Home » ආදරය දෝතින් තුරුලු කරගත් හිරු ස්ටාර්

ආදරය දෝතින් තුරුලු කරගත් හිරු ස්ටාර්

by Thanushika
January 23, 2025 10:28 am 0 comment

ශ්‍රී ලාංකේය රියැලිටි ටෙලිවිෂන් ඉතිහාසයේ සුවිශේෂ ඉසව්වක් සනිටුහන් කරමින් හිරු මාධ්‍ය ජාලය 2025 වසරේ සිය රියැලිටි වැඩසටහන් පෙළෙහි පළමුවැනි උත්කර්ෂය හිරු ස්ටාර් සීසන් 4 අවසන් මහා තරග පසුගිය දින රාත්‍රිය ප්‍රවීණ රූපණවේදී රවීන්ද්‍ර රන්දෙණිය, රංගන ශිල්පී හා ලේඛිකා ප්‍රීති රන්දෙණිය, ප්‍රවීණ රංගන ශිල්පිනී ස්වර්ණා මල්ලව ආරච්චි සමග හිරු මාධ්‍ය ජාලයේ සභාපති රෙනෝ ද සිල්වා ඇතුළු ආරාධිතයන් රැසකගේ සහභාගිත්වයෙන් කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී අති උත්කර්ෂවත් ලෙස පැවැත්විණි.

එයට සමගාමීව ප්‍රවීණ කලාවේදීන් තිදෙනෙකු වන ප්‍රවීණ ගායන ශිල්පී ගීත කෝකිලා ලතා වල්පොල, ප්‍රවීණ ගායන ශිල්පී ආචාර්ය සුජාතා අත්තනායක, ප්‍රවීණ ගායන ශිල්පී ආචාර්ය වික්ටර් රත්නායක යන තිදෙනා ඇගයීම් සම්මානයෙන් පුද කෙරිණ.

අවසන් මහා තරගය සඳහා තරග වැදුණේ ශිවන්ත ආශ්,නේසර සෙනෙවිරත්න සමඟ අශාන් කපුගෙදර, චමෝද් කනිෂ්කයි.

තරග බිම උණුසුම්කරමින් හිරු star season 4 අවසන් මහා තරග රාත්‍රිය ප්‍රවීණ කලාකරුවන් විද්වතුන් සහ හිරු ස්ටාර් ලෝලි ප්‍රේක්ෂකයන් පිරිවරා පසුගිය 18 වැනි සෙනසුරාදා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී වීඩියෝ ප්‍රාකාරයේ ඉහලට ඔසවමින් සීයට අනූ හයක ප්‍රතිශතයක් ලබාගෙන කිරුළ හිමි කරගනු ලැබුවේ අනුරාධපුරේ චමෝද් කවිෂ්කයි.

[email protected]

සටහන සහ සේයාරූ - නිශ්ශංක විජේරත්න

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT