Home » හද සෙනෙහේ චමත්කාරය

හද සෙනෙහේ චමත්කාරය

“සුළඟ නුඹ ඇවිදින්”

by Thanushika
November 28, 2024 9:21 am 0 comment

ගාලු කොටුවේ සුවිසල් මැදුරක හුදකලාව ජීවත් වන ලිලී නම් වූ ඇය නවකතාකාරියකි. හුදකලාවට හේතු වූ ඇයගේ එකම අපේක්ෂාව, තමාට අහිමි වූ සිය 08 හැවිරිදි දියණියව සොයාගැනීමයි. සුරත් විශ්වවිද්‍යාල ආචාර්යවරයෙකි. ලිලීගේ “අපරාජිත ජීවිතයක්” නවකතාව කියවූ සුරත් යම් පැහැදීමකට පත්ව, ලිලීට සමීප වීමට උත්සාහ දරයි. ඇය ඊට ප්‍රතිචාර නොදක්වයි. එනමුදු ඔවුනට නොදැනීම ඔවුන් ආත්මීය ආදරයකට මුල පුරති. විවාහකයෙකු වූ සුරත්ට ද 08 හැවිරිදි දියණියක සිටී. ඒ දියණිය හදාගත් දරුවෙකි. ඔහු ද බිරිඳගෙන් දුරස්ව සිටී. කලකට පසුව සුරත් ලිලීට විවාහ යෝජනාවක් ගෙන එයි. ලිලී පිළිකා රෝගයෙන් පෙළෙන නිසා එම යෝජනාවට අකමැති වෙයි. කල්පනාවේ නිමග්නව සිටි මොහොතක හදිසියේම ඇයගේ ජීවිතය ගැන සන්තාපයක් හටගනී. සුරත් සමග විවාහ වීමට ඇය තීරණය කරන්නේ ඒ අනුවය. ඔවුන් හමුවීමට නියමිත වූ දින අනපේක්ෂිත ලෙස සිදුවූ අනතුරකින් සුරත් මිය යයි. සිතුවිලි අතර අතරමං වන ඇය සුරත්ගේ දියණිය භාර ගැනීමට තීරණය කරයි. ලිලීට සිය එකම දියණිය හමුවේද? සුරත් හදාගත් දියණියගේ මව කවුරුන්ද? යනු ප්‍රේක්ෂකයාට මතු දිනක විසඳා ගැනීමට හැකි වනු ඇත.

සම්මානනීය ප්‍රවීණ නිර්මාණකරුවෙකු වූ ඔහු, ටෙලි නාට්‍ය හා චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක්, කවියකු, ගීත රචකයකු, ග්‍රන්ථ කතුවරයකු ,රංගන ශිල්පියෙකු, වෙළඳ දැන්වීම් නිර්මාණකරුවෙකු හා රූපවාහිනී මාධ්‍ය ක්ෂේත්‍රයේ දැවැන්තයෙකුද වෙයි. “නුඹ විතරක් තළ එළලුයි” වේදිකා නාට්‍ය තුළින් කලා ක්ෂේත්‍රයට පිවිසෙන ඔහු, “විකෘති”, “කුස පබාවතී”, “චිත්‍රාගේ ප්‍රේම කතාව” ඇතුළු වේදිකා නාට්‍ය කිහිපයකටම සිය රංගන දායකත්වය දක්වා ඇත.ලොව වටා රූපවාහිනී නාලිකා 27කට අධික ප්‍රමාණයක විකාශය වූ “අඹ යාළුවෝ” ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය කරමින් පුංචි තිරයට පිවිස පසුවදී, “මඩොල්දූව”, “හඳයා”, “නාමල්ගොල්ල”, “සංගිලි පාලම”, “චන්ද්‍රග්‍රහණය”, “වංකගිරිය”, “දියමංකඩ” හා “සුළඟ මහමෙරක” වැනි ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත් නිර්මාණ රැසක් ඔහු විසින් නිර්මාණය කරන ලදී. විරාගය චිත්‍රපටයේ රංගනයට එක්වෙමින් සිනමා ක්ෂේත්‍රයට පිවිසෙන ඔහු “එළිවෙන දවස” නමින් චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කළද එය තිරගත කිරීමට නොහැකි විය. ඉන් නොසැලුණු ඔහු පසු කලෙක “තරණය”(1997) සහ “උඩුගංයාමය” (2006) චිත්‍රපට නිර්මාණය කරමින් ප්‍රේක්ෂකයා අතරට ගෙන ආ අතර “උඩුගංයාමය” සම්මාන රැසක් ලබා ගැනීමට සමත් විය. “සුළඟ නුඹ ඇවිදින්” ඔහුගේ සිව්වන සිනමා නිර්මාණයයි. ග්‍රන්ථ කතුවරයෙකුද වූ ඔහු, අඹ යාළුවෝ ටෙලි නාට්‍ය තිර රචනය, සැබෑ කලාව, කිතුනු ඇදහිල්ල, කිතුනු දේශනාව වැනි කෘතීන්ද, අරවින්ද, ඉල්මහේ පියෙක්, දුක් සැප කුමන්දා, සඳ එළිය මැදියමක් වැනි කාව්‍ය ග්‍රන්ථ ද ඉදිරිපත් කිරීමට සමත් වූ අතර, වචනයේ පරිසමාප්ථයෙන්ම ඔහු කුසලතා නිර්මාණවේදියෙකි.

