Home » විජය කුමාරතුංග 37 වැනි අනුස්මරණය දා ‘විජය සිනමා’ මිනුවන්ගොඩදී විවෘත වේ

විජය කුමාරතුංග 37 වැනි අනුස්මරණය දා ‘විජය සිනමා’ මිනුවන්ගොඩදී විවෘත වේ

by Thanushika
February 20, 2025 10:49 am 0 comment

විජය කුමාරතුංගයන්ගේ තිස්හත් වැනි ගුණ සැමරුමට සමගාමීව ඔහු නමින් සිනමා ශාලාවක් පසුගියදා ඇරැඹිණ. ඔහුට ආදරය කළ, ඔහුට පෙම් බැඳී, සිනමා ලෝලියකු වන වීරසිරි අධිකාරි මෙහි හිමිකරු විය. විජය සිනමා ජනගත කිරීම පසුගිය දින මිනුවන්ගොඩ ගල්ලෝලුව මංසන්ධියේදී සිදුකෙරුණු අතර, දී ප්‍රවීණ ජනප්‍රිය රංගන ශිල්පීන් වන ගීතා කුමාරසිංහ, සුවිනීතා වීරසිංහ, ශ්‍රියාණි අමරසේන, නදීකා ගුණසේකර, ජීවන් කුමාරතුංග, රන්ජන් රාමනායක, චූලක්ෂී රණතුංග සහ චිත්‍රපටි අධ්‍යක්ෂවරුන් නිෂ්පාදකවරුන් හා කාර්මික ශිල්පීන් සහ විශේෂ ආරාධිත අමුත්තන් රැසකගේ ප්‍රධානත්වයෙන් ඇරැඹිණ. රතු පලස මතින් බෙර සක් හඬ මැද රැඟුම් ගැයුම් සමඟ කැටුව ගොස් සිනමා ශාලාව විවෘත කෙරුණ අතර, විජය කුමාරතුංග පිළිබඳ කෙටි අදහස් දැක්වීම් පැමිණි ප්‍රවීණ රංගන ශිල්පීන් හා ශිල්පිනියන් වන ජීවන් කුමාරතුංග, ගීතා කුමාරසිංහ, ශි‍්‍රයාණි අමරසේන, සුවිනීතා විරසිංහ, ක්ලීටස් මෙන්ඩිස්, නදීකා ගුණසේකර සහ චිත්‍රපට අධ්‍යක්ෂ දිනේෂ් ප්‍රියසාද් ඇතුළු පිරිස සිදුකළහ. විජය කුමාරතුංගයන් රඟපෑ චිත්‍රපට ගණනාවක දර්ශන ඇතුළත් වාර්තා වැඩසටහනක් ද තිරගත කෙරිණි. එදින පැමිණි කලාකරුවන් සහ විශේෂ ආරාධිතයන් වෙනුවෙන් ටයිටස් තොටවත්තයන් විසින් අධ්‍යක්ෂණය කළ ‘මරුවා සමඟ වාසේ’ සිනමාපටය තිරගත කෙරිණි.

කොළඹින් ඔබ්බට ඉදි වූ V.V.I.P ආසන 30ක්ද සාමාන්‍ය ආසන 186 සමඟ ආසන 216ක් සහ Dolby 7.1 sound system සහ දැනට ලංකාවේ පවතින දෙවැනි 2k projector සමඟ සිල්වර් ස්ක්‍රීන් තිරය පවතින එකම සිනමා අංගනය වන්නේ ‘විජය කුමාරතුංග සිනමා’ ශාලාවයි.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT