273
ආචාර්ය නන්දා මාලිනියගේ ජන්ම දිනය සහ ශී‍්‍ර ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ශත සංවත්සරය ද මුල් කරගනිමින් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ මැදිරි අංක 09 ආචාර්ය නන්දා මාලිනි නමින් නම් කෙරේ. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් හෙට (22) වැනි දින ශී‍්‍ර ලංකා ගුවන්විදුලි සංස්ථාවේදී පැවැත්වේ. එයට සමගාමීව ඇගේ සේයාරුවක් ද නිරාවරණය කෙරෙන අතර ඉන් අනතුරුව කුමාරතුංග මැදිරියේදි විශේෂ වැඩසටහනක්ද පැවැත්වීමට කටයුතු යොදා ඇති බව සංවිධායක මණ්ඩලය සරසවියට පැවසිය.