Home » සසර සංචාර චාරිකාව

සසර සංචාර චාරිකාව

by Mahesh
January 9, 2025 12:30 am 0 comment

“සඳකඩ” මෙරට මුද්‍රා නාට්‍ය කලාව, වෘත්තාන්ත සිනමා නිර්මාණයක් ලෙස එළි දැක්වෙන ප්‍රථම අවස්ථාවයි. භෞතිකවාදී ලෝකයේ පවතින ආකර්ෂණීයත්වයේ පැටලී සිටින තාරා නම් ගැහැනු ළමයෙකු කේන්ද්‍ර කර ගනිමින් “සඳකඩ” නිර්මාණය වී ඇත. තාරා බාලයේ පටන් ඇයගේ ආත්මයම මිමුනු නර්තනය ඇය සිය ජීවිතය කර ගත්තාය. ඇයගේ කතාව බොහෝ විට මතුපිටින් නොපෙනෙන සේම, අවධානය වෙනතකට යොමු කරවන සුලු, අනන්‍යතාවය සහ සම්බන්ධතාවයන් මානව ගවේෂණශීලි ලක්ෂණ පෙන්නුම් කරවන්නක් විය. භෞතිකවාදයේ සිට ආධ්‍යාත්මික පිබිදීම දක්වා වූ වර්ධනය පිළිබිඹු කරමින්, ඇයගේ නර්තනය හැඟීම්වල සංධ්වනියක් පින්තාරු කිරීමට සමත්විය. මෙම කතාවේ ආරම්භය සනිටුහන් වන්නේ මව්වරුන් දෙදෙනෙකුගේ ඉටු නොවූ සිහින තුළ මුල් බැසගත් නර්තනයට ඇති රහසිගත ආශාවත්, එයට පවුල්වාදයෙන් මතුවන විරෝධතාවයත් නිසා එකියක, ඇයගේම රිද්මයානුකූල උද්යෝගය දරා ගත නොහැකි වූ තැන, නර්තන සංදර්ශනයනට සහභාගි වීමෙන් සැනසීමක් ලබන්නට උත්සුක වන්නීය. ආධ්‍යාත්මිකත්වයට නෛසර්ගිකව සම්බන්ධ වූ කලාකරුවා දිව්‍ය මූලාශ්‍රයකට තට්ටු කරමින් සිටින ආධ්‍යාත්මික ශක්තිය සඳහාම වන මෙවලමක් බඳු වේ. එසේම, “සඳකඩ” ජීවිත නර්තනයේ ගුප්ත සංහිඳීයාව පිළිබඳ නිර්මාණාත්මක විවරණයක් ද වෙයි.

ප්‍රවීණ සම්මානනීය කැමරා ශිල්පියෙකු වන විශ්ව බාලසූරිය “සඳකඩ” සිනමා නිර්මාණයෙන්, චිත්‍රපට අධ්‍යක්ෂවරයකු ලෙසින් ද ක්ෂේත්‍රයට එක්වී සිටී. බාල වියේ ගායකයෙකු වීමට සිහින මැවූ ඔහු, නර්තන ශිල්පියෙකු, චිත්‍ර ශිල්පියෙකු, සහය අධ්‍යක්ෂවරයෙකු, වාර්තා චිත්‍රපට සහ රූපවාහිනී දැන්වීම් නිර්මාණකරුවෙකු, නිශ්චල ඡායාරූප ශිල්පියෙකු සහ චිත්‍රපට නිෂ්පාදකවරයෙකු ලෙසින්ද සිනමාවට විශාල දායකත්වයක් දක්වා ඇත්තෙකි. 2010 වසරේදී නිශ්චල ඡායාරූප ශිල්පියෙකු ලෙස ක්ෂේත්‍රයට එක්වන විශ්වා, 2011 වර්ෂයේ දී ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් වෙත යන ඔහු රෙඩ් ඩිජිටල් කැමරාකරණය පිළිබඳ පුළුල් හැදෑරීමක නිරතව, නැවත මෙරටට පැමිණ එම තාක්ෂණය මෙරට ප්‍රචලිත කිරීමට පුරෝගාමී වූවා පමණක් නොව, ඔහු උගත් ශිල්පය මෙරට සිනමාකරුවන් වෙත දායාද කිරීමටද මූලිකව කටයුතු කළේය. විශ්වා විසින් කැමරා අධ්‍යක්ෂණය කරමින් නිෂ්පාදනය කරන ලද “සෙවණැලි” සිනමා පටය නිව්යෝක්හි පැවති, ලේක් චැම්ස්ලේන් සිනමා සම්මාන උළෙලේදී හොඳම කැමරා ශිල්පියාට හිමි සම්මානය දිනා ගැනීමට සමත් වූ අතර, එම සම්මානය දිනාගත් මෙරට ළාබාලතම කැමරා ශිල්පියා බවටද ඔහු පත්විය. “සුනාමි” සහ “සරිගම” චිත්‍රපට වෙනුවෙන්ද හොඳම කැමරා ශිල්පියා ලෙසින් සම්මානයට පාත්‍ර වූ විශ්ව “මින්නු”, “ජංගි හොරා”, “සංසාරේ දඩයක්කාරයා”, “සිංහබාහු” සහ “ආසු” යන චිත්‍රපටවලද කැමරා අධ්‍යක්ෂවරයා විය. ඉදිරියේදී තිරගත වීමට නියමිත “මේඝ”, “බරතලී”, “කපුටු කොහෝ” සහ ජාත්‍යන්තර සිනමා නිර්මාණයක් වන “Magic Monkey Paw” සහ “Christmas in Colombo” යන චිත්‍රපට ද විශ්වගේ කැමරාකරණයෙන් හැඩවී ඇත.

