ආලියා සුසෑන් පොලිස් පරීක්ෂකවරියකි. ඇය පිරිමින් වසඟයට ගන්නාසුලු රූ සපුවකින් හෙබි තැනැත්තියකි. දිනක් නිවසේ තනිවම සිටින අවස්තාවකදී හදිසියේම “සෝණා” නම් අථභූත අපරාධකරුවකු ඇයගේ නිවසට ඇතුළු වෙයි.
ඇය තම සහයක පොලිස් නිලධාරීන් සමඟ සෝණා පිළිබඳ සොයායෑමේදි, මේවන විට සේවයෙන් පහ කරන සිටින ශ්‍රීකාන්ත් විජේබණ්ඩාර නම් හිටපු ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු මුණගැසීමට සිදුවන්නේ සෝණා පිළිබඳ තොරතුරු ඇත්තේ ශ්‍රීකාන්ත් ළඟ පමණක් නිසාමය.
සෝණා පිළිබඳ සොයායන පරීක්ෂණයේදී ඇයට මාෂා නම් පුද්ගලයකු වටා පරීක්ෂණය සිදුකරන්නට සිදුවන්නේ තවතවත් මේ නූල් බෝලය පැටලෙමිනි.
මාෂා හා සෝණා යනු කව්රුන්ද.?
සෝණා ආලියාගේ නිවසට පැන්නේ ඇයි.?
ශ්රීකාන්ත්ව සේවයෙන් පහ කර තිබෙන්නේ සෝණා නිසාද.?
ශ්‍රීකාන්ත් ආලියාට උදව් කරයිද.?
මාෂා හා සෝණා අතර සම්බන්ධය කුමක්ද.?
ප්‍රභල දේශපාලන සබඳතා ඇති පාතාල නායක ලියෝගේ සම්බන්ධය කෙබඳුද.?
ත්‍රාසය, කුතුහලය පිරි අතිශය යාවත්කාලීන වූ රූපණ හා ශබ්ද රීතියක් සමඟින් ජාත්‍යන්තර මට්ටමේ සිනමා අත්දැකීමක් විඳගන්න “සෝණා” නමින් නවතම සිනමාපටයක් රූපගත කරන අවස්ථාවකට සහභාගී වන ලෙස දුරකතන ඇමතුමක් ලැබෙන්නට විය. ඒ ආ ඇමතුම ඇසෙන නෑසෙන ගානට පැවසුවේය.
ඔයාලා අපි ගැන එක එක්කෙනාගෙන් තොරතුරු අහගෙන බොරු වැල්වටාරම් ලියන් නැතුව, පාතාලයත් එක්ක පොලිසිය ගහන ගේම් එකක් ගැන දැනගන්න මම කියන වෙලාවට පැය භාගයකට කලින් මම කියන තැනට එන්ඩ වෙලාවට. කරකවලා උඩ දාපු බෝලයක් වගේ මම අන්දුන් කුන්දුම් කිසිවක් කරකියා ගත නොහැකිව තත්පර ගාණක් වෙලා කනේ එක පැත්තක් හොලවන්න ගත්තේය.
මේ බව කාට හරි දැනගන්නට ලැබුණොත් එහෙම අපි සියලු දෙනාටම හතර රියන අයිති වෙන බවනම් දැන ගත්තොත් හොඳයි කියලත් කියන්න අමතක කළේ නැහැ. පොළොව රත් කරලා අවුකූටය මතුවන රස්නය ඇඟ පුරාම වැදිලා දා බිදු වැටුණේ අකලට වැටෙන වර්ෂාවක් වැනි ස්වභාවයෙනි.මම ආයතනයේ වාහනයකින් නොගොස් කුලී රියකින් අදාළ තැනට පෑලියගොඩ වටරවුම පසුකර ළඟා වුනෙමි. කොළඹ මීගමුව ප්‍රධාන මාර්ගය ලෙස හඳුන්වන ස්ථානයට යාබදව
වම් ඉවුරේ කැලණි ගංමිටියාවතත් දකුණුපස වහලය පමණක් පෙනෙන අතහැර දමා ඇති විවිධ මාදිලියේ වාහන සමඟ ප්‍රධාන දොරටුවට පෙනෙන ගොඩනැගිලි සමූහයකි. යකඩ බට දෙකක් බැඳ උස් පහත් කරන ප්‍රධාන දොරටුව ඉදිරිපස කළු කලිසම සහ කළු ෂර්ට් ඇඳ ගත් තරුණයන් කීප දෙනෙක් දක්නට විය. හරි අපේ වැඩේටද මහත්තයා ආවේ මෙතන ඉඳන් අපේ වාහනේ ඇතුළට යන්න පුළුවන් ඔය වාහනේ ඇතුළට යන්න බැහැ, විධානයක් වැනිය. ත්‍රාසයට වැඩිය භීතිය හිත ඇතුළේ කැකෑරෙමින් අදාළ පාළු ගොඩනැගිලි සංකීරණයට ඔවුන් කැටුව ගියේය. අක්කර ගණනාවකින් යුතු මේ බිමේ පාතාලේ ක්රියාකාරකයන්ගේ නවාතැන් තිප්පොලක් බඳුය. බලන බලන හතර වටේම අති සුඛෝපභෝගී හා විවිධ මාදිලියේ විවිධ වර්ගයේ වාහන පාවිච්චියට නොගෙන ගාල්කර ඇති බවයි පෙනෙන්නට තිබුණේ. කළු ඇදුම් ඇඳ ගත්තත් තරුණයන් විවිධ වෙස් ගෙන කඩු, කිනිසි, පොරෝ ඔවුන්ගේ අත්වල දක්නට තිබුණේ. තිගැස්සුණු මනසක් ඇතිවූ විට අත යටින් බලන්නාක් මෙන් ඔවුන් දෙස බැලුවේ අඳුරන මුහුණු එතන සිටිනවාදැයි සිතමින්ය. අඳුරන මූණු එතන සිටියත් එකවිටම අඳුරා ගැනීමට නොහැකි වාතාවරණයක් ද එතැන උදාවී තිබුණි. කොන්ක්‍රීට් බිත්ති වලට වැදි ගිගුරුම් දුන් නිසියාකාරවම හඳුනාගැනීමට නොහැකි වූ රෞද්‍ර හඬත් වේගයෙන් එල්ල කළ පා පහරකින් තරුණයෙකුගේ විලාපය මුළු පරිසරයම දෙදරා ගියේය. තරුණියක් තරුණයෙකුට මෙච්චර කෲර ලෙස පහර දෙන්නට තරම් ඇය එතනට ගෙන ගියේ කවුදැයි කියන ප්‍රශ්නයත් මා තුළ මතුවිය. ඒ මොහොත සිතා වටපිට බලනවාත් සමඟම ඇක්ෂන් කට් කියන හඬ පමණයි මට ඇසුණේ.
මේ පොලිසිය සමඟ පාතාලය කරන ගනුදෙනුව කියන්නට එතනට ආරාධනාව කර ඇත්තේ ප්‍රවීණ සටන් අධ්යක්ෂ හා සිනමා නිෂ්පාදක රංගන ශිල්පී වසන්ත කුමාරවිලයි. ඒ පසුගිය දවසක හමුවීමේදී කළ කතාබහකිනි. නව පරපුරේ අධ්යක්ෂවරයකු වන ශාන් ජයරත්නගේ ඇක්ෂන් කට් කියන හඬ ක්ෂේත්රයට අලුත් මුහුණුවරක් ගෙනාවත්, ටෙලි නාට්‍ය කලාවට ඔහුගේ මුහුණුවර හා හඬ අලුත් නොවේ. පසුගිය දිනවල අවසන් වූ අක්ෂි ටෙලිනාට්‍යයේ අධ්යක්ෂවරයාද වන්නේ ඔහුයි. මේ වන විට ටෙලි නාට්‍ය පහක් අධ්‍යක්ෂණය කර අවසන්. මේ ඔහුගේ පළමු සිනමා නිර්මාණයයි.
මේ සිනමාපටයට මූලික අඩිතාලම වැටෙන්නේ අක්ෂි ටෙලි නාට්‍යය හරහා වසන්ත අයියත් මාත් අතර සිදුවූ කතාබහක් නිසයි. වසන්ත අයියට ඕන වුණේ ඒජබඪධද ඊඩපඪතතඥප ත්‍රාසය මුසුකරමින් ක්‍රියාදාම සිනමාපටයක් නිර්මාණය කිරීමයි. ලෝක සිනමාවේ අද වන විට ක්‍රියාදාම හා ත්‍රාසජනක සිනමාපට නිර්මාණය වීමේ ප්‍රවණතාවය වැඩියි. අපේ සිනමා කර්මාන්තයේ එවැනි සිනමා පට නිර්මාණය වීම දක්නට ලැබෙන්නේ කලාතුරකින්. හොඳ සටන් අධ්‍යක්ෂකවරු සිටියත් ඔවුන්ගෙන් ප්‍රයෝජන ක්ෂේත්රයක තමයි මෙවැනි නිර්මාණයක් කරන්න මමත් වසන්ත අයියත් අදහස් කළේ. ත්‍රාසය භීතිය කුතුහලය සමඟ ආදරයක්ද මේ කතාව පුරාම දිවෙනවා. “සෝණා”කියන්නේ හරියට පළමුවැනි රූප රාමුවේ ඉඳන් අවසන් රූප රාමුව වන තෙක් කුතුහලය ගෙන එන්නේ ඊළඟ මොහොතේ මොකක්ද වෙන්නේ ඊළඟ මොහොතේ මොකක්ද වෙන්නේ කියලා ප්‍රේක්ෂකයා සිත ඇතුළේ සිනමාත්මක ලෙස ක්‍රියාදාම හා ත්‍රාසය විඳීන්නට ඉඩ සැලැස්වීම තමයි සෝණා සිනමා පටයෙන් සිදුවන්නේ. වසන්ත කුමාරවිල කියන සටන් අධ්‍යක්ෂකවරයාගෙන් හොඳ ප්‍රයෝජනයක් මේ සිනමා පටයට මම ගත්තා කියලා හිතනවා. මේ සිනමා පටයට සම්බන්ධ වන කාර්මික ශිල්පීන් ගැන සඳහන් කළොත් කතාව සහ අධ්‍යක්ෂණය මගේ අතින් සිදු වෙනවා.
නිෂ්පාදනය, මහීතරු ප්රඩක්ෂන්ස් තිර රචනය, ප්‍රියනාත් විදානපතිරණ, නිලංක ඇලෙක්සැන්ඩර් කැමරා අධ්‍යක්ෂණය, චානක සංජීව සංස්කරණය සහ වර්ණ සංයෝජනය, ගිෂාන් ප්‍රභාත් තෙන්නකෝන් සංගීත අධ්‍යක්ෂණය, විහඟ මුතුතන්ත්රිගෙ ශබ්ද සැලසුම්කරණය, සසික රුවන් මාරසිංහ වේශ නිරූපණය සහ කොණ්ඩා සැකසීම, චමිර සම්පත් සහය අධ්‍යක්ෂණය, තරිඳු ආරච්චිගේ නිෂ්පාදන කළමනාකරණය, ඩිලාන් රොෂාන් කියන ශිල්පීන් අපි සිනමා පටය සඳහා යොදාගත්තා.
රංගන ශිල්පීන් තෝරා ගැනීමේදීත් සිනමාපටයට අදාළ චරිත සියල්ලම අපි තිර පිටපතට අනුකූලව තමයි සිදුකරලා තියෙන්නේ. ක්ලීටස් මෙන්ඩිස්, මොරීන් චාරුනී, වසන්ත කුමාරවිල, චින්තක වාස්, අනුරාධ මල්ලවආරච්චි, පැතුම් විදානගමගේ හඳුන්වාදෙන මියෝනා ද සිල්වා, නිපුන් ෆර්නැන්ඩෝ
දිල්කි දිසානායක, ගාවින්ධ නවරත්න යන සියලූම ශිල්පීන් මේ වෙනුවෙන් පූර්ණ කැප කිරීමක් කළා. ක්ෂේත්රයේ සමබරව නිර්මාණකරණයේ යෙදෙමින් වැඩි නැඹුරුතාවයක් සිනමාවට දීම තමයි මගේ එකම බලාපොරොත්තුව. සිනමා පටය රූපගත කිරීම් අද වන විට සියල්ල අවසන් වී තිබෙනවා. ඉදිරි දින කිහිපයේ අපි පසු නිෂ්පාදන කටයුතු සිදුකිරීම තමා ඊළඟ අරමුණු වී තිබෙන්නේ. සිනමා පටයේ සියලු වැඩකටයුතු අවසන් වූ පසු දෙසැම්බර මාසයේ ඇමරිකාව, ඕස්ට්‍රේලියාව හා එංගලන්තයේ ඇතුළු රටවල් කිහිපයක ප්‍රදර්ශනය කිරිමට මේ වන විට කටයුතු සූදානම් කරලයි තිබෙන්නේ.
‘සෝණා’ සිනමා පටයේ කැමරා අධ්යක්ෂවරයා ලෙස කටයුතු කරන්නේ චානක සංජීවයි. සංජීව ද මේ සිනමා පටයට සම්බන්ධ වන්නේ අක්ෂි ටෙලි නාට්‍ය හරහා වසන්ත කුමාරවිල සහ ශාන් ජයරත්න සමඟ ගොඩනඟාගත් සම්බන්ධතාවය නිසාය.දර්ශන තලයේ කාර්යය බහුල පුද්ගලයෙක් ලෙස සිටි චානක වෙනස්ම කතාවක් සිනමා පටය ගැන කියාගෙන ගියේය. සිනමාවට මම තවම අලුත් කැමරා අධ්‍යක්ෂකවරයෙක්, වාර්තාමය චිත්‍රපට ගණනාවකම මගේ කැමරා ඇස සනිටුහන් වෙලා තියෙනවා. ඒත් ත්‍රාසජනක හා ක්‍රියාදාම සිනමා පටයකට කැමරා අධ්‍යක්ෂණය යන භූමිකාවෙන් සහභාගිවන පළමුවැනි නිර්මාණය වන්නේ මෙයයි. සිනමා ක්ෂේත්රයට වැඩක් කළා කියලා මට ඇත්තටම දැනුණේ මේ නිර්මාණයෙන්. ච්ර්ණර්ථ කෙනෙකු ලෙස කිසිදු විටක වර්ගීකරණයකට කොටුවෙලා නිර්මාණකරණය මම යෙදෙන්නේ නැහැ.කලා ක්ෂේත්රයේ තියෙන ඕනෑම නිර්මාණයකට මගේ දායකත්වය සපයන්න මම සූදානම් වෙනවා ච්ර්ණර්ථ කෙනෙකු ලෙස. අධ්‍යක්ෂකවරයා නිෂ්පාදකවරයා යන භූමිකාවල මේ සිනමා පටය රූපගත කිරීම් දින15ක් 20ක් වගේ කාලයක් අවසන් වන තුරු මගේ කණ්ඩායම හොඳ සහයෝගයක් දුන්නා. සිනමා පටයක් රූපගත කරන කොට පොඩි පොඩි බාධා ඇතිවුණත් ඒ බාධාවල් මැඩගෙන අපි හොඳ සහයෝගයෙන් සිනමාපටය අවසන් කළා ඒ ගැන නිහතමානී සතුටක් දැන් හිත තුළ තියෙන්නෙ.
සටන් අධ්යක්ෂවරයා ලෙස කටයුතු කරන වසන්ත කුමාරවිල සෝණා සිනමා පටයේ විශේෂ දර්ශන තලයේදී ඔහු හමුවන්නේ පොලිසිය හා මැර කල්ලි සමඟ විසඳාගත නොහැකි ප්‍රශ්න සමූහයකට මැදි වී විසඳුම් සොයා ගැනීමට යෙදෙන ප්රයත්නයකයි. වසන්ත සිනමා පටය ගැන ප්‍රේක්ෂකයන් සියලු දෙනාටම කියන්නේ සිනමා පටය තිරගත වන දිනය තෙක් නොවිසිල්ලෙන් ඉන්න කියලයි. නව පරපුරේ දක්ෂ අධ්යක්ෂවරුන් සිට තරුණ පිරිසක් සමඟ මේ සිනමාපටයට වැඩ කරන්න ලැබීම ගැන මා නිහතමානීවම සතුටු වෙනවා. හරිම දක්ෂ තරුණ පවුරක් මේ සිනමා නිර්මාණය වටා එකතු වුණේ. සිනමාවේ නැවුම් හැරවුම් ලක්ෂ්‍යයක් ලෙස මේ සිනමා පටය තිරගතවන දිනට දකින්නට පුළුවන් වෙනවා කියලා මම කියනවා. අක්ෂි ටෙලි නාට්‍ය හරහා හමුවන තරුණ අධ්‍යක්ෂවරයකුවන ශාන් ජයරත්නට ටෙලි නාට්‍ය කලාවට වැඩිය සිනමා ක්ෂේත්රයට ආ යුතු පුද්ගලයෙක් නිසා මහී තරු නිෂ්පාදනයක් ලෙස මෙය අධ්‍යක්ෂණය කරන්නට මම ආරාධනා කළා. ප්‍රවීණ රංගන ශිල්පීන් සහ සිනමාවට හඳුන්වා දෙන ආධුනික ශිල්පීන් රැසක් මෙහි රංගනයේ යෙදෙනවා. දැනටමත් සියලුම ප්‍රේක්ෂකයන්ගේ කතා බහට ලක්වෙලා තියෙන්නේ සෝණා කවදාද එන්නේ, සෝණා කියන්නේ කවුද කියන කුතුහලයයි. සටන් ජවනිකා හතරක්, ගීත ගායන තුනක් සමඟ ප්රවීණයන්ගේ ආශිර්වාදය මැද සියලු කාර්යයන් අලුත් පරම්පරාවේ නිර්මාණාත්මක සිනමාපටයක් ලෙස ලබන වසරේ තිරගත කිරීමටයි අදහස් කරන්නේ.
කොන්ක්‍රීට් බිත්තිත්, තැන තැන ගාල්කර විසිරී තිබුණු වාහනවලටත් ඇයගේ හඬ දෙදරුම් කමින් පරිසරයම ගිගුම් දුන්නේය. මේ දර්ශන තලයට මා පැමිණෙන විට. එදින ඇගේ රූප රාමුවේ පළමු කොටස විය හැකිය. කාකි කලිසමත් සුදු කමිසයත් ඇඳ බූට් සහ බඳ පටි තද කරගෙන යකෙකුටවත් බය නැති ගැහැනියක් ලෙස මම එදා ඇය දුටුවේය. ඇගේ පය පහර වැදුණු තරුණයා එලොවත් මෙලොවත් නැතුව කෑ මොරසන් දුන්නේ බූට් සපත්තුවේ වේගය එතරම්ම දරුනු බැවිනි. සේවයෙන් පහව යන පොලිසියේ ර්ණධ්ඛ්ගේ තනතුරට නැවත පත්වෙන්නේ කාන්තා චරිතයකි. අලිසා ශූෂැන්ය ඒ ඇගේ සෝණා සිනමා පටයේ නමයි. ඒත් ඇය සිනමාවට හඳුන්වා දෙන සිනමා පටයේ ප්‍රධාන භූමිකාවයි. මියෝනා ද සිල්වා. මම කලා ක්ෂේත්රයට පිවිසෙන්නේ නිරූපණ ශිල්පිනියක් ලෙසයි. ඉන්පසු මම ඹ්භදඨඪ ඳභඥඥද කියන පැජෙන්ට් එකට යවපු වීඩියෝ එකක් වෛරල් වෙලා, ඒභඤඪබඪධද එකක් කරලා තමයි වසන්ත සර්ව මම මේ සඳහා තෝරා ගන්නේ. ඉන්පසු මාස තුනක් පමණ මම මාධනී මල්වත්ත මැඩම් ගාව ට්‍රේන් වුණා. පසුව වසන්ත සර්ගේ අලුත් වැඩකට සම්බන්ධ වෙලා ඉන්න විට තමයි මේ වැඩේට මාව සම්බන්ධ කරගන්නේ. මගේ පළමු නිර්මාණය වන්නේද සෝණා. ඉංග්‍රීසි භාෂාවෙන් අධ්‍යාපන හදාරපු නිසා සිංහල භාෂාව පරිහරණය කිරීමේදී උච්චාරණය කිරීමේදී මට නොයෙක් ගැටලු තිබුණත් අධ්‍යක්ෂකතුමාගේ මඟ පෙන්වීමෙන් චරිතයට ප්‍රවිෂ්ට වෙන්නට මට අවස්ථාවක් උදා කරලා දුන්නා. කැමරාවට මුහුණ දීමේ නුහුරු බව නිසා ප්‍රශ්න මුලින්ම මතුවුණත් මගේ අධිෂ්ඨානය නිසා චරිතයට ප්‍රවිෂ්ට වෙලා සාධාරණයක් කරා කියලා හිතනවා.
සාධාරණය යුක්තිය වෙනුවෙන් සමාජගත වී රාජකාරිය කරන ඔහු අවංක පොලිස් ස්ථානාධිපතිවරයෙකි. එහෙත් අවංක භාවයේ ප්‍රතිමූර්තිය ඔහුගේ රාජකාරිය බිඳ දමයි. වැඩ තහනමකට ලක්වී ගෙදර යන ඔහු අවංක භාවයේ සිතුවිල්ලෙන් ජීවත් වෙමින් සිවිල් පුරවැසියෙකු ලෙස සමාජගත වී සිටි. ජරා ජීර්ණ වූ සමාජයේ දේශපාලනය පාතාලය රජ කරයි. ඔහුගෙන් පසු පොලිසියට පැමිණෙන ස්ථානාධිපතිවරිය ඔහුගේ සහාය පතා පැමිණීමත් සමඟ සිදුවන්නේ කෙබඳු දෙයක්ද? යන ප්රශ්නය ඉතිරි කරමින් මේ කතාව ඉදිරියට ගෙන යයි. මෙහි එන ඊළඟ ප්‍රධාන භූමිකාව වන්නේද ඔහුයි. පැතුම් විදානගමගේ මේ පැතුම්ගේ හතර වැනි සිනමා සම්ප්‍රාප්තිය යි. මම මේ සිනමා පටයට සම්බන්ධ වන්නේ මෙහි නිෂ්පාදන ආයතනය හරහායි. මීට ප්‍රථම මම කළ සිනමා පට තුනම තවමත් තිරගත වී නොමැත. ඒ සිනමා පට තුනත් මේ සිනමා පටයත් ගත්තාම ක්‍රියාදාම ත්‍රාසජනක චිත්‍රපටයක් ලෙස මම මෙහි කළ චරිතය ගොඩක් මට වටිනවා. සමාජයට යම් චරිතයක් හරහා හොඳ දෙයක් කරන්න පුළුවන් නම් රංගන ශිල්පියෙක් හැටියට මට හොඳ අවස්ථාවක් මෙයින් උදාවුණා. අධ්යක්ෂතුමා හා නිෂ්පාදක කණ්ඩායම හොඳ එකමුතුවකින් මේ සිනමා පටයේ අවසානය වන තෙක් කටයුතු කළා. මෙහි සියලු පසු නිෂ්පාදන කටයුතු අවසන් වී තිරයට එනදාට සේවයෙන් පහකරපු පොලිස් නිලධාරියාගේ වගකීම කුමක්ද කියලා බලාගන්න පුළුවන්වෙයි කියලා හිතනවා.
දින ගණනාවකින් පසුව ක්‍රියාදාම හා ත්‍රාසජනක සිනමා පටයක දර්ශන තලයක් ආවරණයෙන් එහි සිදුවන කාර්යභාරයන් කොටස් වශයෙන් වෙන්කර ලියා නිම කළ නොහැකි වුවත් එයට පණ පොවන රංගන ශිල්පීන් සහ ප්‍රධාන භූමිකා කිහිපයක් ගෙන එහි ඇතුළාන්තය සැකෙවින් පැහැදිලි කරන්නට හැකි විය. එළඹෙන වසරේ තිරගත වීමට නියමිත සෝණා සිනමාපටයේ පසු නිෂ්පාදන කටයුතු මේ වන විට ආරම්භ කොට ඇත.ප්‍රේක්ෂක ඔබත් මමත් තිරගත වන දිනය තෙක් මෙහි කුතුහලය රඳා පවත්වාගමු.
සටහන සහ සේයාරූ – නිශ්ශංක විජේරත්න