දෙරටක සිනමාවේ ප්‍රවීණයන් දෙදෙනෙකුගේ අහඹු හමුවීමක් පසුගියදා සිදුවිය. ඒ, දමිළ සිනමාවේ සුපිරි තරුවක් වූ මෝහන් ලාල්, ඔහුගේ නවතම සිනමා නිර්මාණය වූ පේට්‍රියට් හී රූගත කිරීම් වෙනුවෙන් ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී. මේ වන විට ධර්මයුද්ධය 2 චිත්‍රපටයේ රූ ගත කිරීම් සිදුවෙමින් පැවතිණ. Drishyam මලයාලම් සිනමා පටයේ ප්‍රධාන චරිතය වූ මෝහන් ලාල් නිරූපණය කළ චරිතයම බිමල් ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂකයන් වෙනුවෙන් නැවත පණපොවමින් සිටි මොහොතක, ඔහුගේ හමුවීමත්, සුබ පැතීමත් රංගන ශිල්පි බිමල් ජයකොඩිට විශාල ශක්තියක්ම විය. ධර්මයුද්ධය 2 සමස්ත ශ්‍රී ලාංකේය කණ්ඩායමටම සුබ පැතීමටත් ඔහු අමතක නොකළේය. මෝහන් ලාල් සිනමා ප්‍රේක්ෂකයයින් වෙනුවෙන් නැවුම් බලාපොරොත්තුවක් එක් කරමින් පවසා සිටියේ, Drishyam 3 සිනමා පටයේ සියළු වැඩ කටයුතු මේ වසර අග වන විට අවසන් කිරීමේ අපේක්ෂාවෙන් පසුවන බවයි.
358
previous post
තාරාවෝ ඉගිළෙති
next post
