28
ගීත රචකයන් දොළොස් දෙනකුගේ තොරතුරු ඇතුළත් සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්නගේ නවතම කෘතිය වන, ගේය කාව්‍ය කර්තෘවරු ග්රන්ථ, පසුගියදා කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී ජනගත කෙරිණි. ඉමාෂි ප්‍රකාශන ආයතනයේ අධිපති විමල් දිසානායක මෙම ග්රන්ථ ප්‍රකාශයට පත්කර ඇත. එදින පූර්විකා සටහන සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න විසින් සිදු කරන ලද අතර සංගීත අධ්‍යක්ෂණය ආචාර්ය රෝහණ වීරසිංහ ගෙනි. නිදර්ශනා ගායනා උරේෂා රවිහාරි, හර්ෂණ දිසානායක ඇතුළු පිරිස ගැයූහ.