නිවස කළා පුවත් පළමු One Take චිත්‍රපටය හේලෝ

පළමු One Take චිත්‍රපටය හේලෝ

by Thanushika
July 4, 2024 12:32 am 0 comment

ලංකාවේ පළමුවැනි දෙබස් නැති මුහුණු භාවිතාවෙන් නිර්මාණය කළ වේදිකා නාට්‍යය ‘ලවු ඇන්ඩ් ලයිෆ්’ අධ්‍යක්ෂකවරයාද ඔහුය. එය පසුගිය අවුරුද්දේ බොස්නියාවේ කෙස්ටර්න් බර්ග් තියටර් ෆෙස්ටිවල් එහි හොඳම නාට්‍ය ද විය. ඉන් අනතුරුව ලංකාවේ ප්‍රථම වන්ටේක් චිත්‍රපටය ‘හේලෝ’ නිර්මාණය කළේය. එම සිනමා පටය පසුගිය 28 වන දින හම්බන්තොට ප්‍රදේශයේදී රූගත කිරීම් අවසන් කෙරිණ. මෙම සිනමා පටය වන් ලොකේශන් එකක වන් ටේක් කළ ලංකාවේ ප්‍රථම සිනමා පටය වේ. එහි අධ්‍යක්ෂකවරයා වන්නේ එස්.අයි.සමරක්කොඩියි.

එහි කැමරා අධ්‍යක්ෂණය සිසිකිරණ පරණවිතානයි.

තිර රචනය චාලක රණසූරිය, නිෂ්පාදන සම්බන්ධීකරණය ප්‍රදීප් කේ.රාජපක්ෂ, සහය අධ්‍යක්ෂණය නිරෝෂන් එදිරිසිංහ, කලා අධ්‍යක්ෂණය අකුරම්බොඩ පියතිස්ස, වේශ නිරූපණය රන්දික ටිශාන්ගෙනි.

එස්.අයි.සමරක්කොඩි, මදුශාන් හත්ලාවත්ත, සංජීව දිසානායක, තිලාන් වර්ණජිත්, අමා විජෙසේකර, දුලංජ දිල්ශාන්, අමිල සඳරුවන්, ඉමා වීරසුරිය, කුසුම්සිරි මුණසිංහ, මේතික නවින්, ලක්මාල් ගජනායක, රෝහණ මුතුකුමාරණ රංගනයෙන් දායක වෙති.

 

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT