විජය කුමාරතුංග 80 වැනි ජන්ම දින සංවත්සරය වෙනුවෙන් රොටරැක්ට් තරුණ එකමුතුව විසින් සංවිධානය කරනු ලබන ‘විජයාවර්ජන’ සිනෙමා දැක්ම ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනි ශාලාවේදී අද ඇරැඹේ. ඇතුල්වීම නොමිලේ. මෙහිදී තිරගතවන චිත්‍රපට මෙසේය.
ඔක්තෝබර් 09 – සවස 5.00 – තුෂාරා
ඔක්තෝබර් 10 – 5.00 මහගෙදර
ඔක්තෝබර් 11 – 4.00 පාරදිගේ
ඔක්තෝබර් 12 – 4.00 – බඹරු ඇවිත්
මෙහි සමාරම්භක දේශනය සරසවිය කර්තෘ ආචාර්ය නුවන් නයනජිත් කුමාර විසින් පවත්වනු ලබයි.
මානව හිතවාදී සහ ජනප්‍රිය නළු විජය කුමාරතුංගයන්ගේ අසූ වැනි ජන්ම දින සංවත්සරය වෙනුවෙන් ලේ දන්දීමේ පින්කමක් සංවිධානය කර ඇත. එය අද කොළඹ 05 නාරාහේන්පිට, ඇල්විටිගල මාවත පිහිටි ජාතික රුධිර මධ්‍යස්ථානයේ දී පැවැත්වේ.
විජය ජීවය පදනමේ සභාපති නිහාල් ප්‍රනාන්දු කලාකරුවාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම ලේ දන්දීමේ පින්කම සංවිධානය කරනු ලබන්නේ දේශීය සිනමා ශිල්පීන්ගේ සංගමයේ සභාපති පද්මසිරි කොඩිකාර විසිනි.