අසීමිත දරු සෙනෙහස යදින කපුටී බිත්තර යුගලයක් සුරක්ෂිතව තැන්පත් කරන්නේ කපුටා සමගින් වෙහෙසව තැනූ ඔවුන්ගේ කැදැල්ලේය. කැදලි තැනීමේ කලාව නොදත් කොවුලා ගැබ්බර කෙවිලිය කැටිව ගොස් කපුටු යුවළ නොමැති අවස්ථාවක ඔවුන්ගේ කැදැල්ලේ බිත්තර දෙකක් තැන්පත් කර නික්ම යයි. කපුටිය විසින් තව බිත්තර දෙකක් දමන්නට ඇති බව කපුටා අනුමාන කරයි. පැටවුන් බිහිවීමෙන් අනතුරුව මව්පිය යුවල විසින් මාරුවෙන් මාරුවට පැටවුන් වෙත ආහාර ලබාදී ඔවුන් සියලු දෙනා පෝෂණය කරති. පැටවුන් ලොකු වී හඬ නඟන විට වෙනස හඳුනාගන්නා කපුටා කොහා පැටව් පලවා හැරීමට සූදානම් වූවද, බාලවියේ සිට සොයුරන්සේ එකට හැදී වැඩුණු පැටවුන් එකිනෙකාගෙන් වෙන්වීම ප්‍රතික්ෂේප කරති. ඉන් නොනවතින ඔවුහු මවුපියන්ගේ තීරණයට එරෙහිව කෑම නොගෙන උපවාසයේ යෙදෙති. පැටවුන් සිව් දෙනා මරණාසන්න වන විට එම තත්ත්වය වටහාගන්නා කපුටු කොහෝ යුවළසමගිවී පැටවුන් සමසේ රැකබලා ගැනීමට තීරණය කරති. ජන සංගීත නාද රටා සහ දේශීය නර්තන රටාවලින් මෙම නිර්මාණය අලංකාරවී ඇති අතර, සාමාන්‍ය දෙබස් ගායනා සහ නර්තනයන් ඇතුළත් සාම්ප්‍රදායික වේදිකා නාට්‍ය ශෛලිය සහ සිනමා තාක්ෂණය සම්මිශ්‍රණය වූ පර්යේණාත්මක සිනමා නිර්මාණයකි කපුටු කොහෝ.
ප්‍රවීණ සම්මානනීය සහ ආදායම් වාර්තා පිහිට වූ නිර්මාණවේදී ආචාර්ය සෝමරත්න දිසානායක සිනමාවට තිළිණ කරන නවතම සිනමා නිර්මාණයයි කපුටු කොහෝ චිත්‍රපටය. චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු මෙන් ම වේදිකා නාට්‍ය ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයෙක්, නිෂ්පාදකවරයෙක්, තිර පිටපත් සහ ගීත රචකයෙක් රංගන ශිල්පියෙකු විලසින් සිය ප්‍රතිභාව කලා ක්ෂේත්‍රය පුරා විහිදා හළ ඔහු මින් පෙරාතුව සිනමාව වෙනුවෙන් “සරෝජා ” (2000) “පුංචි සුරංගනාවි” (2002 )”සූරිය අරණ”( 2004) “සමනල තටු ” (2005 )”සිරි රජ සිරි”(2008) “සිරි පැරකුම්”(2013) “සරිගම”(2016) “සුනාමි”(2020)”ජංගි හොරා”(2021) “සිංහබාහු”(2024 ) යන චිත්‍රපට රැගෙන එන ලද අතර, වේදිකා නාට්‍ය නිර්මාණකරුවකු ලෙසින් ප්‍රථමව කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වන ඔහු 1975 වසරේදී “වෙඩික්කාරයෝ” වේදිකාවට ගෙන එන ලදි. “මීපුර වැසියෝ “ද ඔහුගේ වේදිකා නාට්‍ය නිර්මාණයකි. ඉන් අනතුරුව පුංචි තිරය හා සම්බන්ධ වන ඔහු” පුංචි පැටව්”, “අවසඳ”, “සුවඳ කැකුළු”, “ඉටිපහන්” යන ටෙලි නිර්මාණ හරහා ප්‍රේක්ෂකයා වෙත වඩාත් සමීප විය. ඔහු කළ බොහෝ නිර්මාණ ළමයින් වෙනුවෙන් ඉදිරිපත් කළ නිර්මාණ වීමද ඔහු සතුවූ නිර්මාණාත්මක විශේෂත්වයකි.
රංගන දායකත්වය
සිහේලි තූර්යා (කොහෝ නංගී), “රුසිරු විදූනිත (කොහෝ මල්ලි), රදින් රන්දිව් (කපුටු අයියා), සනුලි දුල්සේයා (කපුටු අක්කා )අභිලාශි සංතුෂ්කි (කපුටු අම්මා), ඩිලාන් සමරවික්‍රම (කපුටු තාත්තා), හර්ෂණ දිසානායක (කොහෝ තාත්තා) අමන්ද්‍යා උත්පලී (කොහෝ අම්මා)
කාර්මික දායකත්වය
තිර රචනය ගීත රචනය සහ අධ්‍යක්ෂණය – ආචාර්ය සෝමරත්න දිසානායක
නිෂ්පාදන කළමනාකරණය සහ නිෂ්පාදනය -රේණුකා බාලසූරිය
කැමරා අධ්‍යක්ෂණය- විශ්වා බාලසූරිය
සංස්කරණය -අජිත් රාමනායක
සහය අධ්‍යක්‍ෂණය- චාමර සේලාර
වර්ණ සංකලනය- ආනන්ද බණ්ඩාර
ශබ්ද සංකලනය -සසික රුවන් මාරසිංහ
අංග රචනය -විදුර අබේධීර
කලා අධ්‍යක්ෂණය – ජනක ප්‍රසාද්
නර්තන අධ්‍යක්ෂණය- චන්දන වික්‍රමසිංහ
වස්ත්‍රාභරණ නිර්මාණය- නිර්මාණී කුලායා ප්‍රනාන්දු
සංගීත අධ්‍යක්ෂණය- මහාචාර්ය සමන් පනාපිටිය
ගීත ගායනය- ඩිලාන් සමරවික්‍රම හර්ෂණ දිසානායක ලක්ෂණා ලක්මිණි, අමන්ද්‍යා උත්පලී, චෙනිත සන්තිෂ්, ලන්දු සෙට්ටිනායක, ලක්දම් ලයනිත, සිහේලි තූර්යා
ප්‍රධාන රංගාලෝක ශිල්පී – මහේෂ් ගුණරත්න
රංගාලෝක සහය- ප්‍රසන්න සම්පත්, ඩී.එස් විජේසිංහ
අංගරචනා සහය – මදුසංක දිසානායක, නිමේෂ් චතුරංග
කලා අධ්‍යක්ෂණ සහය- චන්දන ප්‍රියංකර
නිෂ්පාදන සහය -පැතුම් දිනුක චානක නිරෝෂන් ද සිල්වා, තිසල් ජන්තිල, ඊ.එම්.ආර්. එච්. ඩී. ඒ. එස්. බණ්ඩාර
සංගීතය පටිගත කිරීම – අනුර රණසිංහ
කොණ්ඩා මෝස්තර – නදීකා ගුණවර්ධන
දෙවන කැමරා ශිල්පී – කසුන් චාමර
කැමරා සහය -අසංක මුණසිංහ, සහීෂ තමෝද්
කැමරා නාභිගත කිරීම – හර්ෂණ කරුණාතිලක, කසුන් විමුක්ති.
ඇන්ටන් ජේ.ප්‍රනාන්දු