Home » සිනමාවේ සරත් සමය නිෂ්පාදන කළමනාකාර සරත් විජේසේකර ඇගැයුම 10 වැනිදා

සිනමාවේ සරත් සමය නිෂ්පාදන කළමනාකාර සරත් විජේසේකර ඇගැයුම 10 වැනිදා

පෙ.ව 10.30 ට මහගෙදර ප.ව 2.30ට විරාගය සුදර්ශියේදී

by Thanushika
August 7, 2025 12:30 am 0 comment

ජ්‍යේෂ්ඨ සිනමා සහ ටෙලිනාට්‍ය නිෂ්පාදන කළමනාකාර සරත් විජේසේකර ඇගැයීම් උලෙළ අගෝස්තු 10 වැනිදා කොළඹ බෞද්ධාලෝක මාවතේ සුදර්ශී ශාලාවේදී පැවැත්වේ.

මෙම උලෙළට සමගාමීව එදින උදෑසන 10.30ට මහගෙදර, සවස 2.30 ට විරාගය චිත්‍රපට ද්විත්වය ප්‍රදර්ශනය කෙරේ. එදිනම සවස 6 .00ට පැවැත්වෙන ඇගැයීම් උලෙළෙහි ප්‍රධාන දේශනය පවත්වනු ලබන්නේ ප්‍රවීණ රංගවේදී සනත් ගුණතිලක විසිනි. ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ සුදත් රෝහණ , ප්‍රවීණ රංගවේදිනී ශ්‍රියාණි අමරසේන සහ ජනප්‍රිය නිළි සේමිණී ඉද්දමල්ගොඩ සහ කළුතර දේශීය කලා හවුලේ සභාපති ලාල් ෆොන්සේකා මහතා එහිදී අදහස් දැක්වීමට නියමිතය.

නිෂ්පාදන කළමනාකාර සරත් විජේසේකර ඇගැයීම් උත්සවය සහ සිනමා දැක්ම සංවිධානය කරනු ලබන්නේ සිංහල සංස්කෘතික ආයතනයේ සභාපති සමන්ප්‍රිය මාරසිංහ ඇතුළු සංවිධායක මණ්ඩලය විසිනි.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT