Home » සරා සුසුම් වැඩ නිමයි

සරා සුසුම් වැඩ නිමයි

by Thanushika
May 22, 2025 9:49 am 0 comment

” අක්ෂි” ටෙලි නාට්‍ය හරහා ප්‍රේක්ෂක ආකර්ෂණය දිනා ගනිමින් “මේන් කැරැක්ටර් ” හා ” වීදුරු තිර” පුංචි තිරයට ගෙන ආ ශාන් ජයරත්නගේ දෙවන සිනමා නිර්මාණය “සරා සුසුම්” චිත්‍රපටයේ සියලු රූ ගත කිරීම් මේ වන විට නිමකර ඇත. මෙහි ශලනි තාරකා, අඛිල ධනුද්ධර, දිනිති වල්ගමගේ, මයුර කාන්චන, අමිල කරුණානායක, චතුර රාජපක්ෂ, ලක්ෂාන් වත්තුහේවා, ප්‍රදීප් මනවඩුගේ, දනංජි තරුකා, අශෝක සේපාල ඇතුළු පිරිසක් රංගනයෙන් එක්වී ඇත. ලක්ෂාන් වත්තුහේවා තිර රචනයෙන්ද, කුලරුවන් ගමගේ කැමරා අධ්‍යක්ෂණයෙන් ද, සහය අධ්‍යක්ෂණයෙන් තරිඳු ආරච්චිගේ, නිෂ්පාදන සැලසුම්කරණයෙන් ශලනි තාරකා, නිෂ්පාදන සම්බන්ධීකරණයෙන් දනංජි තාරකා, අංග රචනයෙන් මනනුවන් රූපසිංහ, සංගීත අධ්‍යක්ෂණයෙන් විහඟ මුතුතන්ත්‍රිගෙ, වර්ණ සංයෝජනයෙන් ආනන්ද බණ්ඩාර, සංස්කරණයෙන් ගිසාන් ප්‍රභාත් තෙන්නකෝන්, ශබ්ද පරිපාලනයෙන් ශසික රුවන් මාරසිංහ, කලා අධ්‍යක්ෂණයෙන් රුවන් මලිත් පීරීස් හා ඩිලාන් රොෂාන් නිෂ්පාදන කළමනාකරණයෙන් එක්වෙති. “සරා සුසුම්” සිනේ මැජික් ප්‍රඩක්ෂන් වෙනුවෙන් ශෙරාන් ජයසිංහ නිෂ්පාදනය කරයි.

 

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT