ක්ලැරන්ස් විජේවර්ධනයන්ගේ අසූ දෙවන ජන්ම දිනය වෙනුවෙන් විශේෂ උපහාර උත්සවයක් පසුගියදා ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ කාසල්හිදී පවත්වන ලදි. එයට සමගාමීව ‘ක්ලැරන්ස්’ Rhythm of the Guitar චිත්‍රපටය එහිදී ප්‍රදර්ශනය කරන ලදි.
මෙම අවස්ථාව සඳහා එහි නිෂ්පාදක, කැන්ඩි සිටි සෙන්ටර් අධිපති තුසිත විජයසේන, ක්ලැරන්ස් විජේවර්ධනයන්ගේ දියණිය අමිලා විජේවර්ධන, කැන්ඩි සිටි සෙන්ටර් හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී තරිඳු විජයසේන, ජනප්‍රිය රංගන ශිල්පිනියන් වන ජීවරාණී සහ ශිරාණී කුරුකුලසූරිය සහභාගී වූහ.
එමෙන්ම චිත්‍රපට සහ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂකවරුන් වන ආචාර්ය මහේෂ් බණ්ඩාර, චම්පා බුද්ධිපාල සහ සිසිල් ගුණසේකර අදීහුද මෙම අවස්ථාවට පැමිණ සිටියහ.