53
බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයන් පත් කිරීම පසුගිය දින බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි විසින් බත්තරමුල්ල, සෙත්සිරිපාය අමාත්‍යංශ පරිශ්‍රයේදී සිදුකරන ලදි.
සභාපතිවරයා ලෙස කීර්ති වැලිසරගේ ද සාමාජිකයන් වශ්‍යයෙන් ආචාර්ය සසංක පෙරේරා, ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන, නාට්‍යවේදී රුවන්ති ද චිකේරා, මහාචාර්ය එස්. මෞණගුරු යන මහත්ම මහමිහු එදින පත්වීම් ලිපි භාරගත්හ.