නිවස කළා පුවත් අපේ ප්‍රින්සිපල් දින 100 සමරයි

අපේ ප්‍රින්සිපල් දින 100 සමරයි

by Manjula
March 21, 2024 12:44 pm 0 comment

ක්‍රිෂ් ඇන්තනි අධ්‍යක්ෂණය කළ අපේ ප්‍රින්සිපල්. සිනමා පටය ඊ ඒ පී ප්‍රදර්ශක මණ්ඩලය තුළ ඉතා සාර්ථක ලෙස තිරගත වෙමින් අද දින 100 පසුකරයි. අද 21 දින වැල්ලවත්ත සැවොයි ප්‍රිමියර් සිනමා ශාලාවේදී සිනමා පටය නැරඹීමට පැමිණෙන ප්‍රේක්ෂකයන් හා සිනමාපටයට සම්බන්ධ රංගන ශිල්පී ශිල්පිනියන් ද එක්ව දින 100 සැමරීමේ විශේෂ උත්සවයක් පවත්වනු ලබයි. එම අවස්ථාවට ටිකට් පතක් රැගෙන පැමිණි ප්‍රේක්ෂකයන්ටද සහභාගි වීමට එහි සංවිධායක මණ්ඩලය අවස්ථාව උදාකර දී ඇත. මෙම සිනමා පටය උපුල් ධර්මසේන සමඟින් ඉන්දික විමලරත්න නිෂ්පාදනයකි.

අපේ ප්‍රින්සිපල් සිනමා ශාලා 45 කට අධික ප්‍රමාණයක මේ වන විට ඉතා සාර්ථකව ප්‍රදර්ශනය වේ. ප්‍රේක්ෂකයන් ලක්ෂ එකහමාරකට අධිකව නරඹා ඇති අතර තවමත් නොනැවතී ප්‍රේක්ෂකයන් සිනමා ශාලා වෙත ඇදී එනු ඇති බවයි සිනමා ශාලා හිමියන් සරසවියට සඳහන් කළේ.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT