නිවස කළා පුවත් ඇල්බොරාදා ඇමේසන් සිනමා නාලිකාවට

ඇල්බොරාදා ඇමේසන් සිනමා නාලිකාවට

by Manjula
March 21, 2024 12:45 pm 0 comment

අශෝක හඳගම විසින් අධ්‍යක්ෂණය කරන ලද ඇල්බොරාදා (අලුත් දවසක්) මේ දිනවල ඇමේසන් චිත්‍රපට නාලිකාව ඔස්සේ ඇමරිකාවේ හා මහා බ්‍රිතාන්‍යයේ ජනතාවට නැරැඹීමට අවස්ථාව ලැබී තිබේ. එය මෙරට සිංහල සිනමා පටයකට ලැබුණු විරල අවස්ථාවක් වේ. නොබෙල් ත්‍යාගලාභි විප්ලවීය චිලී කිවිඳකු වූ පැබ්ලෝ නෙරූඩා රාජ්‍ය තන්ත්‍රිකයකු ලෙස ලංකාවේ ගත කළ දෙවසරක කාලය තුළ 1929 සිට 31 කාලය තුළ සිදුවූ ඇතැම් සිදුවීම් ඇසුරෙන් ඇල්බොරාදා සිනමා පටය නිර්මාණය කර තිබේ.

ලුවිස් ජේ, ඩොමිනික් කෙලර්, මැල්කම් මචාඩෝ, රිතිකා කොඩිතුවක්කු චරිත නිරූපණය කරති. සිංහල, දෙමළ, ඉංග්‍රීසි, ස්පාඤ්ඤ බසින් උපසිරුර සහිත ඇල්බොරාදා සරසවි සිනරූ වෙනුවෙන් එච්.ඩී ප්‍රේමසිරි නිෂ්පාදනයකි.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT