2016 වසරේ එළිදැක්වූ මෝටර් බයිසිකල් තම ප්‍රථම චිත්‍රපටය සඳහාම ජාතික හා අන්තර්ජාතික සම්මාන රැසකින් පිදුම් ලැබූ ශමීර නාඔටුන්නගේ දෙවැනි නිර්මාණය වන ‘සිහින නෙළුම් මල්’ දින 50 පසුකරයි. වරුණ අරඹගේ නිෂ්පාදනයක් වන මෙය දිවයින පුරා සිනමාහල් 47කට වැඩි මේවන විට ප්‍රදර්ශනය වෙයි.
හේමාල් රණසිංහ, දුෂේනි සිල්වා ප්‍රධාන චරිතයන්ට පණ පොවන අතර, උමාලි තිලකරත්න, ශ්‍රියාණි අමරසේන, වීණා ජයකොඩි, කලණ ගුණසේකර, දයාදේව එදිරිසිංහ, ප්‍රියන්ත සෙනෙවිරත්න, ලාල් කුලරත්න ඇතුළු පිරිසක් සෙසු රංගනයෙන් එක්වෙති.
විශ්වජිත් කරුණාරත්න ගේ කැමරා අධ්‍යක්ෂණයෙන් ද, රවීන්ද්‍ර ගුරුගේ සංස්කරණයෙන් ද, මිලින්ද තෙන්නකෝන් ගේ සංගීත අධ්‍යක්ෂණයෙන් ද, කලා අධ්‍යක්ෂණයෙන් ධම්මික හේවාදුවත්ත ද, අංග රචනයෙන් බුවනෙක රණවකද, සහය අධ්‍යක්ෂණයෙන් දමින්ද ඩී. මඩවල ද, ගීත ගායනයෙන්, ශෂිකා නිසංසලා, මිහිඳු ආරියරත්න, අමිල පෙරේරා සමඟින් ආශ්කා කුලතුංග සහ නිශ්චල ඡායාරූපකරණය අමාල් රෝස්ගෙනි.