36
ZAHRADA (The Garden) 1995 චිත්රපටය මෙම මස 27 වැනිදා ජාතික චිත්රපට සංස්ථාවේ ජෝ අබේවික්රම ශාලාවේදී සවස 4.30 ට තිරගත කෙරේ.
ශ්රී ලංකා ජාතික චිත්රපට සංස්ථාවේ සිනමාකරණ ඩිප්ලෝමා පාඨමාලාවේ ආදි විද්යාථින්ගේ සංගමය මෙම විශේෂ සිනමා දැක්ම සංවිධානය කරනු ලබයි. මීට සමගාමීව ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන විසින් ආරාධිත දේශනය පැවැත්වීමට නියමිතයි. මෙම වැඩසටහන මෙහෙයවනු ලබන්නේ විමුක්ති රාජපක්ෂ විසිනි.