Home » විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන් ඇගැයීමට ලක් කෙරේ

විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන් ඇගැයීමට ලක් කෙරේ

by Thanushika
December 26, 2024 12:30 am 0 comment

මෙරට විශේෂ අවශ්‍යතා ඇති ප්‍රජාවගේ අයිතිවාසිකම් තවදුරටත් ආරක්ෂා කිරීම සහ ඔවුන්ගේ සංස්කෘතික කලා රසවින්දනය වෙනුවෙන් ලැබිය යුතු අවස්ථාවන් පුළුල් කිරීම වෙනුවෙන් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ විශේෂ අවශ්‍යතා ඇති ප්‍රජාවගේ සංස්කෘතික අයිතිවාසිකම් ප්‍රවර්ධන කාර්යාංශය සංවිධානය කළ විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන්ගේ ප්‍රථම ජාතික කලා මංගල්‍යය පසුගිය දින අරලියගහ මන්දිරයේදි පැවත්විණි.

නිර්මාණාත්මක කුසලතාවයන් ඔප්නැංවීම අරමුණු කරගනිමින් පවත්වන ලද ජාතික සාහිත්‍ය සහ කලා තරඟාවලියේ දී පද්‍යරචනා, කෙටිකතා, ස්වයංචරිතාපදාන, ගීත නිර්මාණ හා ඡායාරූප යන තරඟ අංශ සඳහා සම්මාන සහ සහතික පත්‍ර ප්‍රදානය කෙරිණි.

ඒ අනුව,පද්‍ය රචනා සිංහල මාධ්‍ය ප්‍රථම ස්ථානය – එස්. පී.ජී. සඳුනි නිසංසලා ජයවර්ධන,පද්‍ය රචනා දෙමළ මාධ්‍ය ප්‍රථම ස්ථානය – සෙල්වරෙතිනම් මාණික්‍යකරසි

කෙටිකතා සිංහල මාධ්‍ය ප්‍රථම ස්ථානය – සුනිලා රත්නායක

කෙටිකතා දෙමළ මාධ්‍ය ප්‍රථම ස්ථානය – කලයියාරාසන් ඈන් අනීතා,ස්වයංචරිතාපදාන සිංහල මාධ්‍ය ප්‍රථම ස්ථානය – ජී. ඒ. නාදිශිකා මධුෂානි,ස්වයංචරිතාපදාන දෙමළ මාධ්‍ය ප්‍රථම ස්ථානය – සුරේෂ් කුමාර් දිලෝජිනි,ඡායාරූප ප්‍රථම ස්ථානය – ඒ.ඒ. ඩී. චිරන්ත හෂාන් අමරසිංහ,ගීත නිර්මාණ සිංහල ප්‍රථම ස්ථානය – යු. ආර්. ජයසුන්දර බණ්ඩාර,ගීත නිර්මාණ දෙමළ ප්‍රථම ස්ථානය සිවකුමාර් මතුමිතා යන තරඟකරුවන් සම්මානයට පාත්‍රවිණි.

පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත සිල්වා, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ලේකම් ඒ. එම්. පී. එම්. බී. අතපත්තු, අතිරේක ලේකම් තිලක් හෙට්ටිආරච්චි, සංස්කෘතික ප්‍රවර්ධන අධ්‍යක්ෂ ආචාර්ය ප්‍රසාද් රණසිංහ,බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් අනිල් අබේගුණවර්ධ යන මහත්වරු, අමාත්‍යාංශ නිලධාරීහු,විශේෂ අවශ්‍යතා ඇති ප්‍රජාව ඇතුළු රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT