68
ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදිනියක සහ නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ පුරෝගාමී චරිතයක් වූ සීතා රංජනී අභාවප්‍රාප්ත වූවාය. මියයන විට ඇය 70 වැනි වියේ පසුවිය.
රූපවාහිනී සහ ගුවන් විදුලි මාධ්‍යවේදිනියක ලෙස සිය මාධ්‍ය මෙහෙවර ඉටුකළ ඇය ලේඛිකාවකි. කිවිඳීයකි. වසර 37 කට අධික කාලයක් මාධ්‍ය ක්ෂේත්රයේ සක්‍රීය සමාජිකාවක් ලෙස කටයුතු කරඇත.
1954 මාර්තු මස 8 දා අනුරාධපුර පෙරිමියන්කුලම ප්‍රදේශයේ උපත ලද සීතා රංජනී සහෝදර සහෝදරියන් හයදෙනෙකුගෙන් සමන්විත පවුලේ වැඩිමහල් දරුවා විය.
ඇගේ අවසන් කටයුතු පසුගිය 18 දා සවස කටුකැලියාව සුසාන භූමියේදී සිදුකරන ලදි .
- නයනාංජලී