කෘතික අනන්‍යතාවය සහ සංස්කෘතික දෙමුහුන්කරණය (Hybridization) පිළිබඳ ගැටලු නිරූපණය කරයි. විශේෂයෙන් එංගලන්තය තුළ ඉන්දියානුවන්ගේ ජීවිත අත්දැකීම් පිළිබඳ ඇයගේ චිත්‍රපට හරහා අවධානය යොමු කරයි. ‘ගුරින්දර්’ විසින් 2002 වසරේ අධ්‍යක්ෂණය කළ “බෙන්ඩ් ඉට් ලයික් බෙකම්” චිත්‍රපටය හරහා වෘත්තීය පාපන්දු ක්‍රීඩිකාවක් වීමට අපේක්‍ෂා කරන බ්‍රිතාන්‍ය-ඉන්දියානු සමිභවයක් සහිත තරුණ ගැහැනු ළමයෙකු වටා කේන්ද්‍ර වෙයි.

ඉන්දියානු ඩයස්පෝරා සිනමාවෙි ශේකර් කපූර් ද ඉතාමත් වැදගත අධ්‍යක්ෂකවරයෙකි. ඔහු මුලින් බොලිවුඩ් සිනමාව තුළින් තම සිනමා කාර්යභාරය ඇරඹු අතර පසුව ඉන්දියාවෙන් හොලිවුඩයට සංක්‍රමණය වෙයි. 1994 පුලාන් දේව්ගේ චරිතය අලළා නිර්මාණය කළ ‘Bandit Queen’ නමි ඉන්දියානු චිත්‍රපටය විචාරක පැසසුම් ලැබු සමිමානනීය චිත්‍රපටයක් විය. එම චිත්‍රපටයෙන් පසුව ඔහු 1998 වසරේ ‘Elizabeth’ නමි හොලිවුඩ් චිත්‍රපටය අධ්‍යක්ෂණය කිරීම හරහා හොලිවුඩ් සිනමාවට අවතීර්ණ විය. එම චිත්‍රපටය එම වසරේ ඔස්කාර් සමිමාන රැසකට නිර්දේශ විය.

මෑතකදි ඉන්දියානු ඩයස්පෝරා සිනමාවට අලුතින් එකතු වු අධ්‍යක්ෂකවරයකු ⁣ලෙස සමිමානනීය නළු ‘දේව් පටෙල්’ හැඳීන්වීමට පිළිවන. දේව් පටෙල් එංගලන්තයේ උපත ලැබුව ද ඔහුගේ මවිපියන් ඉන්දියානුවන්ය. ඔහුගේ කුලුඳුල් අධ්‍යක්ෂණය ලෙස නිර්මාණය වුMonkey Man’ චිත්‍රපටය මෙි වසරේ සාර්ථක ලෙස තිරගත වූ ක්‍රියාදාම චිත්‍රපටයකි. එය හොලිවුඩයේ ජනප්‍රිය ක්‍රියාදාම චිත්‍රපටයක් වූ ‘ජෝන් වීක්’ චිත්‍රපටය ආභාසය කරගත්තකි. එහි කතා පුවත වන්නේ කුඩා කාලයේ තම මව මරා දැමු දාමරිකයන් සොයා පළි ගන්නා ඉන්දියානු තරුණයකු වටායි. හොලිවුඩ් නිෂ්පාදනය යටතේ නිර්මාණය වුව ද දේවි විසින් චිත්‍රපටයේ කතාව සමිපූර්ණයෙන්ම පාහේ ඉන්දියානු පසුබිමක් යටතේ නිර්මාණය කර ඇත. චිත්‍රපටය ඉන්දියානු මජර දේශපාලනය වෙළාගත් සමාජයේ අඳුරු ස්වභාවය පිළිබඳ පෙත්තක් කපා පෙන්වයි.

ලොව පුරා විවිධ රටවලට සංක්‍රමණය වී සිටින ඉන්දියානුවන්ගේ සංක්‍රමණික ජීවිතය තුළ ඇති සංකීර්ණබව, අනන්‍යතාවය සහ සංස්කෘතික දෙමුහුන්කරණය පිළිබඳ මෙම ඉන්දියානු ඩයස්පෝරා සිනමාකරුවන්ගේ සිනමාපටවල දක්නට ලැබෙන ආවේණික ප්‍රධාන ලක්ෂණයි. ගෝලීය සිනමාව (global cinema) තුළ ඉන්දියානු සිනමාවේ හඬ (Voice of indian Cinema) සඳහා වේදිකාවක් නිර්මාණය කරමින් ඉන්දියානු ඩයස්පෝරා සිනමාව ගොඩ නැඟී ඇත. මෙම චිත්‍රපට බොහෝමයක් ඉන්දියානු ඩයස්පෝරාව තුළ පමණක් නොව පුළුල් ජාත්‍යන්තර ප්‍රේක්ෂකයින් ප්‍රමාණයක් ග්‍රහණය කර ගැනීමට සමත්ව ඇත. ඉන්දියානු සිනමාව පමණක් නොව ඉන්දියාව පිළිබඳ ජාතිකත්වය පිළිබඳ හැඟීම ජාත්‍යන්තරව ව්‍යාප්ත කිරිමෙහිලා ඉන්දියානු ඩයස්පෝරා සිනමාව තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන බව දක්නට ලැබෙන ප්‍රධාන නිරීක්ෂණයයි.

[email protected]

ඉමල්ක විතානගේ

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT