ජ්‍යේෂ්ඨ ගීත රචකයකු වූ බී.ටී මෙන්ඩිස් මහතා පසුගිය දින සමුගත්තේය. මියයන විට 88 වැනි වියේ පසු වූ ඔහු පණ්ඩිත් අමරදේවයන්ගේ සංගීත ජීවිතය සමඟ ඉතා සමීපව කටයුතු කළ අයකු අතර ඥාති සොහොයුරයකුද වේ.
ගුවන් විදුලි සරල ගී වැඩසටහන්වල කැපී පෙනුණු චරිතයක් වූ ඔහු රස මියුරු වැඩසටහන මෙන්ම සාරවිට, රන්සළු, ලක්සෙට කොඩිය වැනි චිත්‍රපටවල ගීත ඇතුළු දේශාභිමාන ගීත රාශියක් රචනා කළේය. දේහය ජුනි 7 වැනිදා සහ 8 වැනිදා දිනවල බොරැල්ල ජයරත්න මල්ශාලාවේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු සෙනසුරාදා (8) ප.ව. 05.00 බොරැල්ල කනත්තේදී සිදුකිරීමට නියමිතය.