ලෝක සිනමාවේ මහා මෞලි මංගල්ලය වන ඇකඩමි හෙවත් ‘ඔස්කාර් සම්මාන උලෙළ’ පසුගිය මාර්තු 2 වැනිදා ආකර්ෂණීය ලෙස අති උත්කර්ෂවත් අන්දමින් පැවත්වුණේ සිනමා ලෝලීන්ගේ අවධානය මොහොතකට ඩැහැ ගනිමින්. වර්ෂ 1929 මැයි 16 වැනි දින ප්‍රථම වරට ඔස්කාර් සම්මාන උලෙළ පැවැත්වුණු අතර ලෝකයේ විවිධ රටවල වසර පුරා තිරගත වු චිත්‍රපට සම්මාන උලෙළේ විවිධ අංශ සඳහා තෝරා ගැනෙයි. මෙවර 97වැනි වරට පැවැත්වුණු ඔස්කාර් සම්මාන ප්‍රදානෝත්සවය සුපුරුදු පරිදි ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ලොස් ඇන්ජලීස් නුවර පිහිටි ඩොල්බි රඟහලේදී පැවැත්විණ. පැය තුනයි විනාඩි 50ක කාලයක් පුරා පැවති සම්මාන උලෙළ නිවේදනයෙන් සත්කාර කරනු ලැබුවේ විකට නළු ‘කොනන් ඕ බ්‍රයන්’ විසිනි.
ඔස්කාර් සම්මාන උළෙලේ සැමගේම දැඩි අවධානය යොමු වූ සම්මාන ත්‍රිත්වයක් වඩාත් කැපී පෙනෙන ලෙස ඉස්මතු වී තිබුණි. ඒ 2024 වසරේ ‘හොඳම චිත්‍රපටය’, ‘හොඳම නළුවා’ සහ ‘හොඳම නිළිය’ යන සම්මාන ත්‍රිත්වය හිමි කරගන්නේ කවුරුන්ද? යන වග බොහෝ දෙනා වෙත ඇති කළේ කුතුහලයකි. 2024 වසරට අදාළව හොඳම චිත්‍රපටය අංශය යටතේ’Anora’, ‘The Brutalist’, ‘A Complete Unknown’, ‘Conclave’, ‘Dune Part Two’, ‘Emilia Perez’ , ‘I am still Here’, ‘Nickle Boys’, සහ ‘Wicked’යන චිත්‍රපට නමය තේරී පත් විය. ඒ අතරින් 2024 වසරේ හොඳම චිත්‍රපටය ලෙස සම්මානයට පාත්‍ර වූයේ ‘ඒදධපච’ චිත්‍රපටයයි. ‘ඇනෝරා’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ ‘ෂෝන් බේකර්’ වසරේ හොඳම අධ්‍යක්ෂවරයා ලෙස සම්මානය දිනා ගත්තේය. ෂෝන් බේකර් ඉතිහාසගත වූයේ චිත්‍රපටයක් වෙනුවෙන් ඔස්කාර් සම්මාන උලෙළක සම්මාන හතරක් දිනාගත් ප්‍රථම පුද්ගලයා බවට පත්වෙමිනි.
එමෙන්ම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කළ ‘මිකී මැඩිසන්’ හොඳම නිළියට හිමි සම්මානය හිමි කර ගැනීමට සමත් වීම බොහෝ දෙනාගේ සතුටට හේතු විය. ‘මිකී මැඩිසන්’ චිත්‍රපටයේ නිරූපණය කළේ ‘ඇනෝරා’ නමැති ළාබාල ගණිකාවගේ චරිතයයි. අවුරුදු 25ක් වයසැති ‘මිකී’ ඉතා අඩු වයසින් හොඳම නිළිය සම්මානය හිමි කර ගැනීම ඇගේ සිනමා ජීවිතයේ තැබූ යෝධ පියවරක් බව පවසමින් විචාරකයන් ඇගයුමට ලක් කළේය. ‘ඇනෝරා’ චිත්‍රපටය හොඳම සංස්කරණය, හොඳම තිර රචනය යන සම්මාන ද්විත්වයට ද හිමිකම් කීවේ මෙවර ඔස්කාර් සම්මාන උළෙලෙහි වැඩිම සම්මාන දිනු චිත්‍රපටය ලෙස ඉතිහාසයේ ලියැවුණේ සම්මාන පහකට හිමිකමි කියමිනි.
හොඳම නළුවා සඳහා වන සම්මානය දිනා ගැනීමට විශිෂ්ට රංගවේදියකු වන ‘ඒඩ්‍ර්යන් බ්‍රෝඩි’ සමත් විය. ඒ “The Brutalist” චිත්‍රපටයේ දැක් වූ ප්‍රශස්ත රංගනය වෙනුවෙනි. ‘බෝඩි’ හොඳම නළුවා බවට පත් වූ දෙවැනි අවස්ථාව මෙයයි. මීට පෙර 2002 වසරේ දී බ්‍රෝඩි විසින් “The Pianist” නමැති යුදෙව්වන්ගේ ඛේදය නිරූපණය වූ චිත්‍රපටයේ සිදු කළ සංවේදී රංගනය වෙනුවෙන් හොඳම නළුවා සම්මානය දිනා ගත්තේය. සම්මානය දිනා ගැනීමෙන් පසු ‘ඒඩ්‍ර්යන් බ්‍රෝඩි , ඔස්කාර් සම්මාන ඉතිහාසයේ දීර්ඝතම පිළිගැනීමේ කතාව පැවැත්වීය. ඔහු විනාඩි 5යි තත්පර 40ක කතාවක් සිදු කළේ තම සිනමා ජීවිතයේ සිදු වූ මෙම විශේෂ අවස්ථාව පිළිබඳ සතුට සමරමින්. ‘බ්‍රෝඩිට’ මෙම සම්මානය හිමිවීම පිළිබඳ සොඳුරුමය අහඹු කතාවක් තිබේ. ‘බ්‍රෝඩ්’ විසින් ‘The Pianist’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කළේ පියානෝ වාදනය කරන යුදෙව් ජාතිකයකුගේ චරිතයකි. ‘The Brutalist’ චිත්‍රපටයේ ‘බ්‍රෝඩ්’ ප්‍රධාන චරිතය නිරූපණය කරනුයේ යුදෙව් ජාතික ගෘහ නිර්මාණ ශිල්පියකුගේ චරිතයකි.
හොඳම සහය නළුවාට හිමි සම්මානය “ඒ අඥචත ර්‍ථචඪද” චිත්‍රපටයේ රඟපෑ නවක නළුවකු වන ‘කියරොන් කල්කින්’ වෙත හිමි විය. හොඳම සහාය නිළිය සඳහා වන සම්මානය “Emilia Perez” චිත්‍රපටයේ නීතිඥවරියගේ චරිතය පණ පෙවූ ‘සෝ සොල්ඩානා’ දිනා ගැනීමට සමත් වූයේ එම සම්මානය දිනාගත් ප්‍රථම ඩොමිනිකන් සම්භවයක් ඇති ඇමරිකානු නිළිය බවට පත්වෙමිනි. සම්මාන 13ක් සඳහා නිර්දේශ වූ “Emilia Perez” සිනමාපටය සම්මාන දෙකක් දිනාගැනීමට සමත් වූ අතර, සම්මාන 10කට නිර්දේශ වූ ‘The Brutalist’ සිනමාපටය සම්මාන 3ක් දිනාගැනීමට සමත් විය. ඒ හොඳම නළුවා, හොඳම පසුබිම් සංගීතය සහ හොඳම කැමරා අධ්‍යක්ෂණය යන සම්මාන ත්‍රිත්වයයි. හොඳම පසුතල නිෂ්පාදන සැලසුමිකරණය හෙවත් කලා අධ්‍යක්ෂණය සම්මානය ‘Wicked’ චිත්‍රපටයට හිමි විය.
හොඳම දෘශ්‍ය ප්‍රයෝග සඳහා සහ හොඳම ශබ්දකරණය සඳහා වන ඔස්කාර් සම්මානය දිනා ගැනීමට “Dune – part 2” සිනමාපටය සමත් වූ අතර හොඳම අන්තර්ජාතික සිනමාපටය (Best International language Movie) සඳහා පිදෙන සම්මානය “I am still here” චිත්‍රපටයත්, හොඳම වාර්තාමය චිත්‍රපටය සඳහා වන ඔස්කාර් සම්මානය”No other Land” චිත්‍රපටයත් දිනාගැනීමට සමත් විය. ”අයි ස්ටිල් හියර්” චිත්‍රපටය ඔස්කාර් සම්මානයක් දිනාගත් පළමු බ්‍රසීලියානු චිත්‍රපටය බවට පත්විය. “නෝ අදර් ලෑන්ඩ්” චිත්‍රපටය ඇකඩම් සම්මානයක් දිනාගත් පළමු පලස්තීන චිත්‍රපටය වන අතර එහි සම අධ්‍යක්ෂ ‘බාසල් ආද්‍රා’ ඔස්කාර් සම්මානයක් දිනාගත් පළමු පලස්තීන චිත්‍රපට නිෂ්පාදකයා බවට පත්විය. එමෙන්ම හොඳම ඇනිමේෂන් චිත්‍රපටය සඳහා වන සම්මානය ලැටිවියා රාජ්‍යය නියෝජනය කළ “Flow” චිත්‍රපටයත්, හොඳම වේශ නිරූපණය සඳහා වන සම්මානය “The Substance” චිත්‍රපටයත් සහ හොඳම ඇඳුම් නිර්මාණය සඳහා වන සම්මානය “Wicked” චිත්‍රපටයත් විසින් දිනාගනු ලැබී ය. “Wicked” චිත්‍රපටය වෙනුවෙන් ‘පෝල් ටෙස්වෙල්’ හොඳම ඇඳුම් නිර්මාණය දිනාගත් පළමු කළු ජාතිකයා විය. මෙවර ඔස්කාර් සම්මාන උලෙළ සමස්තයක් ලෙස සම්මාන බෙදී යාම පිළිබඳ බහුතරයක් දෙනා සතුටට පත් විය. විශේෂයෙන් හොඳම චිත්‍රපටය, හොඳම නිළිය සහ හොඳම නළුවා යන සම්මාන ත්‍රිත්වය හිමිවීම සම්බන්ධයෙන් ප්‍රේක්ෂකයන්ගෙන් ධනාත්මක ප්‍රතිචාරයක් හිමිවිය. සංක්‍රාන්තික ලිංගික ප්‍රජාව පිළිබඳ කියැවෙන ‘Emilia Perez’ චිත්‍රපටය සම්මාන 13ක් වෙනුවෙන් නිර්දේශ වීම පිළිබඳ බොහෝ දෙනාගෙන් එල්ල වී තිබුණේ දැඩි විරෝධයකි.
මලින්ත විතානගේ