Home » ජැක්සන් ඇන්තනි රඟපෑ අවසන් චිත්‍රපටය සීරුවෙන් හෙට සිට තිරයේ

ජැක්සන් ඇන්තනි රඟපෑ අවසන් චිත්‍රපටය සීරුවෙන් හෙට සිට තිරයේ

by Thanushika
July 11, 2024 9:10 am 0 comment

නිල් කමල් චිත්‍රපට වෙනුවෙන් නිහාල් විජේසිංහගේ නිෂ්පාදනයක් වන සුදේශ් වසන්ත පීරිස් කතාව දෙබස් තිර පිටපත රචනා කරමින් අධ්‍යක්ෂණය කළ ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනීගේ අවසන් රංගනය වන ‘සීරුවෙන්’ සිනමා පටය මංගල දර්ශනය කොළඹ වන් ගෝල්ෆේස් ර්‍ථඍඅ සිනමා ශාලාවේ හෙට තිරගතවීමත් සමඟ දිවයින පුරා ප්‍රදර්ශනය හෙට 12 සිට ඇරැඹේ.

කැමරා අධ්‍යක්ෂණය ගාමිණී මොරගොල්ලාගම, කලා අධ්‍යක්ෂණය සරත් සමරවික්‍රම, සහාය අධ්‍යක්ෂණය චමත්කා පීරිස්, වේශ නිරූපණය තාරක අධිකාරි, සංගීත අධ්‍යක්ෂණය කේෂාන් පෙරේරා, සංස්කරණය අනුර බණ්ඩාර, ශබ්ද සැලසුම් සසික රුවන් මාරසිංහ, වර්ණ සංයෝජනය ආනන්ද බණ්ඩාර, නිෂ්පාදන සැලසුම් තුෂාණී වීරක්කොඩි, ගේය පද රචනය අචල සොලමන්, ගායනය චමත්කා පීරිස්ගෙනි.

ජැක්සන් ඇන්තනී, සේමිණි ඉද්දමල්ගොඩ, බුද්ධික ජයරත්න, දසුන් පතිරණ, ඩිෂ්නි උමාරියෝ රාජපක්ෂ, සුදත් ඇන්තනී සමග ළමා නිළි ශෙනුලි පිරිස් රංගනයෙන් එක්වෙති.

 

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT