නිවස විශේෂාංග ශ්‍රී ගණ දෙවි සිංහල බසින් දැන් නරඹන්න

ශ්‍රී ගණ දෙවි සිංහල බසින් දැන් නරඹන්න

by Thanushika
June 6, 2024 11:07 am 0 comment

හැත්තෑව අසූව දශකයෙන් පසු ලාංකේය සිනමා ඉතිහාසයේ වැඩිම නැරඹුම් වාර සංඛ්‍යාවක් ප්‍රේක්ෂකයන් සිනමා ශාලා වෙත ඇදී ගිය සිනමාපට අතරට එක්වෙමින් ආදායම් වාර්තා තබන්නට සමත් වුණු සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්නගේ අධ්‍යක්ෂණයක් වු ආචාර්ය රවී ලියනගේ නිෂ්පාදනයක් වූ කඳ සුරිඳුන් වටා ගෙතුණු කදිර දිව්‍ය රාජ සිනමාපටය ඉතිහාස හා සංස්කෘතිමය කතාව ප්‍රේක්ෂකයන් ඇඳ බැඳගත් සිනමා සිත්තමක් විය. එයට සමගාමීව ඉන්දීය නිර්මාණයක් වන කඳසුරිඳුන්ගේ සොහොයුරා වන ගණ දෙවියන් සම්බන්ධව දේව ඇදහිල්ල හා දේව භක්තිය තුළ ජනයාගේ සිත් පහන් කරවන සුලුද ටෙලි සිතුවමක් නිර්මාණය වී ඇත. නුවණට අධිපති වන්නේද, තරුණ තරුණියන්ගේ පෙම් සබඳතාවන්වලට පිහිට වෙන එකම දෙවියා ලෙසත් සියලු දෙනා අතර විශ්වාසය පවතින්නේ ද ගණ දෙවියන්ය.

ශිව දෙවියන්ගේ සහ පාර්වතී දේවියගේ වැඩිමල් පුත්‍රයා වූ ද කතරගම දෙවියන්ගේ බාල සොහොයුරා ද වන ගණ දෙවියන්ගේ ජීවිතය වටා නිෂ්පාදනය වූ ටෙලි සිතුවමක් ලොව පුරා රටවල් දහ අටක විකාශය වූ ඉන්දියාවේ දීර්ඝතම සහ ජනප්‍රියතම රූපවාහිනී කතා මාලාවකි. සෝනි විනෝදාස්වාද නාලිකාවේ අති සාර්ථකව විකාශය වූ කොටස් එක්දහස් විසි හයකින් සමන්විත ශ්‍රී ගණදෙවි රූපවාහිනී කතා මාලාව ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂකයන්ට රස විඳීමට අවස්ථාව එළඹෙන පස්වෙනිදා සිට රාත්‍රී නවයට සුප්‍රීම් ටි.වි සහ ටි.එන්.එල් නාලිකා තුළින් සිංහල බසින් හඬ මුසුකරමින් ලාංකික ප්‍රේක්ෂකයන්ට නැරඹීමට අවස්ථාව උදාවී ඇත.

දේව මණ්ඩලයේ දෙවිවරුන් හා සමාන සාමාන්‍ය පෙනුමක් සහ සිරුරක් සහිතව උපත ලබා පසුව ඇතකුගේ පෙනුම සහිත හිසක් හිමි වන නුවණට අධිපති වූ ගණ දෙවියන්ගේ ළමා කාලය සහ අනෙකුත් දෙවිවරුන්වන විෂ්ණු දෙවියන්, ලක්ෂ්මි දේවිය, බ්‍රහ්ම දෙවියන්, සරස්වතී දේවිය සහ නාරද මුනිවරයා ඇතුළු දේව චරිත රැසක්, භූතයන් මෙන්ම මනුෂ්‍යයින් සහ ඔවුන්ගේ සබඳතා මෙම කථාව තුළින් පුදුමයට පත් කරන ලෙස ඉතා ආකර්ෂණීය ලෙස ප්‍රේක්ෂක ඔබ හමුවට ගෙන එයි.විනෝදාස්වාදය පමණක් නොව සදාචාරාත්මක හා ආධ්‍යාත්මික පාඩම් රැසක් ලබා දෙන ” ශ්‍රී ගණ දෙවි” භක්තිය, ප්‍රඥාව මෙන්ම කරුණාවෙන් සහ බුද්ධියෙන් අභියෝග ජයගැනීමේ වැදගත්කම තේමා කොටගෙන නිර්මාණය කරන ලද කදිම කතා මාලාවක් ලෙසට මෙය නිෂ්පාදනය කර ඇත. ‌බුද්ධිය මුල් කරගනිමින් ඕනෑම බාධකයක් මැඩ පවත්වා සියලු අභියෝග ජයගැනීමේ පරමාදර්ශී වැදගත්කම ඉස්මතුවන ලෙසින් ශ්‍රී ගණ දෙවි උසස් නිර්මාණාත්මක මෙන්ම තාක්ෂණික පසුබිම් සහිතව නිර්මාණය කර ඇත. බාධක කරදර ජයගැනීමට ආත්ම විශ්වාසය ගොඩනඟා ගනිමින් සාර්ථක ජීවිතයක් ලබාගැනීම උදෙසා අධ්‍යාපනය ලබන දරුවන්, තරුණ තරුණියන් වැඩිහිටියන් ඇතුළු පවුලේ සැමට අතිශයින් වැදගත් ටෙලි සිතුවමක් වනු නිසැකය.

ලෝක රූපවාහිනී ප්‍රේක්ෂකයන් අතර අතිශය ජනාදරයට පත්, ගණ දෙවියන්ගේ චරිතය ඇසුරෙන් නිර්මාණය කෙරුණු මෙම විශිෂ්ට ටෙලි සිතුවම “ශ්‍රී ගණ දෙවි” ලොව වටා සිටින ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂකයන් වෙනුවෙන් යු,ටියුබ් ඉතිහාසයේ ප්‍රථම වතාවට හඬ කවන ලද ටෙලි සිතුවමක් ලොව පුරා රටවල් තිහකදීත් රස විඳීමේ අනර්ඝ අවස්ථාව උදාවනු ඇත.

ලොකු කුඩා ශ්‍රී ලාංකික බෞද්ධ සහ හින්දු ජනයා අතර මෙන්ම අනෙකුත් ආගමික සියලු දෙනා අතර ද වඩාත් ප්‍රසිද්ධ මෙන්ම ආකර්ෂණීය දෙවියකු ලෙස ජනාදරයට පත් ගණ දෙවි කතා පුවත රැගත් “ශ්‍රී ගණ දෙවි” සියලු ප්‍රේක්ෂකයින් අතර දේව ඇදහිල්ලේ ලස්සනම කතා පුවත ලෙස අතිශය ජනප්‍රියත්වයටත් ගෞරවයටත් පත් වනු ඇත. දේව මණ්ඩලයේ දේව කතා අතර ගණ දෙවියන්ගේ කතාව රටවල් දහඅටක විකාශය වීමද ප්‍රබල සාක්ෂියක් බවට පත්වී ඇත. ඔබ මෙතෙක් කඳසුරිඳුන්ගේ හා ගණ දෙවියන්ගේ දැන හා නොදැන සිටි කරුණු සියල්ල මේ තුළින් විකාශය වේ. රාම රාවණා කතා පුවතින් පසු ලාංකේය ප්‍රේක්ෂකයා වෙත පවුලේ සියලු දෙනාටත් එක ලෙස නැරඹිය හැකි කතා තේමාවක් ලෙස ශ්‍රී ගණ දෙවි ගෙන එයි.

 

[email protected]

සටහන සහ සේයාරූ - නිශ්ශංක විජේරත්න

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT