537
සඳුමල් ඉන්දුශාන්ගේ කුලුඳුල් වේදිකා නාට්‍යය නිර්මාණය ‘දේවාලයේ සාජ්ජේ’ එළැඹෙන 29 වැනිදා සවස එල්ෆින්ස්ටන් රඟහලේදී වේදිකාගත කෙරේ.
රංජිත් රූබසිංහ, එරික් අබේ ගුණවර්ධන කුමුදුනී අධිකාරි, උචිත පෙරේරා, නිශාන්ත සම්පත්, වසන්ත ප්‍රේමකුමාර, සිතුමනි අසංක, එසදි ඇතුළු රංගන ශිල්පීන් රැසක් රංගනයෙන් එක් වෙති. කලා අධ්‍යක්ෂණය සෝමසිරි හේවාවිතාරණ, වේදිකා ආලෝකකරණය සුනිල් සමරකෝන්ගෙනි.