පසුගියදා ඉන්දියාවේ හයිඩ්‍රාබාද් රවීන්ද්‍ර භාරතී ශ්‍රවණාගාර විනිශ්චය සභාවේදී ශ්‍රී ලාංකික, ඉන්දීය සහ කැනඩා කලාකරුවෝ සංස්කෘතික ප්‍රසංගයක් ඉදිරිපත් කළහ.
එහිදී ශ්‍රී ලාංකික නර්තන ශිල්පිනියක් වූ ශ්‍රී ලංකා යුද හමුදා සංස්කෘතික කණ්ඩායමේ ඉන්දීය නර්තන අංශ ප්‍රධානි මේජර් වෙරෝනිකා දසනායක සහ ඇයගේ ශ්‍රී බ්රින්ධාවන් කතක් කේන්ද්‍රයේ නර්තන ශිල්පීන් සහ ශිල්පිනියන් ඊට එක් වූහ. එහිදී ජනිදු චමත්, ඉරේෂා ප්‍රනාන්දු, තිළිණි භාග්‍යා, උදයන්ත සිරිසේන, හිරුදිනි ආරියවංශ, ගයානි ද සිල්වා, දම්සිලුණි කන්නන්ගර, සහ ආධිත්‍ය අබේරත්න යන අය සහභාගි වූහ. ප්‍රසංගයෙන් පසු ඔවුන් ඇගයීමකටද ලක් කෙරිණ.
මෙම සිංගිඩි සංස්කෘතික නර්තන ප්‍රසංගය සංස්කෘතික දෙපාර්තමේන්තුව සහ හයිඩ්‍රබාද් ආචාර්ය නමිදි හරේ ක්‍රිෂ්ණා සහ විශ්වකර්ම යනාදීහු සංවිධානය කළහ.