ශ්‍රී ලංකාවේ පාසල් ඉතිහාසයේ ප්‍රථම වතාවට සිදු කළ අපූරු ප්‍රසංගයක් කොළඹ 07, සිරිමාවෝ බාලිකා විද්‍යාලය මඟින් පසුගිය දින බණ්ඩාරනායක අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි. ඒ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්, තිලකා ජයසුන්දර, හිටපු ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න සමඟ විදුහල්පතිනි ආචාර්ය ජේ. සුමේධා ජයවීර ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක්, ආචාර්ය මණ්ඩලය සහභාගී වූහ.
මෙම විශේෂ ප්‍රසංගය 06 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සියලුම දැරියන් පළමු වතාවට ලැබු අත්දැකීමක් විය. මෙම ප්‍රසංගයේදී දැරියෝ 1700 ක් විවිධ නිර්මාණ තුළින් දක්ෂතාවන් පෙන්වූහ.
සටහන සහ සේයාරූ – නිශ්ශංක විජේරත්න
nissankamax@gmail.com