ගතානුගතිකත්වයෙන් මිදුණ වර්තමාන තාරුණ්‍යයේ නිර්මාණකරුවන් සිනමාව පිළිබඳව දකින සමහර කෝණයන් ගැඹුරු චිත්තාවිෂය ඉක්මවා ගියද සිනමාරූපීබවෙහි අඩුවක් නොවීමට ඔවුන් දරනා වෑයම ප්‍රශස්ථය. “ඉථඪතඥ” සිනමා නිර්මාණයද එවැන්නෙකි. කාල රිද්මයානුකූල පුද්ගල පෞරුෂත්වයේ විවිධ වූ පැතිකඩයන් නිරීක්ෂණයට බඳුන් කර ඇති “ඉථඪතඥ” කුතුහලය කැටිකළ මනෝවිද්‍යාත්මක ශානරයට අයත් සිනමා කෘතියකි. විශේෂිත වූ චරිත හයක් කේන්ද්‍ර කර ගනිමින් දිගහැරෙන මෙම කෘතියට මූලික බීජය වී ඇත්තේ හීනෝන්මාදය සහ මානසික විපරිතභාවයට ලක් වූ රෝගී පුද්ගලයෙකි. ඔහු එම රෝගයනට ලක්වීමට ප්‍රථම ඔහුගේ ජීවන තත්ත්වය එම රෝගයට ගොදුරු වීමට හේතු වූ සාධකයන් මෙන්ම රෝගය වැලඳීමෙන් පසුව ඔහු වෙතින් සමාජය වෙත එල්ල වන බලපෑම සිනමානු රූපීව පෙන්වා දෙන අතර, එම රෝගය උත්සන්න වීමත් සමඟම ඝාතකයකු වන ඔහු, සමාජය තුළ කෙතරම් භීෂණයක් වපුරයිද යන්න “ඉථඪතඥ” තුළ අන්තර්ගතව ඇත. එක් එක් දිශානතියන් ඔස්සේ කුතුහලය හා භීතිය රඳවා තබා ගනිමින්, අවසානය කෙබඳු වේදැයි නොසිතන මානයකට ප්‍රේක්ෂකයා රැගෙන යාමට අධ්‍යක්ෂකවරයා ක්‍රියා කර ඇත.
අන්තර්ජාතික සම්මාන දහතුනකින් සහ ඇගැයීම් රැසකින් පිදුම් ලැබූ “ජ්චජඥ” කෙටි චිත්‍රපටය නිර්මාණය කරමින් 2022 වසරේ කලා ක්ෂේත්රයට අවතීර්ණ වූ පැතුම් මහගමගේ අධ්‍යක්ෂණය කරනු ලබන ප්‍රථම වෘත්තාන්ත සිනමා නිර්මාණය ලෙසින් “ඉථඪතඥ” සිනමා තිරයට එක්වීමට නියමිතව ඇත. රංගනය පිළිබඳව ධ්ථනචඵ ආයතනයෙන් දීර්ඝ හැදෑරීමක් ලද ඔහු, රංගන ශිල්පියෙකු සේම තිර පිටපත් රචකයෙකුද වෙයි. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨයෙන් විශේෂ උපාධිය අවසන් කිරීමෙන් පසු, මේ වන විට නීතිවේදී ගෞරව උපාධිය හදාරමින් සිටී. ඔහු රංගනයෙන් දායක වූ ”ආයුතම්” දේශීය දමිළ සිනමා පටය ඉදිරියේදී තිරගත වීමට නියමිතව ඇති අතර, නවතම සිනමා නිර්මාණයක් සඳහා පෙර නිෂ්පාදන කටයුතුවල මෙම දිනවල නිරතව සිටී.
කාර්මික දායකත්වය
තිර රචනය සහ අධ්‍යක්ෂණය – පැතුම් මහගම
නිෂ්පාදනය – සිටි ඔෆ් ලයිට් ප්‍රඩක්ෂන්
කැමරා අධ්‍යක්ෂණය – ශේන් කෝල්මල්
සහය කැමරාකරණය – ඩිලාන් කෲස්
සහය අධ්‍යක්ෂණය – මධුශාන් ඇන්තනි
දෙවන, තෙවන සහය අධ්‍යක්ෂණය – සචින් සෙන්දිල් කුමාරන්, හර්ෂ බොනී
සංස්කරණය සහ වර්ණ සංයෝජනය –
අකිල ශමේන්ද්‍ර
පසුබිම් සංගීතය සහ ශබ්ද සැලසුම්කරණය – ඔෂාන් විරාජ්
අංග රචනය – සඳුනිකා පවිත්‍රා
අංග රචනා සහය – ඩිලාන් කෲස්
ඇඳුම් නිර්මාණය – සිටි ඔෆ් ලයිට්, සඳුනිකා පවිත්‍රා (සහය)
කලා අධ්‍යක්ෂණය – දසුන් නිර්මාණ
කලා අධ්යක්ෂණ සහය – මධුශාන් ඇන්තනි
නිෂ්පාදන කළමනාකරණය – විරංගා ගුණරත්න
නිර්මාණශීලී සැලසුම්කරු – නාරද දිසානායක
පර්යේෂණ නිලධාරී – දිනුජය ජයසංඛ
නිෂ්පාදන සහකාර – මලිත් ප්‍රමෝද්
පසුබිම් හඬ – විහංගනා ගුණවර්ධන
ආලෝකකරණය – ඩිලාන් කෲස්, ශේන් කෝල්ටන්
නිශ්චල ඡායාරූප – ශේන් ෆොටෝග්‍රැෆි
දෙබස් පටිගත කිරීම – ඔෂාන් විරාජ්
දෘශ්‍ය ප්‍රයෝග – නාරද දිසානායක
රංගන දායකත්වය
පැතුම් මහගම, විපුල් කුමාර, හර්ෂ බොනී, තිනෙව් රන්සිතු (ළමා), සඳුනිකා පවිත්‍රා, මදුශාන් ඇන්තනි