58
මෙරට සංගීත ක්ෂේත්‍රයේ ගාන්ධර්වරයකු වූද කොළඹ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ හිටපු කුලපතිවරයා වූ ද සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි සූරීන්ගේ 83 වැනි ජන්ම දිනය යෙදෙන එළඹෙන 15 වැනිදාට ඔහු නමින් තැපැල් මුද්දරයක් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් උඩහමුල්ල සිරි ජිනරතනාරාම විහාරස්ථානයේ ශ්‍රවණාගාරයේදී පස්වරු 03,00ට නිකුත් කිරීමට කටයුතු යොදා තිබේ.
සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි නමින් මීට පෙරද ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේදී ඡායාරූප නිරාවරණයක්ද සිදුකෙරිණ. එමෙන්ම සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ඔහු නමින් රංග ශාලාවක්ද නම් කරනු ලැබිණි.