කාර්මික දායකත්වය
අධ්‍යක්ෂණය සහ කැමරාකරණය – විශ්ව බාලසූරිය
මුද්‍රා නාට්‍ය අධ්‍යක්ෂණ සහ නර්තන වින්‍යාසය –
ආචාර්ය චන්න විජේවර්ධන
සංස්කරණය – විශ්ව බාලසූරිය, අනුර බණ්ඩාර
පළමු කැමරා ක්‍රියාකරු – පුලින්ද කැකුලාවල
දෙවන කැමරා ක්‍රියාකරු – කසුන් චාමර
කැමරා සහය – සමාහිත හේවාගම, සුරේෂ් කුමාර, කසුන් පෙරේරා
ආලෝකකරණ අධ්‍යක්ෂණය – ධනුෂ්ක චානක පෙරේරා (ලයිට් හවුස්)
ඇඳුම් නිර්මාණය – ආචාර්ය චන්න විජේවර්ධන
ඇඳුම් සැපයීම – මිචෙල් විජේසූරිය, ධනංජය බණ්ඩාර,
සුජීවා ප්‍රනාන්දු, හිරාන් විජේසේකර, ලොවී
සංගීත අධ්‍යක්ෂණය සහ මිශ්‍රණය – රංග දසනායක
නිශ්චල ඡායාරූප – සාගර ලක්මාල් ද මෙල්
වීඩියෝකරණය – රවීන්ද්‍ර මුණසිංහ
නිෂ්පාදන සම්බන්ධීකරණය – ලශිනි මුණසිංහ
වේදිකා පරිපාලනය – උපාලි ආරියසිරි
නිල කේෂාලංකරණය සහ රූපලාවණ්‍ය සහකරු –
අවීරා හෙයා ඇන්ඩ් බියුටි
නිල විද්‍යුත් මාධ්‍ය සහකරු – ඉමජිත් වීඩියෝ
දෘෂ්‍ය ප්‍රයෝග අධ්‍යක්ෂණය සහ අධීක්ෂණය – සමින්ද වතවනවිතානගේ, බුද්ධික විජේරත්න (360 ප්‍රඩක්ෂන් පුද්ගලික සමාගම)
පසුතල නිර්මාණය – දෙව්නුවන් ජයවීර, දිල්ෂාන් ලියනපතිරණ
දෘෂ්‍ය ප්‍රයෝග නිර්මාණකරුවන් – බුද්ධික විජේරත්න,
නිර්මාල් ධනංජය
දෘෂ්‍ය ප්‍රයෝග සංස්කරණය – රන්ජන් ප්‍රසද්, දිනිඳු චාමිකර
ඉසව් සජීවීකරණ ප්‍රතිවාදනය – නිර්මාල් ධනංජය

ඇන්ටන් ජේ.ප්‍රනාන්දු

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT