ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී සිරි කහවලයන්ගේ 83 වැනි ජන්ම දිනයට සමගාමීව පැවැති සිරි අසිරි ප්‍රණාම උලෙළ කොළඹ ආනන්ද විද්‍යාලයීය කුලරත්න ශාලාවේදී පැවැත්විණ.
මේ උලෙළට කලාකරුවන් මාධ්‍යවේදීන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ. එදින ඔහුගේ උපන්දිනය වෙනුවෙන් උපන්දින කේක් කපා සුභපැතුම් පිරිනැමුණු අතර ඔහුගේ ජීවන මග ඇසුරින් සිරි කහවල ප්‍රතිභාන්විත ග්‍රන්ථය එළිදැක්විණ. එය ප්‍රවීණ මාධ්‍යවේදිනි හේමාලි විජේරත්නගේ සංස්කරණයකි. මෙදින ප්‍රධාන දේශනය සරසවිය පුවත්පතේ ප්‍රධාන කර්තෘ ආචාර්ය නුවන් නයනජිත් කුමාර විසින් සිදු කරන ලදී. මෙම උත්සවය සංවිධානය කළ නිදහස් කලා සන්ධානයේ අභිමන් එහිදී සිරි කහවලයන්ට පිරිනැමුණු අතර තවත් විවිධ කලා සංවිධානයන් හි උපහාර ඔහු වෙනුවෙන් එහිදී පිරිනැමිණ. නිදහස් කලා සන්ධානයේ සභාපති ප්‍රවීණ සිනමා හා ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ සුදත් රෝහණ, ලේකම් මෙලනි අශෝකා හා භාණ්ඩාගාරික සරත්චන්ද්‍ර මුතුබණ්ඩා ඇතුළු කලා සන්ධානයේ සාමාජිකයෝ මෙහි සංවිධායන කටයුතු සිදු කළහ.
‘සිරි අසිරි’ ප්‍රණාම උලෙළ
90
previous post