රංගන දායකත්වය

ශ්‍යාම් ප්‍රනාන්දු, ලක්ෂ්මි දමයන්ති, රොජර් සෙනෙවිරත්න, තරින්දි ප්‍රනාන්දු, චමිලා පීරිස්, ආනන්ද අතුකෝරාල, ධර්මප්‍රිය ඩයස්, ආනන්ද වික්‍රමගේ, මාධනී මල්වත්තගේ, අංජුලා රාජපක්ෂ, සුදාරක ජයසේන, සමන් ගුණවර්ධන, නිමල් ජයසිංහ, විරාජ් පෙරේරා, දිසිනි යුහන්සා, සිසිල් බුලත්සිංහල, මධුර ගුණවර්ධන, කේ.සී. කොඩිතුවක්කු, මොලීනා ගුණවර්ධන

කාර්මික තොරතුරු

තිර රචනය සහ අධ්‍යක්ෂණය – සුදත් දේවප්‍රිය

නිෂ්පාදනය – ලක්ෂ්මි දමයන්ති

විධායක නිෂ්පාදනය – සිසිල් බුලත්සිංහල

කැමරා අධ්‍යක්ෂණය – සිසිකිරණ පරණවිතාන

සංස්කරණය – ජගත් වීරතුංග

සහය අධ්‍යක්ෂණය – සුසන්ත හේමචන්ද්‍ර

දෙවන සහය අධ්‍යක්ෂණය – නිලුක්ෂාන් ඒකනායක

සහය කැමරාකරණය – මුදිත විතාන, රජිත නුවන්

කලා අධ්‍යක්ෂණය – චන්දන නිශාන්ත

කලා සහය – සුරංග කුරුප්පු

අංග රචනය – ශානක විරාජ් දසනායක

අංග රචනා සහය – සදීප ලක්ෂාන්

සංගීත අධ්‍යක්ෂණය – නවරත්න ගමගේ

ගී පද රචනය – සුදත් දේවප්‍රිය

ගීත ගායනය – විශාරද ලක්ෂ්මි දමයන්ති

ඇඳුම් නිර්මාණය – ගයනි චතුරිකා

ශබ්ද පරිපාලනය – අරුණ ප්‍රියන්ත කළුආරච්චි

වර්ණ සංයෝජනය – දිනිඳු ජාගොඩ

පසුබිම් හඬ – මාරියෝ ආනන්ද, රුමේලියා බෙනඩික්

ප්‍රධාන ආලෝකකරණ ශිල්පී – කීර්ති වසන්ත

නාමාවලි නිර්මාණය – මෝලා සෙනෙවිරත්න, චමත් පරණවිදාන

ඉංග්‍රීසි උපසිරැසි – අංජලී සුලක්ඛනා

අමතර ශබ්ද ප්‍රයෝග – ඩබ්ලිව්.ඩී. පොඩිරත්න

දර්ශන තල පටිගත කිරීම – අරුණ සංජය

සංගීතය පටිගත කිරීම – සඳරු ගමගේ

කැමරා උපකරණ – මැජික් ලැන්ටන්

දෙබස් පටිගත කිරීම – ද වීඩියෝ ටීම්

[email protected]

 

ඇන්ටන් ජේ.ප්‍රනාන්දු

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT