156
වත්තල ශාන්ත ජෝන් විදුහලේ ICT Society මඟින් පසුගිය දින ලංකාවේ ප්‍රථම වතාවට පාසැලක් මඟින් සංවිධානය කළ ඩිජිටල් සරුංගල් සැණකෙළියක් විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. මේ සැණකෙළියට 6 වසරේ සිට 13 වසර දක්වා සියලු පන්ති නියෝජනය කරමින් සිසුන් ඉදිරිපත්ව සිටියහ. සැණකෙළියෙන් අනතුරුව හොඳම නිර්මාණශීලී ඩිජිටල් සරුංගලය සඳහා පිළිවෙළින් තෑගි ප්‍රධානය ද සිදු කෙරිණි. සංස්කෘතිය හා තාක්ෂණය එක් කර ගනිමින් නිර්මාණශීලීත්වය තුළින් ළමයකු නව තාක්ෂණ උපාංග ප්‍රයෝජනයට ගනිමින් ගමන් කිරීමට නව මංපෙතක් සැකසීම මෙහි මූලික අරමුණ විය.